ආදරනීය මලීෂා. 1

ආදරනීය මලීෂා. 1

 

 

 

 

 

 

 

 

මේ කතාව මා ඔබට කියන්නේ මලීෂා නම්වූ ලොව මට හමුවූ කරුණාවන්තවූත්, සුන්දරමවූත් ගැහැනිය පිළිබඳවයි

ඔබට මෙය අමුතුම මාදිලියේ කතාවක් වනු ඇත. ඇය මගේ පියාගේ පළමු පෙම්වතියයි. මුලින්ම මේ තේරුම් ගැනීමට ඔබට සැම්බියාව නම් වූ සුන්දර අප්‍රිකානු රටට යායුතු වේ.

මගේ සීයා ගේ නම ලුකෝනා බන්ඩාය. සීයා ඉපදී ඇත්තේ කසාබා බේ නම් වූ සුන්දර ටැන්ගනිකා විල් තීරයේය. ටැන්ගනිකා විල මහා සාගරය තරම්වූ විශාල විලකි. නේක විධ මත්සයන් ගෙන් පිරි සුනිල්වන් දියෙන් පිරි මේ විලෙහි භයානක කිඹුලන් ද ගහනය. මගේ සීයාගෙ ඇසක් අන්ධ වූයේ මෙහි පිහිනීමට ගොස් කිඹුලෙකු විසින් කා දමා බව මම අසා ඇත්තෙමි. සීයා කුඩා කල සිදුවූ මෙම අනතුරින් පසුව ඔහුට හරියාකාරව ඉගෙනීමක් ලැබී නැත. මුහුනේ ඇතිවූ විශාල සීරීම් කැළලක් හා පාදයකට සිදුවූ අනතුර නිසා මදක් කොර ගසමින් ඇවිදින්නට ඔහුට සිදුවිය. මේ කාලයේ තැනින් තැන ඇවිදිමින් කල්ගෙවන්නට ඔහුට සිදුවී ඇත. මේ අතර තුර පටේල් නම්වූ ඉන්දියානු ජාතික මහතෙකු සීයාට හමුවී ඇත. මේ හමුවීම ඔහුගේ මෙන්ම පවුලේ අන් අයගේ ද ජීවිත වලද මහත් වෙනසක් ඇති කලේය. මගේ සීයා ලුසාකා නගරයට පැමිණ ඇත්තේ මේ හමුවීමෙන් පසුවය.

Lake tanganika

 

දිනක් මගේ සීයා මෙම විල්තෙරෙහි ගීයක් ගයමින් සිට ඇත. ඔහු අත තිබී ඇත්තේ  අත් පියානෝව හා කුඩා බෙරයක් පමණි. මේ ඉන්දියානු ජාතිකයා ඔහු වෙතට පැමිණ තව ගීයක් ගයන ලෙස කාරුණිකව ඉල්ලා ඇත. එම කාරුණික ඉල්ලීම උදෙසා මනරම් ගීයක් ගයමින් පටෙල් මහතා සතුටු කරන්නට සීයාට හැකිවී ඇත. ඉතාමත් සතුටට පත්වූ පටෙල් මහතා ලුසාකා නගරයේ තිබෙන ඔහුගේ විශාල සාප්පු සංකීරනයේ වැඩට සහය වීමට සීයාට ආරාධනා කර තිබේ. එම ආරාධනාව මහත් ආදරයෙන් පිළිගත් සීයා ඊට සති කිහිපයකට පසුව නගරයට පැමිණ තිබේ.

ලුසාකාව සැම්බියාවේ අගනුවරයි. මෙම නගරය ඉතා දැකුම්කළු කුඩා නගරයකි. මෙහි වැඩි හරියක් වෙසෙන්නේ අප්‍රිකානු ජාතිකයන්ය. යුරෝපීයයන් හා ඉන්දියානුවන් ද සෑහෙන ප්‍රමාණයක් ද මෙහි ජීවත් වෙති.

මේ කාලයේ ඔවුන් ඉතා සුහදව සාමකාමීව ජීවත් වී ඇත. නගරයට පැමිනි මගේ සීයාව ඉතාම ආදරයෙන් පිළිගත් පටේල් මහතා එම විශාල සාප්පුවේම පැත්තක නවාතන් පිලියෙල කොට සීයගෙන් සිදුවිය යුතු කාර්යයන් විස්තර කොට නවාතැන් දී ඇත.  ඇසක් අන්ධ ඔහුට දැකිවූ කරුණාව හේතුවෙන් සීයා මියැදෙන මොහොත දක්වාම පටේල් මහතාට යටහත් පහත්ව සේවය කර ඇත.

දවසේ මුල් භාගය පිරිසිදු කිරීම වලටත් භාණ්ඩ නිසියාකාරව තැබීමටත් වෙන්විය. සවස් වරුවේ යන එන අයගේ ගමන් මළු වලට භාණ්ඩ දැමීමත්, අපිරිසිදුවන සාප්පුව නිතර ඇමදීමත් සීයාගේ දෛනික දින චරියාව වී ඇත. සන්ධ්‍යාවේ අත් පියානෝව වයමින් ගීත ගයමින් පාරේ යන එන්නන් සතුටු කිරීම සීයාගේ සිරිත වී ඇත. මග යන එන්නන් මොහොතක් නතරවී සීයාගේ මියුරු සංගීතයට සවන් දීම ඒ දිනවල දැකිය හැකිව තිබුණි. මෙම සංගීත සැඳෑවෝ අවුරුදු ගනනාවක්ම එලෙසම පැවතී ඇත.

 දිනක් මේ සංගීත සැඳෑව නිමා වෙමින් පවතිත්දී කුඩා යුවතියක් සීයා හමුවට පැමිණ නගරයේ යම් කිසි ස්ථනයකට යාහැකි පහසුම ක්‍රමය විමසා ඇත. ඒ අවස්ථාවේ දී වැඩි තැකීමක් නොකලද, පසු කාලයකදී මගේ ආච්චි  අම්මා වන්නේ මේ යුවතියයි. ඔහු ස්වේච්ඡාවෙන්ම ඇයව එම ස්ථානයට ගෙන ගොස් ඇරලවා තිබේ. සීයාට ස්තූතිය දැක්වූ මේ සුන්දර යුවතිය එම නිවස තුලට ගොස් තිබේ. ටික වේලාවකින් සීයා ද තම නවාතැනට පැමිණ ඇත.

සති කිහිපයකට පසුව මගේ ආච්චි අම්මා වූ ඇය ශ්‍රී ලාංකික කාන්තාවක් සමඟ සීයා සේවය කල සාප්පු සංකීරනයට පැමින තිබේ. ලුසාකා අගනුවර පිහිටි මෙම සාප්පු සංකීර්නය හැඳින්වූයේ ලිම්බාඩා නමිනි. එහි ඉතා වටිනා රෙදිපිළි ද, සුවඳ විළවුන් වර්ග ද, නොයෙකුත් තෑගි භාන්ඩ හා ගෘහ  උපකරණ රාශියක් ද විකිණීමට තබා තිබේ. ඇය දුටු විගසම ඈ හඳුනා ගෙන සීයා සමඟ කතා බහ කර තිබේ. ඇය මෙම නගරයට පැමිණ ඇත්තේ තඹ ආකර පිහිටා ඇති ප්‍රදේශයෙනි. ඇය ගේ නම මාර්තා නම් විය. මගේ සීයා ලුවාලේ ගෝත්‍රිකයෙකි. ආච්චි අම්මා බෙම්බා නම් වූ ගෝත්‍රයට අයත් ය. ඔවුනොවුන් මෙසේ හඳුනා ගැනීමෙන් පසුව දෙදෙනාම ටික කාලයක් ආශ්‍රය කර ඇත. ආච්චි අම්මා සේවය කල ශ්‍රී ලාංකික පවුල ඉතා කරුණාවන්ත පවුලක් විය.

දෙදෙනා ගේ ආශ්‍රයෙන් දෙවසරක් පිරුන පසුව පටෙල් මහතා විසින් සීයාට විවාහ වීමට අවසර දී තිබේ. මගේ ආච්චි අම්මා සීයාට බෙහෙවින් ආදරය කර ඇත. එය පළමු දැකීමෙන්ම ඇතිවූ ආදරයකි. එක ඇසක් ඇති සීයා සමඟ විවාහයට මුළින්ම ආච්චි අම්මාගේ පවුලේ උදවිය අවසර දී නොමැත. ඔවුන් අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ සීයාගේ ආබාධිත තත්වය හා සීයා පවුලෙන් වෙන්වී නගරයේ ජීවත් වීම නිසාවෙනි.  සැම්බියාවේ සංස්කෘතියට අනුව ලොබෝලා නම් වූ දෑවැද්දක් පිරිමියා විසින් ගැහැනියට දෙනු ලැබේ. මෙය බොහෝවිට හරකෙකු හෝ එළුපට්ටියක් හෝ කුකුළ් කොටුවක් වේ. මෙය මෙසේ දෙනු ලබන්නේ ගැහැනියගේ සේවය එම පවුලට අහිමි වීම නිමිත්තෙනි. සීයා සඳහා මෙම දෑවැද්ද සපයා දී ඇත්තේ ද පටෙල් මහතා විසිනි.

මුළින්ම ආච්චි අම්මා ඇයගේ ගමට ගොස් තම දෙමාපිය ආශිර්වාදය ලබා ගෙන ඇත. අකමැත්තෙන් වුවද ඇයගේ පියා මේ විවාහය සඳහා ආශිර්වාදය ලබා දී ඇත. විවාහට දින නියම කර ඇත්තේ ද ලොකු සීයා විසිනි. මෙහිදී කුස්සියේ උත්සවය හෙවත් කිචන් පාටි නම් උත්සවයක් පවත්වනු ලැබ ඇත.  මෙම උත්සවය එම රටේ ගැහැනුන් සඳහාම විශේෂිත වූ උත්සවයකි. පිරිමින් කිසිවිටකත් මේ සඳහා සහභාගී නොවේ.

මෙම අවස්ථාව ඔවුන් යොදා ගන්නේ විවාහ වන කාන්තාවට ගෙදර දොර වැඩ කටයුතු පුහුණු කිරීමටත්, තම ස්වාමිපුරුෂයා හා හැසිරිය යුතු අන්දම හා චාරිත්‍ර මනාළියට පැහැදිලි අවබෝධයක් ලබා දීම සඳහාය. වැඩිහිටි කාන්තාවන් මනාලියට අවවාද අනුශාසනා කර විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය සියළුම දෑ මෙහිදී ඉගැන්වේ.

ඉන්පසුව විවාහයට පෙර දින ඇයව සීයාගේ ගම්පලාත වන කසාබා බේ වෙත රැගෙන ගොස් ඇත. එදින ඇයට ආහාර පිලියෙල කිරීම තහනම් විය. පසු දිනට අවශ්‍ය ආහාර විශාල ප්‍රමාණයක් නොයෙක් වර්ග වලින් සාදන ලදී. බීම සඳහා ගමේ පිරිමින් විසින් ශාකයකින් ලබාගන්නා මත්වන චිබූකු නම්වූ සැර බීමක්ද, බීර විශාල ප්‍රමාණයක් ද ගෙනෙන ලදී. මුළු ගමම විවාහයකදී නටමින් ගයමින් විනෝද වේ. මේ සඳහා බෙර මහ හඬින් වයමින්, ගෝත්‍රයට ආවේනික ගීත ගයමින් සතුටු වෙති. 

සතුට, විනෝදය ගම පුරා පැතිර ගිය මේ උත් සවය මේ දුප්පත් ගම් වාසීන්ට ඉමහත් ප්‍රීතියක් ලබා දුන් බව කිව යුතුමය. පුරා දින තුනක් පැවති මෙම උත්සවයෙන් අනතුරුව ආච්චි අම්මාට ආහාර පිසීමේ දිනය උදාවිය. ඈට අවශ්‍යය වළන් හා ගින්දර ඇයගේ නැදි මයිළනුවන් විසින් හඳුන්වා දෙන ලදී. ඒ මොහොතේ පටන් ඇයට මුළුතැන්ගෙය තුලට පැමිණීමට අවසර ලැබිණ. මේ මොහොත ඔවුන් දෙදෙනාටම ඉතාම සුන්දර අවස්ථාවක් විය.

සති දෙකක් ගමේ සුන්දරත්වය විඳි ඔවුන් පටේල් මහතා විසින් සීයාට ලබා දුන් කුඩා නිවසක පදිංචියට යළිත් ලුසාකා නගරයට පැමිණ තිබේ.  මංගල උත්සවය සඳහා විය පැහැදම් දෙදෙනාගේම හාම් පුතුන් විසින් දරනු ලැබීය. එයින් දින කීපයකට පසුව දෙදෙනාම සේවයට වාර්තා කලහ. 

vilage women Zambia

දෙදෙනාගේම සමඟිය නිසා විවාහ දිවිය ඉතාම සාර්ථක විවාහ දිවියක් විය. දෙදෙනාම එක ලෙස මහන්සියෙන් වැඩ කරමින් මගේ පියාගේත් ජෙසී නැන්දාගේත් කුඩාකල ජීවිත සතුටින් ගත කිරීමට අවශ්‍යය පසු බිම සකසා ඇත.

මගේ පියා ඉපදී ඇත්තේ ඔවුන්ගේ විවාහයෙන් වසර දෙකහමාරකට පසුවය. මගේ පියාණන් නමින් චිලේෂි බන්ඩා නම් වේ. ඔහුට මාස දෙක පිරුන දා පටන් ඔහුවත් පිටේ බැඳගෙන ආච්චි අම්මා රැකියාව සඳහා ගොස් තිබේ. ඉතා කරුණාවන්තවූ ඇගේ ස්වාමිදියණිය ඇයට රිසි පරිදි රැකියාව කරගෙන යාමට අවසර දී ඇත. මගේ පියාගේ ජීවිතයේ මුල් අවුරුදු කීපය ගෙවුනේ මවගේ පහස ලබමින් ඇගේ උර මත රැඳි රෙදි උරය මතය. වැඩ කරන අතරතුර ඈ ගැයූ මිහිරි ගීත පසු කාලයකදී මට ද අසන්නට ලැබුනි. සන්ධ්‍යාවේ සීයා වැඩ නිමාවී ආච්චි අම්මාත් සමඟ සිය නිවසට පැමිණීම  ඔහුගේ සිරිත විය.

Zambia sun set

 

 

 

 

 

 

 

 

 

මෙලෙස ඔවුන්ගේ ජීවිත ඉතා දුකසේ නමුත් සාමයෙන් සතුටින් ගෙවී ගොස් ඇත.  මගේ පියා කුඩාකල ඉතා හොඳ දරුවෙකු වූ බව ආච්චි අම්මා නිතර පැවසූ බව කියනු ලැබේ. තෙවසරකට පසුව පවුලේ එකම ගැහැණු දරුවා වූ ජෙසී නැන්දා ඉපදී තිබේ.  ජෙසී නැන්දා කුඩා කල ඉතා දඟකාරියක වූ බව මගේ පියා මට පැවසූ බව මතකයේ ඇත. ඔවුන් කුඩා කල ඉතා සමගියෙන් හා කෙළිදෙලෙන් විසූ බව කියැවේ. ඔවුන් ගේ වාසය අගනුවර වූ ලුසාකාව වුවුද ඔවුන් ගේ සීයාගේ උපන් ගම වූ කසාබා බේ ප්‍රදේශය ගැන විසිතුරු නිතරම සීයා විසින් පවසන්නට යෙදුනු බව සුන්දර මතකයක්ව මගේ පියාගේ ලමා කාලයේ මතක ගබඩාවේ තිබී ඇත. තම පුතුට වයස අවුරුදු හතක් වූ කල තම උපන්ගමට යාමට කාලය යැයි සීයා විසින් තීරණය කෙරිණ. එම දිගු ගමනට සියල්ලන්ම ලක ලැහැස්ති වූයේ දින ගනනාවක සිටය. එම දිය උදාවන තෙක් සීයා සහ ආච්චි අම්මා නොඉවසිල්ලෙන් පසු වූ බව පවසා ඇත. තම දෙමාපියන් කලකට පසුව දැකීමේ ප්‍රීතියෙන් සීයා පසු වූ බව කියැවේ. 

Continue reading

Advertisements

බෙස්ට් ලයිෆ් වන්දනා සමඟ – 6 – අසිරිමත් සංකස්ස පුර වන්දනාව.

අද අපි යන්නෙ සංකස්සෙ ට යි. සංකස්ස විහාරයට අග්රාථ වල ඉඳල කිලෝ මීටර් 175 ක් පමණ තියෙනව. මේ අසිරිමත් සංකස්ස පුර වන්දනාව ටිකක් දිගයි. වෙලාව අරගෙන කියවන්න. ඔබට තෙරුවන් සරණයි! DSCF2550                       DSCF2552 අග්රාවේ අපේ කාමරය. DSCF2486 අපි උදේ 7.25 ට තමයි සංකස්ස පුරේට යන්න පිටත් වුණේ. මහ මග හරිම සුන්දර, ඒත් දුෂ්කර පරිසරයක් තමයි තියෙන්නෙ. සංකස්ස විහාරෙ තමයි අපි අද නවාතැන් ගන්නෙ. අපි යන අතර මඟ දි පිරිත් කිව්ව අපේ බස් රථයේ සිටම. අපේ අජිත් මහත්තයා හැමදාම බුද්ධ වන්දනාව කලාට අද ඒක බාර දුන්න චාලට් අක්කට. එයා ඒ කාර්ය්්ය හොඳින්ම කලා. සරත් මල්ලිත් අද අපිට පුංචි කතා ටිකක් කිව්ව. මග ගමන් මහන්සිය යන්නත් එක්ක කොච්චර හොඳයි ද? මේ වගේ දේවල්. ඒව ඉවර වෙලා කීර්ති පුතා පූජාවලියේ 525 පරිච්ඡේදය අපිට කියෙව්වා. ඒකෙ මේ අසිරිමත් සංකස්ස පුර වරුණෙ හරිම ලස්සනයි. මම බොහොම ආසාවෙන් ඒක අහගෙන හිටියා. “එ වේලෙහි මහ පිරිස මහ තෙරුන්වහන්සේට සාධු කියා පූජා කොට ‘ස්වාමීනී අප බුදුන් කවර දවස් දකුමෝ ද , කුමක් වදාළ සේක් දැ’ යි විචාළ හ. එකල මහ තෙරුන්වහන්සේ ‘උපාසක ජනයෙනි ! බුදුහු සත්වන දවස් සකස්පුර දොරට බස්නා සේක, බුදුන් දක්නා කැමති කෙනෙක් එතැනට රැස්වව’ යි වදාළ සේක. ‘ස්වාමීනී ! ඒ සකස්පුර දොර නම් මේ සැවැත් නුවරට කෙතෙක් තැන්දැ’ යි විචාළ හ. ‘උපාසක ජනයෙනි ! මේ නුවරට තිස් යොදුන කැ’ යි වදාළ සේක… ….. එ කෙණෙහි බුදුන්ගේ ආනුභාවයෙන් මහපිරිස් ආකාශයෙන් යන සක්විති පිරිසක්සේ ඉක්බිති ගෙයක් මඟුල් බලන්නට යන්නා සේ, කිසි පීඩාවකුත් නැතිව පතුල් බොලැට ගැහුමකුත් නැතිව යන්නා හු, සමහරු මුඛයෙහි තිබූ බුලතට සුණුවත තිස්යොදුන් මග ගෙවා ගොස් සකස්පුර දොරදී කෑහ. සමහරු ඉසකේ බැඳ බැඳ යන්නා හු, ඔබ වන් කලම බැඳ නිම වූහ…..” (උපුටාගැනීම–පූජාවලිය, දෙවොරොහණ පූජා කථා) ලොව්තුරා බුදුබවට පත් බුදු පුතෙකු බිහි කළ මහාමායා දේවිය තරම් උතුම් පිංවත් මෑණීකෙනෙක් ලොව පහලවූයේ නැත. එහෙත් තම පුතු බුදු බවට පත්වනවිට මෑණියන් වහන්සේ සිටියේ දෙව්ලොවයි. ඒ බුදු පුතෙකු උපන් මව කුසකට තවත් කෙනෙක් පිළිසිද නොගන්නා ලෝක නියාමය අනුව දින සතකින් කලුරිය කිරීමේ පිළිවෙත අනුවය. ඇසළ පුන් පොහෝ දින ගන්ධබ්බ වෘක්ෂමූලයේදී යමාමහ පෙළහර පෑමෙන් අන්යහ තීර්ථකයන් දමනය කල බුදුරදුන් උදාවූ සත්වන වස් කාලය තම මියගිය මෑණියන්ට පිහිටවීම පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළේය. ඒ අනුව වස් තුන් මාසය මාතෘ දිව්යලරාජයාට අභිධර්මය හෙවත් විජම් බණ දේශනා කරමින් එහි වැඩ විසූ සේක. මාතෘ දිව්ය රාජයා අවසන සෝවාන් බවට පත්විය. මේ තුන්මස ඉකුත්වී වප් පුන් පොහොය උදාවන්නට විය. අපගේ බුදුරදුන් දැක ගත නොහැකිව බොහෝ චිත්ත පීඩාවෙන් යුක්තව සිටි සැදැහැති ජනයාට මුගලන් හිමියන් ගෙන් දැනගත හැකිවූයේ වප් පොහෝ දින බුදුරදුන් දෙව් ලොවින් මනුලොවට වැඩම කරන බවයි. DSCF2496                       කණින් කණ , කටින් කට එම පණිවිඩය ලැව් ගින්නක් සේ දස අතම පැතිර ගියේය. සංකස්ස පුරය එදා බෞද්ධ, අබෞද්ධ ,ලොකු, කුඩා ජනී ජනයාගෙන් පිරී ඉතිරී යන්නට විය. පොහොය දින වන විට සතර දිග් භාගයෙන් ඇදී ආ ජනතාව නිසා සංකස්ස පුරය එකම හිස් ගොඩක් බවට පත්විය. චුල්ල අනාථපිණ්ඩික නම් සිටුවරයා තම මහා ධනස්ඛන්ධය වැය කරමින් රැස්ව සිටි ජනතාවට ආහාර පානාදියෙන් කිසිදු පීඩාවක් ඇතිවීමට ඉඩ නොතැබීය. පොහෝ දිනය උදාවිය. වෙනදා පැවති සැඩ හිරුරැස් අද නැත. දූවිලි සහිත සැඩ සුළං රැළි වෙනුවට ගත සිත සනසන මදනල පවනින් මුළු පරිසරයම ශාන්ත සුන්දර තත්වයට පත්විය. සොබා දහම පවා බුදුරදුන්ගේ වැඩම කරවීම අපේක්ෂාවෙන් සිටියාක් මෙන් විය. රැස්ව සිටි මහා ජනකාය ඇසි පිය නොහෙලා උඩු ගුවන දෙස බලා සිටියේ දැන් දැන් බුදුරදුන් වඬිනු ඇතැයි යන අපේක්ෂාවෙන් යුතුවය. මේ අතර එක් වරම දක්නට ලැබුනේ ගුවන් තලය සිසාරා දසත පැතිරී ගිය නීල, පීත , ලෝහිත, ඕදාත හා මාංජේෂ්ඨ යන ෂඩ් වර්ණ වූ බුදුරැස් මාලාවයි. ඒ සමඟම දැකගත හැකි වූයේ සවණක් ගණ බුදුරැසින් බබළන දෙතිස්මහා පුරිෂ ලක්ෂණයන්ගෙන් ද අසූවක් අනුව්ය්ඤ්ජනයන්ගෙන්ද එකසිය අටක් මංගල ලක්ෂණයන්ගෙන් ද ශෝභමානවූ සුන්දර දේහයකින් යුත් බුදුපියාණෝය. සත් රුවනින් නිමවන ලද ඉනිමගකින් බුදුරදුන් වඩිනා අතර රන්මය ඉනිමගකින් ශක්රම දේවේන්දයන් ඇතුළු දහස් සංඛ‍යාත භ්රිහ්මයෝ ද බුදුරදුන් දෙපස ගෞරව පූර්වකව සිටියහ. සහම්පතී මහා භ්රිහ්මයා බුදුරදුන්ට ඡත්රගය දැරූ අතර සුයාම නම් දිව්ය් රාජයා වල් විදුනාවෙන් පවන් සලමින් පැමිණියේය. DSCF2557                       දෙසවන් පිනවන මධුර ස්වරයෙන් යුක්තව වීනාව වාදනය කරන ලද්දේ ඒ පිළිබඳ විශේෂක්ඥයකු ලෙස ප්රුකට පංඤ්චශිඛ විසිනි. දිව්යි සමූහයා නේක සුගන්දයෙන් යුතු වූ මල්මාලා අත දරා සිටිහය. දිව්ය සමූහයාම සුවදවත් වූ මල්පෙති දසත විසිරුවමින්, සුවඳ දිය ඉසිමින් බුදුරදුන් වටා සිටියහ. ශක්රු, දිව්යද, භ්ර හ්ම , සුයාම ආදී සුවිශේෂ පිරිසක් පිරිවරා ගෙන දෙව් ලොවින් මනු ලොවට බුදුරදුන් වැඩම කරන කල්හී රැස්ව සිටි මහා ජනකාය අපරිමිත බුද්ධාලම්බන ප්රී තියකින් යුතුව මුළු දඹදිව් තලයම ප්රාකම්පිත කරවමින් සාධූ නාද පවත්වන්නට වූහ. මෙබඳු අසිරිමත් සිදුවීමක් සිදුවූ මේ පින්බිම සංකස්ස පුරවරයයි. මෙසේ වැඩම කළ බුදුපියාණන් වහන්සේ පුන්සඳ මඬලක් සේ දිදුළමින් සවණක් ගන බුදු රැස් මාලාවන් දස අත විහිදුවා ලූ සේක. මේ අසිරිමත් දසුනින් පළමුවරට ඔද වැඩුණු සැරියුත් තෙරණුවෝ සිරිපා කමල මත වැඳ වැටුණේ උතුරා යන බුද්ධාලම්භන පීරුත්තියෙනි. මෙම අසිරිමත් දර්ශනය දුටු සැරියුත් මහ තෙරුන් වහන්සේ DSCF2540 ” මෙවන් බුද්ධානුභාවයක් මින් පෙර මා කිසි දිනෙක දැක නැත, අසා නැත, බුද්ධ ශ්රීකය දැක බුදු බව නොපැතූ එකදු දෙවියෙකුද නැත, භ්ර හ්මයෙකුද නැත, මිනිසෙකුද නැත,” ආදී වශයෙන් බුදුරදුන්ගේ ශ්රී් පතුල් වන්දනා කරමින් බුදු ගුණ ප්රරකාශ කරන කල්හි එම අදහස මාතෘකා කොට ගෙන බුදුරදුන් විශේෂ ධර්ම දේශනයක් පැවැත්වූහ. එම දේශනය නිම වෙනවාත් සමඟම විශාල පිරිසක් මාර්ග ඵල අවභෝධය ලැබූහ. එමෙන්ම බුදුරදුන් එම අවස්ථාවේ දීම සැරියුත් මාහිමියන්ගෙන් එම ජනකාය මධ්ය යයේම ප්රවශ්ණ විචාරීමක් සිදුකල අතර ඒ සියල්ලටම සැරියුත් තෙරුන් ඉතා මනරම් ලෙස පිළිතුරු සැපයූහ. ඉන් මහත් ප්රිමෝදයට පත් වූ බුදුරදුන් මාගේ ශ්රා්වකයන් අතර සැරියුත් තෙරුන් ප්රපඥා වෙන් අගතැන් වන්නේ යැයි කියා ප්රදඥාවන්තයින් අතර අග තනතුර ප්ර්දානය කලහ. සොලොස් අසංඛ්යද කල්ප ලක්ෂදයකට පසු මතු බුදුවන මෛත්රීෙ බෝසතාණෝ මෙම ධර්ම සංවාදය ඇසීමෙන් අපමණ සතුටට පත් වී ගෞතම බුදු සසුනෙහි පැවිදි වූයේ වප් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය. සංකස්ස පුරයට පැමිණ සිටි ලක්ෂගනන් ජනයා අතර සිරිවඩ්ඪන නම් ගමින් විශාල පිරිසක් සිටියහ. සිරිවඩ්ඪන නම් සිටානන්ගේ පුත් සිරිවඩ්ඪන නම් කුමරාද මෙහි පැමිණ සිටියේය. පැවිදි උප්සම්පදාව ලබා ගැනීමෙන් අනතුරුව මෛත්රීද නමින් මතු බුදුබවට බුදුන්වහන්සේ ගෙන් නියත විවරණ ලද්දේ මේ කුමරාය. තමන් උගත් අභිධර්මය තම ශ්රාෙවක පිරිසට මුඛපරම්පරාවෙන් පවත්වාගෙන යනු පිණිස තමසිසු පිරිසට උගන්වමින් සැරියුත් හිමියන් මේ තුන් මසම නතරවී සිටි බැවින් එම ස්ථානය ” අගහත සරාය” එනම් “අගසව් සැරියුත් “නමින් අද ද එම ප්රැදේශය ඉන්දියානු ජනයා විසින් හඳුන්වනු ලබයි. ” මෙම අවස්ථාවේදී මුළු තුන් ලොවම එකවට විවෘත වූවාක් මෙන්මෙහිදී සිදුවූ තවත් වැදගත් සිදුවීමක් නම් “ලෝක විවරණ මහා ප්රාමතිහාර්ය‍ය විය. එහි රැස්ව සිටි ලක්ෂ සංඛයාත මනුශ්යායන්ට ශක්රක, භ්රාහ්ම, දිව්ය ආදී දහස් සංඛ‍යාත දෙවි දේවතාවියන්ද අවශේෂ භ්රනහ්මයන්ද දැකගත හැකි විය. එමෙන්ම ශක්ර , භ්රිහ්ම ආදීන්ට මනුශ්ය යන් මැනවින් දැකගත හැකි විය. බඹලොව නවයද, දහස් ගනන් සක්වලවල්ද, අවීචි මහානිරය ආදී නිරයන් සියල්ලම ද ඉතා පැහැදිළි ලෙස දර්ශනය වූ එකම අවස්ථාව මේ අවස්ථාව වේ. මෙවන් අසිරිමත් වූ පෙළහරක් දැක්විය හැක්කේ ලොව්තුරා බුදුවරුන්ටම පමණි. මේ අසිරිය දුටු සියල්ලෝම එකවර සියලු ලෝක සත්වයෝම බුදු බව පැතුහ. මෙවන් අසිරියක් ! බුදුබව ලබා අපිදු පෙළහර දක්වන්නෙමු යයි සිතා බුදුබව ප්රාකර්ථනා! කළහ. ලක්ෂ සංඛයාත පිරිසක් එකවර බුදුබව පැතූ එකම ස්ථානය සංකස්ස පුරයයි. සංකස්ස පුරයේ දීප්තිමත්ම යුගය ධර්මාශෝක රාජ්යද සමයයි. බුදු දහම වැළඳගත් රජතුමා බුද්ධගයාව, ඉසිපතනය ආදී සිද්ධස්ථාන වැඳපුදා ගෙන සංකස්සපුරට ද පැමිණියේය. එහි වැදගත්කම තේරුම් ගෙන එහි ස්ථූපයක් කරවීය. ඒ වටා තව ස්ථුප දෙකක් ඉඳි කළේය. ධර්මාශෝක රජතුමා බුදුරදුන් පොළව තුලට පය තබනාවත් සමඟම පොළව තුලට කිදා බැසගත් ඉනිමඟ කොපමණ දුරක් කිඳා බැස ඇත්දැයි විමසා බැලීමට මිනිසුන් යොදවා මහ පොළව හාරා බැලීය. ඉනිමං දිගේ පහලට හෑරූ ඔවුන්ට කහ පැහැති දිය උල්පතක් මිස කෙළවර හමු නොවීය. මින් පසුව රජ තුමාගේ ශ්රහද්ධාව වැඩි දියුණු වී ඉතාම අලංකාර විහාරයක් හා ඒ වටා ස්ථුප ද, ප්රපතාපවත් ඇත් රූපයක් සහිත ගල් කුළුණක් ද බුද්ධ ප්රඒතිමා හතරක් ද කරවීය. උත්පලවණ්ණා මෙහෙණිය සිටි ස්ථානයේ ද ස්තූපයක් කරවීය. චීන ජාතික පාහියන් හා හියුං සියෑං භික්ෂූන් ගේ වාර්ථා අනුව සංකස්ස පුරය ඉතාම සශ්රීාක , සමුර්ධිමත් ප්රගදේශයක් බවත් එහි වැස්සන් ආගන්තුක සත්කාර වලට ලැදි ඉතා උසස් ලෙස සංග්ර හ කිරීමට කැමති පිරිසක් බවත් කියැවේ. මේ විස්තරයන්ට අනුව සංකස්ස පුදබිම ඉතාම රමණීය චිත්තාකර්ශණීය ස්ථානයක් බවට ප්රසකට වෙයි. බෙහෙවින්ම රමණීය වූ පරම පූජණීය වූ සංකස්ස පුද බිමට ද අභාග්ය සම්පන්න යුගයක් උදාවිය. කණෞඋජයේ හර්ෂ වර්ධන රාජධානියේ ජයචන්ද්රය නම් දුෂ්ඨ පාලකයා සහපිරිවරින් පැමිණ වෙහෙර විහාර කඩා බිද දැමීය. විහාර මන්දිර සංඝාරාම , පුස්ථකාල ආදිය විනාශ කළේය. වටිනා සම්පත් පැහැර ගත්තේය. කීර්තිමත්ව හා දීප්තිමත්ව බැබළුන සංකස්ස පුද බිම ක්රරම‍යෙන් පරිහානියේ අගාධයටම ඇද වැටුණහ. මේ පිංකෙත වන සිව්පාවුන් ගේ වාස භූමියක් බවට පත් විය. DSCF2537                       ක්රිප.ව.1842 දී පුරාවිද්යාඥ ජෙනරාල් කනිංහැම් තුමාගේ අප්රනහිත ධෛර්යයේ ප්රගථිඵලයක් වශයෙන් මේ පුදබිම යළි සොයා ගතහැකි විය. ප්ර්ධාන ස්ථූපය සොයා ගැනීමෙන් පසුව ඉතිරිය අත්තිවරාම් පමණක් මතුකර ගැනින. අදටත් ඒවා එලෙසටම සීමා වී තිබේ. මින් වසර 87කට පසුව අනගාරික ධර්මපාල තුමා මෙහි පැමිණ ඇත. ඊටත් පසුව 1957 වර්ශයේ දී මඩබාවිට විජේසෝම හිමියන් සංකස්සයේ කුඩා විහාර මන්දිරයක් කරවා පාසැල් දරුවන්ට පාසැලක් ද කරවා වැඩ වාසය කර ඇත. DSCF2541                       දීර්ඝ කාලයක් පොලොව යට තිබූ අශෝක ස්ථම්භය 2500 බුද්ධ ජයන්තියේ දී උඩ කොටස පමණක් අඩි 10′ උඩට ගෙන, පිහිටුවා ඇත. පැරණි ස්තූප හා විහාර වල නටඹුන් අදත් දක්නට ඇති අතර ඒවා වගාබිම් බවට පත්කරගෙන ඇත. ප්රඅධාන ස්තූපය පිහිටි ස්ථානයද අක්කරයක් තරම් කුඩා බිම් පෙදෙසකට සීමා වී ඇත. චෛත්යස මළුවේ උඩට ගිය පසු හින්දු කෝවිලක් දක්නට ලැබේ. එය හින්දු ආක්ර්මණයන්ගෙන් පසුව ගොඩනැඟුනෙකි. අද උසාවියේ මේ සම්බන්ධව නඩුවක් ඇත. එය මතු දිනෙක ජය ගන්නට එම ස්වාමීන්වහන්සේලාට ලැබේවා! යි මගේ ද පැතුමයි. දේවාවරෝහණ මෛත්රි ය බුද්ධ විහාරය – DSCF2438       මෙම පුද බිමට නවෝදයක් උදාකරමින් 1995 අගෝස්තු මස 14 වන දින දේවාවරෝහණ මෛත්රිදය බුද්ධ විහාරයට මුල්ගල තැබීය. ආචාර්ය‍ය පණ්ඩිත ජූලම්පිටියේ ඤාණරතන මාහිමිපාණන් ගේ අප්ර හිත ධෛර්යය නිසාම 1998 වසරේදී දෙමහල් විහාර මන්දිරයේ වැඩ කටයුතු නිමාකිරීමට සමත් වූහ. මේ ස්වාමීන්වහන්සේලා ඉතාම දුශ්කර වූ මෙම පුදබිමෙහි වැඩ වාසයකරමින් බුදුසසුනට කරන්නාවූ මහඟු සේවය අපි සැවොම පින් පෙත් දෙමින් අගය කලෙමු. මේ පුද බිමෙහි වැඩ වාසය කරමින් ප්ර දේශයේ දරුවන්ටද මහගු සේවාවක් සලසමින් වැඩවසන්නාවූ සියලූම ස්වාමීන් වහන්සෙලාට නිදුක් නීරෝගී සුව ලැබී ප්රාවර්ථනා කරන්නාවූ උතුම් බෝධියකින් උතුම් වූ නිර්වානයම ඉතා ඉක්මනින් ලබාගැනීමට ලැබේවා! DSCF2546 බුදුරදුන් තව්තිසා දෙව්ලොව සිට මනු ලොවට වැඩම කළ ස්ථානයයි. තවද සියලු බුදුවරු අත්නොහරින පුණ්ය භූමියක් (අවිජහිත) වන අතර ලෝක විවරණ මහා ප්රාඅතිහාර්යය දක්වන ලද එකම ස්ථානය වේ. මෛත්ී ව බෝ සතුන් අවසාන වරට පැවිදි වීම, සැරියුත් මහා රහතන් වහන්සේට ප්රසඥාවත්තයක් අතර අග තනතුර ප්රනදානය කිරීම, සැරියුත් මහා රහතන් වහන්සේ බුදුගුණ කියමින් සිංහ නාද කිරීම, විශාල පිරිසක් එකවර බුදු බව පැතු ස්ථානය වීම සහ සැරියුත් හිමි තම සිසු පිරිසට අභිධර්මය දේශනා කරමින් වැඩ සිටි ස්ථානය ද මෙම සංකස්සපුරයයි. DSCF2549                           අපි විහාරයට එනවිට සවස 5.00 ට වගේ. ආව ගමන්ම ස්වාමීන් වහන්සේලාගෙන් තේ පැන් සංග්රෙහයක්. කාමර වලට ගිහින් ආයෙත් බෝධි පූජාවට ආව පහළට. විහාරය හරිම සුන්දරයි, ඒ වගේම හරිම පිළිවෙලයි. රෑ හරිම අසිරිමත් දර්ශණයක්. ධාතූ වන්දනාව, බුද්ධ පූජාව කරල ගත්ත පින්තූර වල දේවතා එළි තිබුන. මමත් ඒව දැක්කෙ පරිගණකයට දැම්මට පසුවයි. මේ පින්බිමේ ඉන්නකොට මහ පුදුම සනීපයක් දැනුනෙ හිතට. ඒ හැඟීම කොහොම වචන වලට පෙරලන්නද? මට නම් මහ අසිරිමත් මොහොතක් ඒ වෙලාව. පැය ගානක් සෑ මළුවෙ ඉන්න පුලුවන් බොහොම නිදහසේ. අදටත් දෙවියන් මේ පින්බිම වන්දනා කරන්නට එනබව අපිට කිව්වෙ ඒ ස්වාමීන් වහන්සේලාම තමයි. DSCF2561 ඒ අසිරිය කවදා හරිම ඔබටත් විඳින්නට ලැබේවා! DSCF2562 අපේ ඊළඟ නැවතුම සැවැත් නුවරයි.

බෙස්ට් ලයිෆ් වන්දනා සමඟ – 5 අග්‍රා බලා.

This slideshow requires JavaScript.

20/10/2012

අග්‍රා බලා………..

අපි කාන්පූර් සිට අග්‍රා බලා පිටත් උනේ පාන්දර 4.30 ටයි. අපි උදේ තේ පානය කර පිටත් වුනෙමු. උදේ 7.00 ට පමණ අතර මග නවතා පාන්, සම්බල හා අල හොදි සමඟ උදේ ආහාරය ගත්තෙමු. දහවල් වෙනවිට මඟ දෙපස දිගටම ගඩොල් පෝරණු තිබෙනු දක්නට ලැබුණි. වෙල්යාය වල්, කෙත් වතු, විශාල තණ බිම් , දක්නට ලැබුණි.

මේ අතර ඊයේ කෝසම්බිය බලා ගමන් ගත්දී කෙරුණු එකිනෙකා හඳුනා ගැනීමේ වැඩ සටහන ගැන ලියන්නට සිතුනි.

මේ වැඩ සටහන ඉතාම වටිනා වැඩ සටහනක් බව කියනු කැමැත්තෙමි. වන්දනාවට සහභාගී වූ අප සැම ලංකාවේ සෑම පලාතකින්ම පැමිණි අය වෙමු. එක් එක් වයස් කාණ්ඩ වල අය වීමු. එක් එක් රැකියාවල නියතු වූවෝ වෙමු. මේ හැම දෙනෙක් ම විවිධ අදහස් ඇති අය වීමු. මේ හඳුනාගැනීමේ වැඩ සටහනෙන් පසුව අපි එකි නෙකා ගැන දැන ගත්තෙමු. ඊට පසුව ඒ අය ගැන ගෞරවයකින් බලන්නට හැකි වූ බව කිව යුතුමය. කෙනෙක් තේ දළු කඩන්නෙකු විය, කෙනෙක් දහම් පාසැල් ගුරු මෑණී කෙනෙකි, කෙනෙක් විදුහල්පතිනියකි, කෙනෙක් විශ්‍රාමික හෙදියකි, කෙනෙක් විශ්‍රාමික දුරකතන ක්‍රියා කරවන්නියකි, කෙනෙක් කළමණාකාරිනියකි, කෙනෙක් ගුරුමෑණී කෙනෙකි, කෙනෙක් හමුදා නිළධාරියෙකි , කෙනෙක් ගෘහණියකි, මේ හැම දෙනෙක්ම එකම පවුලක් සේ එක් වූයේ මේ හඳුනා ගැනීමේ වැඩ සටහනෙන් පසුවය. ඒ ගැන බෙස්ට් ලයිෆ් ආයතනයටත්, අජිත් මහතා හා කීර්ති පුතාටත් මගේ ආදර ස්තූතිය පුදමි.

මා මෙසේ කියන්නේ කෙනෙක් ගේ ඇගේ හැපී තව කෙනෙකුට අසන්නට ලැබුනේ හොඳක් නම් නෙමෙයි. නමුත් මේ දිනයෙන් පසුව එවැනි සිද්ධියක් ඇති නොවුණු නිසාය. ඒ අපි එකිනෙකා තේරුම් ගෙන ඒ අනුව හැඩ ගැසුණු නිසා ය. බොහෝ අම්මලා ඉතාම අහිංසක අය ය. සිරිපා ගමේ සිට, ගිලීමලේ සිට තේ දළු කඩා මුදල් එකතු කරගෙන මේ ගමන ඇවිත් තිබුණි. විදෙස් මුදල් පරිහරණය වත් හරි හැටි නොදැන සිටි අය ය. අපිට ඒ අයට හැකි පමණින් උදව් වීමට හැකිවීම එක් අතකින් අප ලැබූ පිනකි. මේ අය රවටා ගැනීමට බලා සිටි අයගෙන් අප කිහිප විටක් මේ අයව බේරා ගත්තෙමු. අප කණ්ඩායමේ නායක තුමා ද ඉතාමත් විමසිල්ලෙන් සිටි නිසා අප කාටත් මේ අයගෙන් කරදරයක් නොවුණි.

අපි සවස හතරට පමණ අග්‍රා නගරයට ආවෙමු. අපි මුළින්ම පැමිණියේ අම්බෙක්කාර් තුමා විසින් ඉඳිකරන ලද අග්‍රාවේ ඇති එකම බෞද්ධ පන්සල වෙතටයි. ඉතාම කුඩා විහාරයකි. බලා ගන්නේ ස්වාමී කෙනෙකි. එතුමාට මහත් පින් අත්වේවා! නෙතට රසඳුනක් වූ එකම විහාරය තව දීර්ග කාලයක් බලා කියා ගන්නට එතුමාට දීර්ඝායුෂ ලැබේවා! පැතුවෙමි. මේ කුඩා සුන්දර විහාරය අපි වන්දනා කලෙමු.

http://en.wikipedia.org/wiki/B._R._Ambedkar

බීම් රාවෝ රාම්ජී අම්බෙක්කාර් තුමා 1891 අප්‍රියෙල් මස 14 දින ඉතාම දිළිඳු පවුලක දහහතරවන දරුවා ලෙස උපත ලැබීය. මධ්‍ය ප්‍රදේශයේ මහාර් නම් කුලයක උපන් ඔහු ඉන්දියාවේ භ්‍රාහ්මණයන් විසින් කොන් කරනු ලැබීය. දිනක් ඔහු නාන තොටුපලේදී ඉතා දරුණු ලෙස හිංසනයට ලක්විය. ඒ භ්‍රාහ්මණයන් නාන තැනක නාන්නට යෙදුනු බැවින් පහර කෑමට ලක්විය. නමුත් ඉතාම දුක් මහන්සියෙන් ඉගෙන ගෙන ඉතාම ඉහල තලයකට එන්නට ඔහු සමත් විය. බොම්බායේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇමෙරිකාවට ගොස් ඉතිරි විභාග සමත්වෙන්නට තරම් දක්ෂයෙක් විය. පසුව එන්ගලන්තයේ දී නීතියද හදාරා ආපසු ඉන්දියාවට පැමිණ පහත් කුලවල අයට නීති උපදෙස් දෙමින් දේශපාලනයට පිවිසියේය.

අති පූජ්‍ය හම්මැල්ලව සද්ධාතිස්ස හිමියන් මුණ ගැසීමෙන් පසුව බෞද්ධයෙක් ලෙස 1950 සිට බොදු දහම හදාරා 1956 දී නිත්‍ය පංච ශීලය සමාදන්වී 500,000 පිරිස සමඟ බොදු මගට පිවිසියේය. අම්බෙක්කාර් තුමා වටා විශාල බෞද්ධයින් පිරිසක් එකතුවන්නට විය. මෙය ගාන්ධී අනුගාමිකයින්ට මහත් හිසරදයක් විය. මේ නිසා ක්‍රමයෙන් එතුමාව රවටා ගාන්ධි අනුගාමිකයින් එම පක්ෂයට එතුමාව එක් කරගත්තේය.

ඉන්දීය පාර්ළිමේන්තු පනත් සැකසීමේ ප්‍රධානියා ලෙස ඔහු කටයුතු කලේය. සැමට සම අයිතිය බොදු මගේ යමින් සිටි එතුමාගෙන් ඉන්දියාවට ලැබුණු මහත් දායාදයකි. එතුමා විසින් ආරම්භ කල විහාරය අපි සැදැහැ සිතින් වන්දනා කලෙමු. ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම එතුමාගේ පිළිරූ දුටුවෙමු. සැම ප්‍රදේශයකම පාහේ එතුමා නමින් ඉන්දියාවේ පාසැල් හා නීති විද්‍යාල මෙන්ම විශ්ව විද්‍යාලයන්ද පිහිටුවා අදටත් ඉන්දීය ජනයා එතුමාට ගරු බුහුමන් දක්වති.

1956 දෙසැම්බර් වන දින අවුරුදු හැට පහක් ආයු වළදා දිල්ලියේදී එතුමා මෙලොව හැර ගියේය. වරින් වර පහළවන බෝසත්තුමෙක් ලෙස ඉන්දියානු ජනයා අදත් එතුමාව ගෞරවයෙන් සිහි කරති.

අපි තවත් අග්‍රාවේ ප්‍රසිද්ධ ස්මාරකයක් දුටුවෙමු. ඒ ටාජ්මහලයි. ඒ ගැන විස්තරයක් මෙහි නොලියමි. ඈතින් සිට නැරඹූවද ටාජ්මහල මනරම් දර්ශණයක් බව නොකියාම බැරිය.

ඊට පසුව රතු බලකොටුව නම් මෝගල් අධිරාජ්යෙකු වූ සාජහාන් රජ තුමා විසින්ම කරවන ලද බලකොටුව ද පිටතින් නැරඹුවෙමු.

මෙහිදී අපට පාවහන් මිලදී ගැනීමට හැකිවිය. අග්‍රා වල පාවහන් හා ගමන් මළු ලාබෙට ගත හැකිය. හැබැයි කපටි ඉන්දියන් වෙළඳුන් ගෙන් ඔබ පරිස්සම් විය යුතුයි. ඒ ගැන අප කළමණාකාර තුමා කලින්ම පැහැදිලි කල නිසාවෙන් අපට කරදරයක් නොවිණි.

රාත්‍රී හත පමණ වෙනවිට අපි අග්‍රාවේ ඩිලුක්ස් ප්ලාසා හෝටලයට පැමිණියෙමු. හැමදාම වගේ තේ පානයෙන් පසුව රාත්‍රී ආහාරය පිළියෙල විය. හෝටලය ඉතාම පිරිසිදු අලංකාර නවාතැනකි. සුව පහසුව නින්දට වැටුනෙමු.

ඊලඟට අපි යන්නෙ සංකස්සෙටයි.

Dhamamapada gatha – ධම්මපද ගාථා! 5

න හි වේරේන වේරානි සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්තී ඒස ධම්මෝ සනන්තනෝ

වෛර කිරීමෙන් කිසි දා – නැත වෛරය නැති වන්නේ
වෛර නොකර සිටීමෙන් – වෛරය නැතිවී යන්නේ
වෛර නොකර සිටිනා විට – වෛරය සංසිඳී යාම
සැමදා මේ ලොව පවතින – දහමක් ලෙස දත යුතු ම ය.

 

Hatred is Overcome Only by Non-hatred

Never here by enmity
are those with enmity allayed,
they are allayed by amity,
this is the timeless Truth.

Explanation: Those who attempt to conquer hatred by hatred are like warriors who take weapons to overcome others who bear arms. This does not end hatred, but gives it room to grow. But, ancient wisdom has advocated a different timeless strategy to overcome hatred. This eternal wisdom is to meet hatred with non-hatred. The method is of overcoming hatred through non-hatred is eternally effective. That is why that method is described as eternal wisdom.

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා – 4 – කොසබෑ නුවර හරහා කාන්පූර් ගමන.

This slideshow requires JavaScript.

19/10/2012
උදේ පාන්දරම ඔන්න ඒ කියන්නෙ, මහ පාන්දර 3.30 ට බසයට නැංග කාන්පූර් බලා යන්න. කටිටිය වෙලාවට ලැහැස්තිවෙලා හිටිය නිසාම කරදරයක් නැතිව යන්න පුලුවන්. පංච ශීලය සමාදන්වෙලා බුදු ගුණ වන්දනාව කරල ටිකක් විවේකයක් ලබුන නිදාගන්න.

මම යන්තම් එළිය වැටෙන විට නැඟිටලා එළිය බලාගෙන හිටිය. මෙහෙම රටකට ආවෙ නිදා ගන්න යැ. මේ පරිසරය විඳ ගත්තෙ නැත්නම් වැඩක් නැහැනෙ. මීදුම වැටිල තැනි තලාවෙ හරිම ලස්සනයි . එළිය වැටීගෙන එනවිට හරිම සුන්දර පරිසරයක්.
පාන්දර හත පමණ වෙන විට අලහාබාද් නගරය පසු කලෙමු. එය ඉතාම සශ්‍රීක නගරයකි. නොයෙකුත් ධාන්‍ය වගාවන්, කෙත්වතු, අල වගාවන් හා විශාල ගස් වලින් පිරුණා වූ නගරයකි. සෑම නිවසක ඉදිරි පසම කිරි ගවයින් කිහිපදෙනෙක් සිටිනා බව දැක ගත්තෙමි. අලහාබාද් නගරය ඉතා විශාල නගරයකි. වරනාසී සිට කොසබෑ නුවරට කිලෝ මීටර් 185 ක් දුර ගෙවා යා යුතුයි. අලහාබාද් සිට කොසබෑ නුවරට කිලෝමීටර් හැටක් පමණ හැරී යායුතුයි.

ඔන්න උදේම අජිත් මහත්තයාගෙ දැනුවත් කිරීම.

“ ඔන්න අම්මලා මේක හොඳට අහගන්න ඕනෙ. මේ ඉන්දියාවෙ දුර ගමන් යනකොට වැසිකිලි කැසිකිලි ටොයිලට් පහසුකම් පවත්වන්න හරිම අමාරුයි. උදේම මග දෙපස හොඳට බැලූ අයට ඔන්න පේන්න ඇති නෙ ඒ වැඩේ කරන අය. ඔය මහත්මා ගාන්ධි තුමා සුද්දො පන්නන්නම කියලා යොදවපු උපක්‍රමේ. එතුමාට අමතක උනාද කොහෙද? ආයෙ ඒක නවත්තන්න කියන්න.” හිනා හැමෝටම.

“ ඔන්න එක කරන්න ඕනෙ නම් එක ඇඟිල්ලක් උස්සන්න. දෙක කරන්න ඕනෙ නම් ඇඟිලි දෙකක් උස්සන්න. දෙකටම නම් ඔන්න අත් දෙකම උස්සන්න. එතකොට අපේ රියදුරු මහත්තයා ඔය ලඳු කැලෑවක නතර කරාවි. “

අනෙ ,අප්පේ මට තමයි කෙලම වෙන්නෙ කියල මම හිතා ගත්තා.
මොනව කරන්නද? මෙහේ හැටි එහෙම තමයි. ඔය ගමන මෙහෙම පස්සට කල් දම දමා හිටියෙත් ඒ නිසාම නේද? කියල හිටිය ඉතින් .

කොස්බෑ නුවරට යන්න පැය එකහමාරක් තියල අර කිව්ව වගේ කැලෑවක නැවැත්තුවා.

කොච්චර කලත් අර වඳුරා බිම යන්නෙ නෑ වගේ යන්න අවශ්‍යතාවය තිබුනට යන්න බැහැනෙ. අනික් අය බැහැල යත්දි ඉතින් මූණ නරක් කරගෙන ඉන්න වෙලා.

කට්ටිය බස් එකට ආවම “ ගොටුකොළ එහෙම කඩා ගත්ත ද?’’ අජිත් මහත්තයාගෙ පුංචි විහිළුවක්.

“පුරුදු වෙන්න වේවි ඕවට අනික් අයටත් ඔන්න. ”

තව දුර යන්නම එපායැ.

“ අනේ සංසාරේ ”කියල හිමිහිට කිව්වට මගෙ යෙහෙළියට ඇහුනෙ නැතෑ ඒක.

උදාසන 10.30 පමණ වෙනවිට අප කොසබෑ නුවරට පැමිණියෙමු. මුලින්ම පැමිණියේ ශ්‍රී ලංකාරාමයටයි.

මේ විස්තරේ වැඩි පුර දැනගන්නයි. නැත්තම් දන්නෙ නැහැනෙ ඇයි මේ කොසබෑ නුවර අපිට වැදගත් කියල.

බුදුරජුන් දවස වනවිට අංග මගධ ජනපද දෙක එක්වීමෙන් මගධ රාජ්ය පිහිටුවා තිබුණි. කාසී (වර්තමාන බරණැස) කෝසල දෙක එක්වීමෙන් කෝසල රාජ්යය බිහි වී තිබුණි. උදේනී මහරජ හා කෝසල මහ රජතුමා මෙම රාජ්ය කළ අතර එම රජවරු දෙදෙනාම එම යුගයේ භාග්යවතුන් වහන්සේගේ ප්රබල දායකයෝ වූහ. රාජගිරි නොහොත් රජගහනුවර (රජුගේ ගෘහය යන අරුත සහිත ගිරි යනු ගෘහය යන්නයි) මගධ රාජ්යයේ අගනුවර විය. කොසොල් රාජ්යයේ අගනුවර ශ්රාවස්ථිය විය. (වර්තමාන උත්තර් ප්රදේශ සහෙත් – මහෙත් අනිකුත් රාජ ආණ්ඩු පැවැති ජනපද නම් වත්ස සහ අවන්ති ජනපද දෙකය.

බුද්ධ කාලයේ සොලොස් මහා ජනපද වලින් එකක් වූ වත්ස්ය දේශය නම් වූ ඉතාම සශ්රීක රාජ්යයේ අගනුවර කෝසම්බිය හෙවත් කොසබෑ නුවරයි. (වර්තමානයේ උත්තර් ප්රදේශ් අලහබාඩ් අසල යමුනා ගංගාතීරයේ පිහිටි) උදේනි රජතුමා එකල එහි රජ කළේය. මින් මගධය. කෝසල හා වත්ස ජනපදවල බුදුරජුන් සඳහා ආරාම ඉදි විය. මගධයේ රජගහනුවර වේළුවනාරාමය බිම්බිසාර රජතුමා ද කෝසලයේ සැවැත්නුවර ජේතවනාරාමය අනේපිඬු සිටුවරයාද, පූර්වාරාම විශාඛාවද, කොසඹෑ නුවර ඝෝසිතාරාමය ඝෝසිත සිටුවරයාද තැනූ අතර එම විහාරවල බුදුරජුන් වැඩ සිටි සේක.

වර්තමානයේ කොසඹෑ නුවර අයිති වන්නේ උතුරු ඉන්දියාවටයි. බරණැස ඉසිපතනයේ සිට කිලෝ මීටර් දෙසිය පනහක් දුරින් සහ අලහබාද් නගරයේ සිට කිලෝ මීටර් පනහක් දුරින් රමණීය සශ්රීක ප්රදේශයක ගංගානම් ගඟ ආශ්රිතව කොසඹෑ නුවර පිහිටා ඇත. ගමන් පහසුව ඉතාම හොඳින් ඇත.

බුදුරජුන් අනුරාධපුරයට වැඩම කොට මගුල්මහසෑය, සිරිමා බෝමැඬ ශෛලමහ චෛත්ය යන ස්ථානයන්හි මද වේලාවක් සමාධි සුවයෙන් වැඩ සිට සැවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළ සේක.

මේ අවස්ථාවේ දී කොසඹෑ නුවරින් ව්යාපාර සඳහා පැමිණි ව්යාපාරිකයින් තුන් දෙනෙක් බුදුරජුන්ගෙන් බණ අසා සෝවාන් වූහ. මාස හයක් මේ අය බුදුපාමොක් මහා සංඝරත්නයට දන් දී කොසඹෑ නුවරට ගොස් තම තමන්ගේ අඹ වතුවල ඝෝසිතාරාමය, කුක්කුටාරාමය, පාවාරිකාරාමය නමින් ආරාම තුනක් කරවා බුදුපාමොක් මහ සඟනට වඩින ලෙස ආරාධනා කළහ. ඒ අනුව බුදුරජුන් පා ගමනින් කොසඹෑ නුවර බලා භික්ෂු මහා සංඝ රත්නය සමග වැඩම කළහ.

කොසඹෑ නුවරට බුදුන් වහන්සේ වැඩම කළ පුවත එනුවර දනන් සිත් පහන් කරන්නක් වුවද එය දෙසවනින් අසන්නටවත් රිසි නොවූ එක් ලියක් වූවාය. ඕ උදේනි රජුන්ගේ බිසවක වූ මාගන්දියා ය. බුදුන් එ නුවර වැඩියේ සෝෂිත, කුක්කුට, පාවාරික යන තුන් සිටුවරුන් විසින් වෙන වෙනම කරවන ලද ආරාම තුනක් පිළිගැනීමටය. බුදුහු උපේක්ෂාවෙන් ආරාම පූජාව ඉවසා එක් එක් ආරාමයක දින කීපය බැගින් සමාධි සුවයෙන්ම වැඩ සිටියහ. නුවර ද ගම්වලද විසූ පිරිස් දිව රෑ නොතකමින් පැමිණ බුදුන් දුටහ. දහම් ඇසූහ. වෙනත් දන් හා පිරිකර ද පිදූහ.
මෙසේ බුදුන් ගේ කිතුගොස මඳනල හා මුසුව දසත ගලා යද්දීම මාගන්දියා බිසව එයින් පීඩාවටද කනස්සල්ලට ද පත්වූවාය. බුදු ගුණ ඇසෙන සඳ ඇය තවත් නොසන්සුන් වූවාය. එසේ වුවද කිසිදු අමුත්තක් නොපෙන්වා සිටීමටද ඇය වෑයම් කළාය. එහෙත් ඇයට ඇගේ සිත දවමින් නැගෙන වෛරයේ ගිනිදලු මහත් සේ පීඩාකර විය.

මාගන්දි බිසවගේ මෙම වෛරයටද හේතුවක් විය. ඒ කලකට පෙර ඇය සිය දෙමව්පියන් සමග ජීවත් වූ කල ඇති වූ එක්තරා සිදුවීමකි. මාගන්දිය එකල කුරු රට මාගන්දියා නම් බමුණු යුවලකගේ එකම දියණිය ලෙස වැඩුණාය. ඕ මනෝඥ රූ ඇත්තීය. දුටුවන් මන බඳනා ඒ රූ සොබාවෙන් මුසපත් නොවූ යෞවනයෝ කුරුරට නොවූහ. බොහෝ මව්පියෝද සිය පුතුන් සඳහා මාගන්දියා පවුලට සරණ බන්ධන යෝජනා ද ඉදිරිපත් කළහ. එහෙත් ඒ කිසිවක් ඉටු නොවීය.

මෙසේ සිටින අතර දිනක් බුදුහු කුරු රටට වැඩියහ. ඒ මාගන්දියා බමුණු මහල්ලන්ගේ හේතු සම්පත් දිවැසින් දැක ඔවුන්ට ධර්ම දේශනා කිරීම සඳහා ම කළ ගමනකි. බුදුහු උදෑසනම වැඩියාහු මාගන්දියා බමුණන් එන පෙරමගදී ඔවුන්ට හමුවිය. එසඳ බමුණන් තුළ මෙබඳු සිතිවිලි වැඩිණ.

“මේ එන අය මිහිබට දෙව්රුවක් සේ සුදිලෙති. ඔවුන්ගේ ඉඳරෝ මනාව පිහිටියේ අඩුද වැඩිද නොවෙති. විලාසය නෙත් ඇද බැඳ ගනී. රමණීයයි. අසාමාන්යයි. මෙබඳු පුරුෂයකු ලබනා යම් ලියක් වන්නීද ඕ පරම භාග්යවන්තියකි. මේ නම් මගේ දියණියට මහබඹුන් විසින්ම මවන ලද අයෙකි. මම දැන්ම ඔහු වෙත ගොස් දියණියන් ගැන පවසා ඔවුන්ට පාවා දෙන්නෙමි.”

ඉක්බිති මාගන්දියා බමුණු තෙමේ, මහත් සොම්නසින් බුදුන් කරා එළැඹ ඒ සියලු තතු පවසා “මා එනතුරු සිටිනු මැනවැයි” පවසා වහාම නිවසට දිව ගියේය. බැමිණියටද ඒ කරුණු පවසා දෙවඟනක් සදිසි දියණිය වහාම සරසවා, මල් පළඳවා, සුවඳ දියෙන් දොවා බුදුන් වහන්සේ සමීපයට කැඳවා ගෙන ආවේය. ඒ වනවිට බුදුහු ඔවුන්ට නොපෙනෙන සේ අදිටන් කර පසෙකට වී සිටියහ. “මා යද්දීත් ඔහු මෙතැනම සිටියායි වටපිට බැලූ බමුණාට බුදුන් වහන්සේගේ පා පියුමෙහි සළකුණු දැක ගත හැකි විය. එයින් ප්රමුදිත වූ හේ “මෙන්න තිබෙනව පාසටහන….. යෑයි කීවේය.

මාගන්දියා බැමිණිය ත්රිවේදයෙහි කෙළ පැමිණි නුවණැති ලියකි. ඕ ඒ පාසටහන් දැක “මේ නම් ගිහිව කුටුම්බයක් රක්නා අයෙකුගේ පා ලකුණු නොවේ යෑයි නිශ්චිතව කීවාය. බමුණා සිනාසුණේය. “තී, උමතුවෙන් දැයි විමසා වටපිට බලන කල්හිම හෙතෙම යළි බුදුන් වහන්සේ දුටුවේය. යුහුසුළුව එදෙසට ගිය ඔහු මේ මාගේ එකම දියණියයි. රුසිරෙන් අගපත් ඇයට සුදුසු සැමියෙක් කුරුරටම නොවූයෙන් ඇය අස්වාමික වූවාය. දැන් ඇය ඔබට පාවා දෙන්නෙමි. මා සතු සියලු ධනය ද ඔබටමය. ඇය පාවා යෙහෙන් වැජඹෙනු මැනවැයි කීවේය.

බුදුහු එකල මෙසේ වදාළහ.

“පින්වත් බමුණනි, මම වනාහි නසන ලද රාග ඇත්තේමි. සියලු කෙලෙස්ද දුරු කළෙමි. තවද මා තෘෂ්ණාවෙහි බැඳ ගැන්මට පැමිණි මරඟනන් තිදෙනෙක්ද පරාජයවී පසුබා ගියහ. උන්ගේ භාව භාවයන් දුටු අයෙක් උන් කෙරෙහිම බැඳෙති. එහෙත් මම නොසෙල්වීමි. එවන් මම යළි මේ මළ මූත්‍ර පිරි නිසරු සිරුරක නොබැඳෙමි. එවන් රුවක්, පයින් ස්පර්ශ කිරීමටවත් නොවටී. බමුණ රාග, දෝෂ, මෝහ දුරලීමට මේ අනියත ලකුණුම සෑහේ. සිහියෙන් බලනු.

බුදුන්ගේ විග්රහය ඔස්සේ සිත යොමු කළ බමුණු දෙමහල්ලෝ සෝවාන් ඵලයෙහි පිහිටියහ. මාගන්දියා තරුණිය ලැඡ්ජාවෙන් පසුබා මහත් කලකිරීමටද පත් වූවාය. ඒ කලකිරීම ඇගේ සිත බර වූ වෛරයක් බවටද පත් විය. පසුව බමුණු දෙමහල්ලෝ ඇය නිවස කරා රැගෙන ගොස් ඇගේ සිත සන්සුන් කිරීමටද වෑයම් කළහ. ඇයනිහඬ වුවද ඇගේ සිත සන්සුන් නොවීය. ඇගේ දෙමව්පියෝ ඇයව ඇගේ සුළු පියාණන්ට භාරදී බුදුන් සරණ ගොස් පැවිදිව රහත් බවටද එළැඹුණහ.

මාගන්දියා රූපශ්රීයෙන් යුක්තව සිටි නිසා උදේනි රජතුමා මාගන්ධි කුමරිය සරණ පාවා ගත්හ.
මාගන්ධි කුමරිය, බුදුරජුන් ගෙන් පළිගන්න හොඳම අවස්ථාවක් ලැබුණා යැයි සිතුවාය. බුදුරජුන් කෝසම්බියට භික්ෂු මහ සංඝ රත්නය සමග වැඩම කළ බව ආරංචි වී මැරවරයින් ලවා බුදුරදුන් සහිත මහා සංඝයාට අපහාස කිරිම් කළහ.

මේ සිද්ධීන් නිසා කම්පාවට පත් ආනන්ද හිමියන් පළාත අතහැර වෙන පළාතකට යන ලෙස බුදුරජුන්ගෙන් ඉල්ලා සිටියහ. මේ සිද්ධිය ඇසූ බුදුරජුන්, “ආනන්ද ලෝකය ඔහොම තමයි, කලබල වන්න අවශ්ය නැහැ. අප අටලෝ දහමෙන් කම්පා වන අය නොවෙයිනේ. මේ කියන කතා දවස් හතරකට පස්සේ නැතිවෙනවා. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කිරීම ඉතාම හොදයි” වදාළහ. බුදුරජාණන් මහන්සේ තමන් වහන්සේගේ නව වන වස කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ වැඩ වාසය කරන ලදී.
උදේනි රජතුමාට “භද්‍රවතිකා ” නමින් ශක්ති සම්පන්න ඇතින්නක් සිටියා. සෑම සටනකදීම ඇය පෙරමුණේ දී ජය ගත්තා. වයසට පත්වී කිසිවක් කර කියා ගත නොහැකි අවස්ථාවේ රජතුමා එකී ඇතින්නව සලකන්නේ නැතිව අතහැර දැම්මා. දවසක් බුදුරජුන් කොසඹෑ නුවර පිණ්ඩපාතය වඩින වේලාවේ “හදවතිකා” ඇතින්න උන්වහන්සේ ඉදිරියට විත් අඬන්න පටන් ගත්තා.

බුදුරජුන් රජතුමා හමු වූ අවස්ථාවේ දී ඇතින්න ගැන විමසූහ. රජතුමා ඇතින්න දැන් මහලු හෙයින් වැඩකට නැති නිසා අතහැර දැමූ බව කීය. ශක්තිය ඇති කාලයේ දී හැකි තරම් වැඩ ගෙන පසුව අතහැර දැමීමේ පාප ක්රියාව ගැන බුදුරජුන් උදේනි රජතුමාට කරුණු වටහා දුන්නා. වයසට පත්ව දුර්වල වූ විට තවත් හොඳින් සැලකිය යුතු බව දේශනා කළ පසු රජතුමා ඇතින්නව මාලිගාවට ගෙන්වා වෙනදා වගේම ඉතා හොඳින් සැලකීමට පටන් ගත්තා.

උදේනි රජුට සාමාවතී නම් තවත් බිසවක්ද වූවාය. සාමාවතී බිසව මාගන්දියට වඩා වෙනස්ය. ඇය මාළිගාවේ අන් අයටද ප්රිය වූවාය. සන්සුන් ගුණෙන් යුතු වූවාය. ඇය නම් ඒ වනවිටත් බුදුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටියාය. ඇයට බුදුන් වහන්සේ පිළිබඳ සියලු තතු පවසා තිබුණේ ඇගේ සේවිකාවක වූ ඛුඡ්ජුත්තරා විසිනි. ඇය සාමාවතී බිසවටද බෙහෙවින් ආදරය කළාය. දිනක් ඇය එක්තරා මාලකාරයකුගේ නිවසකදී බුදුන් වහන්සේ දැක බණ අසා සිටියාය. සාමාවතී බිසවට පසුව ඇය විසින්ම ඒ බණ දහම් පහදා දෙනු ලැබිණි.

සාමාවතී බිසව තුළ බුදුන් වහන්සේ දැක ගැනීමට දැඩි ආශාවක් ඇති
බවද ඒ සඳහා වාතාවරණයක්ද සකස් වී නොතිබිණි. එහෙත් ඇගේ භක්තිය දවසින් දවස වැඩුණි. දිනක් ඇය ඛුඡ්ජුත්තරාවන්ට ආයාචනා කරන්නී කෙළෙස හෝ බුදුන් වහන්සේ දැක ගැනීමට සලස්වන ලෙස කියමිනි. ඛුඡ්ජුත්තරා ශ්රද්ධා භක්තියෙන් මෙන්ම බුද්ධි මහිමයෙන් ද යුතු ලියකි.

එදින සාමාවතී බිසව ඝෝෂිතාරාමයට ගොස් බුදුන් බැහැ දුටුවාය. පිරිවාර ලියෝද ඇය සමගම වූහ. බුදුන් වහන්සේ ඔවුන්ට මෛත්රියෙහි අනුසස් දක්වමින්ම දහම් දෙසූහ. වෛර සිතින් ක්රියා කරන්නවුන්ට තාවකාලිකව ජය ගත හැකිවන නමුත් එයින් කිසි දිනක තිරසාර යහපතක් උදා නොවන බවද බුදුහු කීහ. ඉමක් කොනක් නොමැති මේ සසර ගමන අවසන් කිරීමේ මාර්ගය ලබා ගත හැක්කේද මෛත්රි සහගත සිතින් බවද බුදුහු පෙන්වා දුන්හ.

සාමාවති බිසව ප්රමුඛ පිරිස මාළිගාව කරා ආපසු පැමිණෙන විට මාගන්දියාගේ සුළු පියා තවත් කීපදෙනකුගේ ද සහාය ඇතිව කුමන්ත්රණනය ක්රියාත්මක කර තිබුණි. මාළිගාවේ හැම තැනකම තෙල්වලින්ම පොඟවන ලද තිර හා රෙදි ගොඩ ගසා තිබුණි ගිනි පුපුරකින් ඇවිලෙන ආකාරයට දුම්මල මිශ්රණයක් ද විය. සාමාවතී බිසව හා පිරිස පැමිණි සැණකින්ම ගින්දර ඇවිලවීමට කෙනෙක්ද යොදවා තිබිණි.

සාමාවතියගේ මාළිගාව අඳුර තුළ ගිලෙමින් තිබුණි. මාගන්දිය ද වේලාසනින්ම යහන් ගැබට වී සිටියාය. එක්වරම අඳුර දවමින් අහසට විහිදුණු ගිනි ජාලාවකට මාළිගාව මැදි විය.

උදේනි රජුට ද සාමාවතියගේ මාළිගාව ගිනිගන්නා බව ආරංචි විය. රජු සැණකින්ම බලඇණි දෙකක්ම ඒ පෙදෙසට එවිය. පසුව රජුද අප්රමාදව එතැනට පැමිණියේය. වෛරයේ ගිනි ජාලා අහස් කුසට විහිද යන අයුරු ඔහු සෝකයෙන් බාල සිටියේය. කිසිවකුට ඒ ගිනි කඳ මැඩලීමට ද නොහැකිවිය. සාමාවතිය ප්රමුඛ පිරිස මෙත් සිතින්ම වෛරයේ ගිනි කඳ ඉවසූහ.

අදත් මෙම මාලිගයේ පන්දහසක් පිරිවර සහිතව උදේනි රජ සිටියා සේම පෙනේ. ඒ තරම් විශාල භූමි බාගයක මෙම මාලිගය පිහිටා තිබේ.

මනරම් වූ යමුනා නදිය අසබඩ තිබෙන මාලිගය තට්ටු කීපයකින් සමන්විතව තිබෙන්නට ඇත. ඈතින් පාරිලෙ‍යෛය වන පෙත දිස්වේ.

උදේනි රජ තුමා ඉතාම රණකාමී රජ කෙනෙකි. හස්තිකාන්ත මන්ත්‍රයෙන් ඇතුන් මෙල්ල කල බව කියවේ. ඒ වාගේම වීණා වාදනයේත් , මූර්ති ශිල්පයේත් හසල දස්කම් දැක්වූවෙකි. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ වසත්දී සඳුන් ලීයකින් උන් වහන්සේ ගේ රූපය කැපූ එකම රජ තුමා ඔහු බව සඳහන් ය.

එතුමාගේ අභාවයෙන් පසුව බෝධිරාජ කුමරු යමුනාවේ එහා කෙලවර නෙලුම් මලක් උඩ කෝකනද නම් මාලිගාවක් තනවා විසූ බවත් එයින් පසුව රජ පෙලපත අවසාන වූ බවත් කියවේ.

ශිර්‍ර ලංකාරාමයෙන් අපි දහවල් ආහාරය ගත්තෙමු. අපේ උයන දරුවන් තිදෙනා පැයක් හමාරක් ඇතුලත ඉතාම ප්‍රනීත ආහාර වේලක් සාදා දෙන්නේ කොහොමදැයි මට සිතේ. අල සමඟ කීරමින් හොද්දක්, බණ්ඩක්කා තෙල් දාල , ගෝවාමල් ව්‍යාංජනය ඉතාම රසවත් ලෙස උයා තිබුණි. ඔවුන් නමින් පප්පූ, මුන්නා හා පොඩි පප්පු ය. රියදුරු අනිල් හා සහායක සුනිල් අනෙත් දෙදෙනාය. මේ පස්දෙනාම අපත් සමඟම බස් රථයේ ගමන් කල අයයි.

ශ්‍රී ලංකාරාමය ඉතාමත් අඟහිඟතා වලින් යුත් විහාරයකි. නමුත් දැන් දැන් වන්දනා නඩ වල ආධාරයෙන් එහි ගොඩනැඟිලි ඉදිවේ. වැදගත්ම දේ අපිට වැසිකිලි යාමට ඉතාම පිරිසිදු වැසිකිලි පද්ධතියක් හා ජල පහසුකම් තිබීමයි. ඔබ එහි කෙදිනක හෝ යන්නේ නම් ඒවා භාවිතාකල පසුව පිරිසිදුව තව කෙනෙකුට පහසුවෙන් යන්නට පුලුවන් වෙන ලෙස තබා යන්නට අමතක කරන්නට එපා. ඒ විහාර වාසී භික්ෂූන් වහන්සේලා ඒවා ආරක්ෂා කරන්නේ අප වෙනුවෙන් බව මතකයේ රඳවා ගන්න.

ඝෝෂිතාරාමයේ බුදුරජුන් වැඩ වාසය කරන අවස්ථාවේ දී ධර්ම විනයධර භික්ෂූන් අතර වැසිකිළියේ අතපය සෝදන භාජනයේ ඉතිරි වී තිබුණ ජල ප්රශ්නයක් නිසා පිරිස දෙකට බෙදුණහ. අන්තිමේ දී දානය දෙන දායක පිරිසත් දෙකට බෙදුණහ. අකිකරු පිරිස බුදුරජුන් ගේ වචන කිසිම ගණනකට නොගත්හ. බුදුරජුන් අන්තිමට පිණ්ඩපාතයට වැඩම කළ ගමන්ම පාරිලෙය්ය වනයට වැඩම කළහ. සියලුම දෙනා අතහැර පාරිලෙය්ය වනයට වැඩම කළ විට ඇතෙක් වඳුරෙක් යන තිරිසන් සතුන් බුදුරජුන්ට ආවතේව කළහ. ඇතාගේ උපස්ථාන දැක සතුටට පත් වඳුරා අත්තෙන් අත්තට පනින විට අත්තක් කඩා වැටී බඩේ උලක් ඇනී මරුමුවට පත්වී පසු කලෙක ඒ පිනෙන් තුසිත දෙව්ලොව උපන්හ.

ධර්ම විනයධර භික්ෂූන්ගේ සටන මුළු ප්රදේශයේම පැතිර ගියහ. මේ නිසා බුදුරදුන් ද ඝෝෂිතාරාමය සහ භික්ෂු පිරිස අතහැර වනගත වූ බවත් පැතිර ගියහ. දායක කාරකාදීන් මෙකී භික්ෂූන්ට දඬුවම්දීමට සිතා පිණ්ඩපාතය දීම නතර කළහ. වස් කාලය නිසා භික්ෂූන්ට තවත් අමාරු වුණි. මේ බව විශාඛාවට සහ අනේපිඩු සිටුතුමාට ආරංචි වුණා. බුදුරජුන් වහාම ජේතවනාරාමයට වැඩම කරවා ගෙන එන ලෙස දන්වා සිටියහ. බොහෝ දිනකින් බුදුරජුන් ගෙන් ධර්මය ශ්රවණය කිරිමට නොහැකිව භික්ෂූන් වහන්සේ දුකෙන් තම අදහස් ආනන්ද හාමුදුරුවන්ට දන්වා සිටියහ. මේ අනුව පන්සියයක් භික්ෂූන් සමග බුදුරජුන් වෙත පාරිලෙය්ය වනයට වැඩම කළහ. බුදුරජුන් හමුවට ආනන්ද හාමුදුරුවන් වැඩම කළ විට වැඩියේ තනිවම ද කියා විමසූහ. තමන් සමග භික්ෂූන් වහන්සේ පන්සියයක් වැඩම කළ බව දන්වා සිටියහ. සියලුම භික්ෂූන්ට තමන් සමීපයට වැඩම කරවන ලෙස වදාරා හැම දෙනාගෙන්ම සැප දුක් විමසූහ. තමන් වහන්සේ තනිවම වැඩ සිටින්නේ ඇයිද යන ප්රශ්නයට බුදුරජුන් පිළිතුරු නොදුන්හ.

ඉන් පසුව ආනන්ද හාමුදුරුවන් අනේපිඩු සිටුතුමාගේ සහ විශාඛාවගේ අදහස් දැන්වූහ. පසුවදා බුදුරජුන් පාරිලෙය්ය වනයෙන් සැවැත් නුවරට වඩින්න සූදානම් වූ විට පාරිලෙය්ය ඇතා ගමන වළක්වා සිටියා. කෙසේ නමුත් දෙවන දා ගමනට සූදානම් වූ විට පාරිලෙය්ය ඇතාත් පසුපස ඒමට සූදානම් වුණා. ගමට යෑමට ඇතුන්ට හොඳ නැති නිසා බුදුරජුන් ඇතාගේ ගමන වළක්වා සිටියහ. අන්තිමේ දී බුදුරදුන් පාරිලෙය්ය වනය අතහැර යන ආකාරය බලා සිට ප්රියයන්ගෙන් වෙන්වීමේ දුක දරා ගැනිමට නොහැකිව පාරිලෙය්ය ඇතා එතනම මිය ගියා. ඒ පිනෙන් තුසිත දෙව්ලොව උපන්හ.
බුදුරජුන් 9 – 10 වස් කාලය ගත කලේ කොසබෑ නුවරයි.

බුදුරජුන් ගේ සමයෙන් පසුව ධර්ම විනයධර භික්ෂූන් දෙකොටසට අයත් සංඝාරාම විශාල වශයෙන් දියත් වුණි. අශෝක රජතුමා දවස ඝෝෂිතාරාමයේ විශාල භික්ෂූ පිරිසක් වැඩ සිටිය බව සදහන් වේ.

අනුරාධපුර රුවන්වැලි සෑය විවෘත කිරීමේ උත්සවයට සද්ධාතිස්ස රජතුමාගේ ආරාධනයෙන් කොසඹෑනුවර ඝෝෂිතාරාමයේ ධම්මරක්ඛිත මහා රහතන් වහන්සේ සමග තිස් දහසක් මහ රහතන් වහන්සේ සහභාගි වූ බව මහාවංශය සඳහන් වේ . උදේනි නුවර දක්ඛිණගිරි විහාරයේ සිට මහා ධම්මරක්ඛිත රහතන් වහන්සේ සතලිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක.

පසුව සිදු වූ දඹදිව මුස්ලිම් ආක්රමණයෙන් විනාශයට පත් වූ ඝෝෂිතාරාමය කුක්කුටාරාමය යන ආරාමයන්හි නටබුන් අද ද දැකිය හැකිය. ඊට අමතරව එහි සිදු වූ සිද්ධීන් සඳහන් කරන ලද අශෝක සෙල්ලිපිය ද දැක ගත හැක. ජෙනරාල් කනිංහැම් තුමාගේ පුරාවිද්යා කැනිම්වල දී ලැබුණ බුද්ධ ප්රතිමා ආදිය අලහබාද් කෞතුකාගාරයේ තැන්පත්කර ඇත.

පුංචි පුංචි කඳු ගැට සහ රමණීය කුඹුරු යායකින් අලංකාර වූ කෝසම්බිය අද විවිධ ආගමිකයන්ගෙන් පිරි පුංචි නගරයකි. ගමන් පහසුව ඇති නිසා දැන් ක්රමයෙන් වන්දනාකරුවන් යෑම සිදු වේ.

අපි හොඳ හැටියට බත් කාල එහෙන් පිටත් උනා.

පුංචි දරුවන් හැම තැනම කෑම ඉල්ලමින් එනවා. ඒක දැක්කම බඩ පපුව පිච්චෙනවා. අපේ දරුවන්ව එක්ක එන්න ඕනෙ මේව දකින්න. එයාල නැති දේ ගැන කියනවා සමහර වෙලාවට. මොන අඩුපාඩුද? මේ දරුවො දැක්කහම. හිතා ගත්තා කොහොම හරිම එන සැරේ එක්ක එනවා කියලා. හරිම දුකයි නමුත් කරන්නට දෙයක් නැහැ නෙ. එක පාරක් කෑම දීලා දෙන්නෙක් මරා ගන්න ගියා. එයාල ඒක උදුරාගන්න රණ්ඩු වෙනවා.
අප කාන්පූර් වලට එනවිට රාත්‍රී හතට පමන වුණා. පැය භාගයකට පසුව උණු කිරි තේ එකක් මුන්නා පුතා ගෙනාවා. ඒක බීල පොඩි විවේකයක් ගත්තා. අපි නැවතුනේ විජේ විලා හිදී. රාත්‍රියට සැමන්, පරිප්පු, පොල්සම්බල සමඟින් රතු කැකුළු බතක් පිළියෙල වුණා. හරිම රසයි ඒ ආහාරය. මහන්සියෙන් හිටිය අපිත් පින් දීමෙන් යුතුව එය ගෙන සුවසේ නින්දට වැටුනා.

මා මේ ගමනේදී ඉගෙන ගත් දේ බොහොමයි. ඒ දේවල් ඔබත් සම්ඟින් බෙදා ගැනීම තරම් සතුටක් මට කොයින් ද? මේ පින මට ගමන යාමට උදව් උපකාර කල සැමටම අත්පත් වේවා! යි මගේ පැතුමයි.

ඊ ළඟට අපි යන්නේ අග්‍රා නුවරටයි.

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා 3 – ඉසිපතනේ මිගදායේ ඔබට තවත් තොරතුරු බිඳක නිමාව.

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා 3 – ඉසිපතනේ මිගදායේ ඔබට තවත් තොරතුරු බිඳක නිමාව..

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා 3 – ඉසිපතනේ මිගදායේ ඔබට තවත් තොරතුරු බිඳක නිමාව.

කසී රට මඟුල් බෙරය වැයූ ඉසිපතන මිගදායේ දාන සීල සමාධි ගුණ දම් පුරමින් දවස නිමා කල අයුරු ඔබට සෙනෙහසින් පුදමි.
Image

දඹදිව බුදුසමය ආලෝකවත් කළ සිංහල වීරයා —-   අනගාරික ධර්මපාල  තුමා
 
මිගදායේ ඇසල සදේ රැස් විහිදෙනවා
මුවපොව්වන් නෙත් විදහා බලා සිටිනවා
ගස් වැල්වල මල් පිපිලා සුවඳ හමනවා
යළිත් වරක් තුන් ලෝකෙට දහම් ඇසෙනවා
 
අහස් තලේ දෙව් විමනේ දෙවියෝ එනවා
බරණැස ඉසිපතනේ දැන් එළි විහිදෙනවා
නමස්කාර දී දෙවියන් දහම් අසනවා
යලිත් වරක් තුන් ලෝකෙට නිවන ලැබෙනවා
 
මිග්දායේ ගස් අතරේ රෑ සඳ පානේ
පස්වග තවුසන් සිටියා ඒ එළිමහනේ
සමිඳුගෙ මුවඟින් එන බණ පදයක් ගානේ
අසා සිටිනු හැර ලොව වෙන සැපතක් නෑනේ
 
බෝධිසත්ව ගුණෝපේත අනගාරික චරිතයෙන් බිඳක් නොලියා ලියන සටහන කුමකට දැයි මට සිතේ. ඔබ එතුමා ගැන දැනගත යුතුමය.
 
අද අපිට වැදපුදා ගන්නට ඉන්දියාවේ මේ පින් බිම් ඉතිරි වූයේ එතුමාට පින් අත්වෙන්නටයි. එ පමණක් නොවෙයි ඉන්දියාවට ද බෞද්ධ ඉතිහාසයක නටඹුන් ඉතිරිවී තිබෙන්නේ මෙ තුමා ගේ අප්‍රහිත ධෛර්‍යය නිසාය.
මේ අතර තව කිහිප දෙනෙකුටම පින් පෙත් දිය යුතුයි. ඒ ඉංග්‍රීසි ජාතික පුරා විද්යාඥ ජෙනරාල් කනිංහැම් තුමා, චීන ජාතික හියුං සාන් භික්ෂූණ් වහන්සේ, පාහියන් තුමා වැනි දේශාඨනයේ යෙදුන භික්ෂූන් වහන්සේලා ද, කේ.එම්. ශ්‍රී වාස්තව වැනි ඉන්දීය පුරා විද්‍යාඥයින් ට ද අප පින් පෙත් දිය යුතු යැයි මට සිතේ. ඒ මන්ද ඔවුන් නොවන්නට අපට වඳින්නට පුදන්නට දෙයක් ඉතිරි නොවනු ඇත. අද ඉන්දීය රජය මහා උජාරුවට බෝඩ් ගසා මේ පුද බිම් වල අයිතිය සංරක්ෂණය කලත් මේ උදාර පුද්ගලයන් නොවන්නට අපට ඉතිරි වන්නේ වල් බිහි වී ගිය කැලෑවන් ය.
බෞද්ධයෙක්‌, බෞද්ධ භික්‍ෂුවක්‌ නැති තරමටම දඹදිව බුදුසසුන අසරණ වී වසර අට සියයකට පසුව 1891 දී ලංකාවේ ධනවත් පවුලක උපත ලැබූ එවක දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් හැඳින් වූ බෞද්ධ තරුණයා දඹදිව වන්දනාව සඳහා පැමිණියේය.
 
එඩ්වින් ආර්නෝල්ඩ් ලියූ ‘ආසියාවේ ආලෝකය’ කියවා ඇමරිකන් ජාතික හෙන්රි ඕල්කට්‌ මැතිතුමා දඹදිව බෞද්ධ සිද්ධස්‌ථාන දැක ශ්‍රී ලංකාවේ කළ දේශන අසා කම්පාවට පත්ව ඔහු දඹදිව වන්දනාවට මුලින්ම පැමිණ ඇත්තේ බරණැස ඉසිපතන මිගදායටය.

 

බරණැස දුම්රියෙන් බැස මහායටිගාලින් යන විට ගල්කණු  පිරුණු කරත්ත දහයක්‌ බරණැස නගරය පැත්තට යන ආකාරයත් හිස්‌ කරත්ත කීපයක්‌ නගරයෙන් ඉසිපතනයට එන ආකාරයත් හේවාවිතාරණ තරුණයා දුටුවේය. ඔහු ඒ කරත්තකරුවන්ගෙන් මේ ගැන විමසූවිට ඔවුන් පවසා ඇත්තේ තම තමන් ගෙවල්වල අත්තිවාරම් දැමීම සඳහා මේ ගල් ගෙන යන බවයි. කරත්තවලට සමීපව බලන විට දකින්නට ලැබී ඇත්තේ විහාරයේ කැටයම් කණු සහ පිළිම වහන්සේලාගේ කඩා බිඳ දැමූ කොටස්‌ය. ඉසිපතනයට ළඟාවන විට රාත්‍රි වූ නිසා දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා පළමු රැය ගතකර ඇත්තේ වර්තමාන ජෛන පන්සල අසල තිබුණු නුග ගසක බෙනයක ය.
Image
මහා වනාන්තරයෙන් යටව තිබුණ ඉසිපතන මිගදායේ දකින්නට තිබුණේ ධම්මික ස්‌තූපය පමණි.
 
ලෝකයට ධර්ම චක්‍ෂුෂය, ඤාණ චක්‍ෂුෂය. විද්‍යා චක්‍ෂුෂය පහළ වූ මේ  මහා පිංබිමේ දකින්නට ලැබුණු දුක්‌බර කනගාටු අනුවේදනීය ආකාරය දැක කම්පාවට පත් වී දෙවැනි ගමන පැමිණ ඇත්තේ සිදුහත් මහබෝසතාණන් වහන්සේ  බුද්ධත්වය අවබෝධ කරගත් බුද්ධගයා පිං  බිමටයි.
 
බුද්ධගයාවේ දකින්නට ලැබුණේ ඊටත් වඩා වේදනා සහගත දර්ශනයකි. ක්‍රිෂ්ණ දයාල්ගිරි මහන්තා විසින් බුද්ධගයා මහා විහාරය, වජ්‍රාසනය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අත්පත් කරගෙන වජ්‍රාසනය මත වැඩසිටින පිළිම වහන්සේට රතු රෙදි අන්දවා පොට්‌ටු තබා කඩුක්‌කන් පළඳවා හින්දු දේවතාවකු හැටියට පුද පූජාකළ අතර හින්දු ආගමිකයන්ට හැර වෙන කිසිවකුට එහි ඇතුල්වීම පවා තදින්ම තහනම් කර තිබිණි. දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයාට ඇති වූ වේදනාව අසීමිතය.
 

කෙසේ හෝ ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ අබියසට ගොස්‌ සතිපට්‌ඨාන සූත්‍ර දේශනාව දේශනාකර අධිෂ්ඨාන කර ඇත්තේ මගේ ධනය මගේ ශ්‍රමය, මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම  බුද්ධගයාව  ඇතුළු දඹදිව සියලුම සිද්ධස්‌ථාන  මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙන් මුදවාගෙන ලෝක බොද්ධයන්ට නිදහසේ වැඳීම පිදීම පිණිස නිදහස්‌ කරගන්නා බවයි.  

1891 දී එවකට කොළඹ විෙද්‍යාදය පරිවේණාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ‘බුද්ධගයා මහාබෝධි සමාගම ‘ආරම්භ කරන්නට යෙදුණි.

 
ඉන්පසුව ශ්‍රී ලංකාවෙන් භික්‍ෂුන් කීපනමක්‌ එක්‌කරගෙන ගොස්‌ බුද්ධගයාවේ නතර කර තම සටන ආරම්භ කරන්නට හේවාවිතාරණ තරුණයා කටයුතු කළේය.
 Image
එතුමාගේ සටන් පාඨය වූයේ “සිංහලයිනි නැඟිටිව් බුද්ධගයාව බේරාගනිව්” යන්නයි. එතැන් පටන් මුළු ලෝකයේම සංචාරය කරමින් තම සටන සාර්ථක කර ගැනීම සඳහා දිවා රාත්‍රි වෙහෙස වී ඔහු කටයුතු කළේය.  මහන්තා සහ මහන්තාගේ මැරපිරිස බ්‍රිතාන්‍ය පාලක පිරිස, සමහර සිංහල නායකයන්, භික්‍ෂුන් යන විවිධ වර්ගයේ මහා සතුරන් මැද ධර්මපාලතුමා එදා කළ සටන අද්විතීය ය.  පූජා කිරීම, භාවනා කිරීම, බුදුන් වැඳීම ධර්මපාලතුමා ක්‍රමානුකූලව සිදු කළ කෙනෙකි. එතුමාගේ ධර්මදූත සේවය ආගම ප්‍රචාරය කිරීම සඳහා පමණක්‌ නොව දඹදිව දුප්පත් දුගී දරුවන්ට කෙස්‌ කැපීම, දත් පිරිසිදු කිරිම, නියපොතු පිරිසිදුව තබා ගැනීම, පිරිසිදුව ඇඳුම් ඇඳීම වැනි කටයුතු ගැන සිතා ළමුන් පස්‌දෙනකුගෙන් බරණැස ඉසිපතනයේ පුංචි පාසලක්‌ ආරම්භ කර මුළු පළාතේම දුප්පත් දරුවන්ට ඉගැන්වීමට කටයුතු ද ධර්මපාලතුමා සූදානම් කළේය.
 
එමෙන්ම බුද්ධගයාවේ ද පාසල් පුණ්‍ය බෙහෙත් ශාලා ආදිය බොහෝ සෙයින් ආරම්භ කරන්නට කටයුතු යොදන ලදී. ලෝකවාසී ජනතාවට සේවය කිරීම එතුමාගේ උදාර අරමුණුවලින් එකකි.  බුද්ධගයා මහා විහාරය අද මුළුලෝකයාම වැඳපුදා ගන්නේ ධර්මපාලතුමාට පිං සිද්ධවන්නටය.   බුද්ධගයාවට පමණක්‌ නොව කුසිනාරා, ලුම්බිණි. සැවැත්නුවර, කෝසම්බි, සංකස්‌ස, සාංචි ආදී සියලුම දඹදිව සිද්ධස්‌ථානයන් අද ලෝක බෞද්ධයන් වඳින්නේ පුදන්නේ ධර්මපාලතුමාගේ අප්‍රතිහත උත්සාහය හේතුවෙනි. 
 
1921 දී ධර්මරාජික විහාරයත්, 1931 දී මූලගන්ධකුටි  විහාරයත් ඉන්දියාවේ ඉදි කරවන ලදි.
දඹදිව  බෞද්ධ, හින්දු සැම දෙනාම විශ්වාස කරන්නේ අනගාරික ධර්මපාලතුමා නොසිටින්නට දඹදිව සිද්ධස්‌ථාන බෞද්ධයන්ට අහිමිවන බවයි. 1920 දී අනගාරික ධර්මපාලතුමා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නිවාස අඩස්‌සියේ වසර හතක්‌ සිරකර තැබූ අවස්‌ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්‌ථානය වූ ශ්‍රී ධර්මරාජික ෙච්තිය විහාරය අද ලෝක උරුමයක්‌ හැටියට නම් කර ඇත.
 
1931 ජූලි 13 වන දින​, බෝරුග්ගමුවේ රේවත මහ තෙරුන් වහන්සේ ආචාර්යත්වයෙහි තබා ගෙන​, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නමින්, පැවිදි දිවියට ඇතුළු විය​. සිරි දේවමිත්ත යන්න තම පැවිදි නමට ඇතුළු කර ගනු ලැබුවේ, හෙයියන්තුඩුවේ හිමියන්ට කෘත ගුණ සැලකීමට ය. කෝදාගොඩ උපසේන නා හිමිට ගෞරවය පළ කිරීමට​, උන්වහන්සේ ගේ පරණ සිවුරක් තම පරිහරණයට ගෙන්වා ගන්නා ලදි.
 
  බුද්ධගයා ප්‍රශ්නය ධර්මපාලතුමාගේ ජීවිත කාලයේ දී නොවිසඳුනි.

1947 ඉන්දීයාව නිදහස් රාජ්‍යයක් වූ අතර බිහාර් ප්‍රාන්ත රාජ්‍යය බුද්ධගයා පාලන ආඥා පනත් සම්මත කර එමගින් හින්දුන් සතර දෙනෙක් ද, බෞද්ධයන් සතර දෙනෙක් ද සහිත ගයා දිස්ත්‍රික්කයේ ආදායම් පාලක (Gaya Collector)  සභාපති වශයෙන් නිර්මාණය කර එම ආඥා පනත 1948 සිට මේ දක්වා ක්‍රියාත්මක වේ. බෝධිගයා මහා නඩුව යන නමින් ප්‍රකට වූ දීර්ඝ නඩු විභාගය 1906 දී අවසන් වූයේ ධර්මපාලතුමා පරාජයට පත් කරමිනි. ඉන් අධෛර් ය නොවූ ඔහු බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ සටන අඛණ්ඩව ම ඉදිරියට ගෙන ගියේ ය​.  

ඔහු ගේ අභාවයෙන් පසුව​, බෞද්ධ හින්දු දෙ පාර්ශ්වයෙන් ම හතර දෙනා බැගින් නියෝජනය වන කමිටුවකින් බුද්ධගයාව පාලනය විය යුතු බවට නියම වෙමින් 1949 දී බුද්ධගයා පනත සම්මත විය​.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වසර 800 ක පමණ කාලයක්‌ ඉන්දියාවේ බෞද්ධයන්ට අහිමිව තිබූ බෞද්ධ සිද්ධස්‌ථාන යළිත් බෞද්ධයන්ගේ උරුමයට නතුකර දෙමින්ද  බුදු දහම ලෝක පූජිත කිරීම අරභයා දිවිහිමියෙන් කටයුතු කරමින්ද වසර 56 ක තරම් කාලයක්‌ ජාත්‍යන්තර ශාසනික උත්තම මෙහෙවරක්‌ ඉටු කළ බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමා 1933 අප්‍රේල් මස 29 දා බරණැස සාරානාත්හිදී නව මූලගන්ධ කුටි විහාරය දෙසම දෙනෙත් හෙලා එළඹගත් සිහියෙන් යුක්‌තව අපවත් වූහ. 
 
එවන් යුග පුරුෂයන් විසින් ඉතාමත් කැපවීමෙන් ආරක්‌ෂා කළ සම්බුදු ශාසනය සිය පන මෙන් රකිමින් එහි චිර ජීවනය උදෙසා කැපවීම තරම් අගනා උපහාරයක්‌ තවත් මෙ දියත අපට තිබිය නොහැකිය.
 
ශ්රී දේහය ආදාහනය සාරානාත්හි සිදු කරන ලදී.  භෂ්මාවශේෂවලින් කොටසක් බරණැස ඉසිපතනාරාමයේ තැන්පත් කරන ලදි. ඉතිරි කොටස ලංකාවට වැඩම කරවන ලදි.
 

මූලගණ්ධකුටිවිහාරය

Image

තථාගථයන් වහන්සේ පළමු වස් කාලය වැඩ සිටියේ බරණැස ඉසිපතනයේ ය. යස කුල පුතුගේ දෙමාපියන් ගස්වල කොළ පරණ තණ කොල ආදිය උපයෝගී කරගෙන සාදන ලද මුල්ම කුටියේ පළමු වස් කාලය බුදුන් වහන්සේ ගත කලා. ධර්මාශෝක රජ තුමා විසින් මේ කුටිය විශාල කොට මූල ගණ්ධ කුටි විහාරය කරවූහ. අද මේ විහාරයේ නටඹුන් ඔබට දැකිය හැකිය. විශාල කුළුණු ලෙස කොටසක් ඇත. මෙහි අදත් සියල්ලෝම පුද පූජා පවත්වති.

 

නව මූලගන්ධ කුටි විහාරය:-

ImageImage
මහා බෝධි සමාගමේ සමාරම්භක බෝධිසත්ව ගුනෝපේත අනගාරික ධර්මපාල තුමාගේ ජීවිත ගමනේ සැබෑවූ සිහිනය නව මූලගන්ධ කුටි විහාරය යි.

 
පුරා විද්‍යා කැනීම් වලින් මතු කරගත් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට මේ විහාරය සාදවන ලදී. 1931 නොවැම්බර් 11 දා සාදා නිමකර කාර්තික් පූර්ණිමා දිනයේදී විවෘත කරන ලදී. සෑම වසරකම අලි ඇතුන් සහිත පෙරහැරකින් වීදි සංචාරය කර යලි පෙර සේම තිබුන ලෙස ධාතු කරඬුව තැන්පත් කරනු ලැබේ. මේ ධාතු කරඬුව ඉතාම ආරක්ෂා සහිතව තබා ඇත. එය විවෘත කිරීමට ඉන්දීය මහා බෝධී සමාගමේ ලේකම්  හිමියන් ගේත්, භාණ්ඩාගාරික තුමාගේත්, සාරානාථ මහා බෝධි මධ්‍යස්ථානාධිපති හිමියන් ගේත් සහාභාගිත්වය අනිවාර්‍යය වේ.
සාරානාථ මහා බෝධි සමාගමේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා සෑම දවසකම නොවරදවාම සන්ධ්‍යා කාලයේ 7.00 ට මූලගන්ධ කුටි විහාරයේ ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශණා කරනු ලැබේ. මේ අසිරිමත් දේශනාව ට ඔබ සවන් දෙන්න. එය ඔබට මේ ජීවිතයේ ලැබෙන භාග්‍යම සම්පන්න මොහොතක් වනු ඇත. සියළු දෙනා එකම හඬින් දම්සක් සූත්‍රය කියන විට ලැබෙන සැනසුම! සිත සිතා ප්‍රීතී වෙමි.

 

සාරනාත් බුදුපිළිමය:-

 
චුනාර් නමි ගල් විශේෂයකින ගුප්ත යුගයේ කල  නිර්මාණයක්. රැස්වළල්ල ලස්සන කැටයමි වලින් යුක්තයි යට කොටසෙ පස්වග මහණුන් පිරිත් නුල අතේ රදවාගෙන ඉන්න ආකාරයක් නිර්මාණය කරල තියෙනව. දෙනෙත් අඩවන්වි තොල්දෙක තෙත් ගතියෙන් යුක්තව ධම්ම චක්ක සුත්රය දේශනා කරන ආකාරය පෙන්නුම් කරනව. තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ඇගට ඇලුණ  සිවුරයි.  කොපමණ වේලාවක් එම පිළිම වහන්සේ දෙස බලා සිටියද සෑහීමකට පත්විය නොහැකි බවක් මට හැගේ. එය ඉතාම රමණීය වූ රන් පිළිම වහන්සේ නමකි.  විහාරයේ මනරම් බුදු පිළිමයත් සමඟම  දර්ශණීය චිත්ර කර්මත් ඔබ නෙත් සිත් පැහැර  ගනීවී.  ජපන් ජාතික කොට්සුනෝසු නම් ලෝක ප්රසිද්ධ චිත්ර ශිල්පියා විසින් ස්වභාවික ගල්කුඩු, මල් , කොළ, පොතු ආදියෙහි වර්ණ සංකලනයෙන් ඉතාම සෞම්ය වර්ණ භාවිතයෙන් බුද්ධ චරිතයේ වැදගත් සිද්ධි නිරූපණය වෙන ලෙස අඳිනා ලද සිතුවම් ඉතාම අලංකාර ය.
 
Image
 ඉසිපතන මිග දායේ සම්පූර්ණ භූමි භාගය අක්කර 900ක් පමණ වේ. . දෙසැටක් මිත්‍යාදෘශ්ඨික ආගම් අතර 63 වන ආගම ලෙස ඉන්දියාවෙ බෞද්ධ ආගම ඇති වූ බව කියවේ.   
 
සාරානාත් කෞතුකාගාරයේ සාරානාත් කෞතුගාරයේ සිංහ මුහුණු තුනක් සහිත අශෝක ස්තම්භය ද , ශිලා ලේඛණය ද සුරක්ෂිතව ඇත.  මුල් සාරානාත් බුදුපිළිම වහන්සේත්,  ශිව , පාර්වතී, විෂ්ණු ආදී හින්දු ප්‍රතිමාත් මෙහි තැන්පත් කර තිබේ. බොහොමයක් බෞද්ධ මෙන්ම හින්දු ශිෂ්ඨාචාර නටඹුන් මෙහි දැකිය හැකිය. පැරණි වළං, සත්ව රූප, ආභරණ, පබළු ඇට ආදී බොහෝ දේ සංරක්ෂිතව ඇත. ජෙනරාල් කනිං හැම් තුමා සොයා ගත් පුරා විද්‍යා වස්තු මෙහි තැන්පත් කර ඇත.
ඔබ දන්නවාද ඉසිපතන මිගදාය ” අවිජහිත ” පුණ්‍ය භූමියක් බව. ඒ කියන්නෙ ලොව පහළ වෙන  සෑම බුදුවරයෙක්ම අත් නොහරින භූමියක් කියන එකයි. මේ තාක් ලොව පහළවූ හා පහළවෙන්නාවූ සෑම බුදු වරයෙක්ම ස්පර්ෂ කරන්නාවු සුවිශේෂ ස්ථාන හතරක් තියෙනවා. 
ඒ නම් 1. බුද්ධගයාව 2. ඉසිපතනය 3. සැවැත් නුවර 4. සංකස්සපුරය යයි. ඉතින් මේ ඉසිපතනය “අවිජහිත භූමියක් “නිසා සුවිශේෂයි.
ඉසිපතනමිගදායවන්දනාගාථාව.
 
සං කම්පයං දස සහස්සිය ලෝක ධාතුං
දේසේසි යත්‍ර භගවා වර ධම්ම චක්කං
බාරාණසී පුර සමීප වනේ මිගානං
තං ධම්ම චේතිය මහං සිරසා නමාමී
 
බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ හිඳ දස දහසක් ලෝක ධාතුව කම්පා කරමින් උතුම් වූ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ සේක් ද බරණැස් නුවර සමීපයේ මිගදාය උයනෙහි ඉසිපතනාරාමයෙහි ඇති ඒ ධර්ම චෛත්‍යය මම සිරසින් නමස්කාර කරමි.
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ලක්දිව බුදු සසුන පිහිටුවා වදාල පසුව ලංකාවට රැගෙන ආ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව සිහිවීම සඳහාත් , දඹදිවින් ගත් ණය ආපසු ගෙවීමක් ලෙසත් සලකා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක්  1931 නොවැම්බර් 11 වනදා රෝපණය කරන ලදී. එකී බෝධීන් වහන්සේ ද පුද සත්කාර ලබමින් එහි වැඩ වෙසෙති.
Image

*** අද 2012 නොවැම්බර් 11 වන දිනම මෙම සටහන මට තබන්නට සිදු වීම දෛවයේ හාස්කමක් දැයි මට සිතේ. අදට මේ මූලගන්ධ කුටි විහාරය තනවා අවුරුදු අසූ එකක් පිරේ.   සාදූ!   සාදූ!!   සාදූ!!!

මෛත්‍රී බුද්ධ විහාරය යෙහි තනි සුදු ගලෙන් නෙළු ගෞතම හා මෛත්‍රී බුද්ධ ප්‍රතිමා දෙකක්  ඇත.
 සිරි දේවමිත්ත හිමියන් අවසන් කාලය ගත කල ස්ථානය මෙයයි. මෙහිදී අපට පැලවත්තේ සීවලී හිමියන් විසින් (මහා බෝධි භාරකාර මණ්ඩලයේ ලේඛකාධිකාරී ) ධර්ම දේශනාවක් කරන ලදී.  
අද මෙහි මහාබොධි සමාගමේ වැඩ වාසය කරන ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා ගෙන් සිදුවන මෙහෙය කියා නිම කල නොහැක.  උන්වහන්සේලා බොහෝ දුක්, කරදර ,පීඩා විඳිමින් අප උදෙසා විශාල කාර්යය භාරයක් ඉටුකරති. අප හට ඒ ස්ථාන වල වැදගත් කම කියා දීම ද , දානාමාන ආදිය ඉටුකර ගැනීම සඳහා අවශ්‍යය කටයුතු සම්පාදනය ද , සෙත් පිරිත් සජ්ඣායනා  කිරීම ද බොහෝ ඕනෑ කමින් සොයා බලා කටයුතු කරයි. ඒ ස්වාමීන් වහන්සේලා පතනා බෝධියකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා!යි ඉත සිතින්ම පතමි. 

පහත මාලයෙහි සාරානාථ මහා බෝධි සමාගම් කාර්‍යාලය හා ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ කෞතුකාගාරය පිහිටා ඇත.
ඉසිපතන මිගදායේ දිනය නිමා වූයේ දම්සක් පැවතුම් සූත්‍රය  සජ්ඣායනා කිරීමෙන් පසුවය. මේ සුන්දර දිනය ජීවිතයේ  මා මිය යන තෙක් සදා මතකයේ රැඳේවා!
මගේ සිතට දැනුන දේ කවියට නැගූවෙමි.

 
උදෑසනම හිරු එළියේ
මිගදායට අපි ආවා
සාදු සාදු සාදු කියා
බුදු පෙරහැර පේළි සදා
 
පස්වග මහණුන් උදෙසා
දෙසූ දහම් පද සිහිවී
නෙතු කඳුළින් පිරී ගියා
අප සිටියේ කොහිද කියා
 
බුදු හිමි පා පහස ලබා
තිබු මේ පින් බිම මහිමේ
පය තබනා හැම මොහොතෙම
දෙපා මගේ සිසිල් කලා
 
දම්සක් සුතුරේ බලයෙන්
නිදුක් නිරෝගී වේවා
යනෙනා සැම මේ දඹදිව
නිති දෙවියන් රැක දේවා
 
 
 අපහට මෙම විස්තර අපගේ හද මඬලට කිදා බහිනා ලෙස ගිනි අව්වේ ඇවිද යමින් කියා දුන්නේ සාරානාත් මහා බෝධි විහාරවාසී විමලරතන ස්වාමීන් වහන්සේ විසිනි . උන්වහන්සේට බැති සිතින් පුන්‍යාණුමෝදනා කරමි.

 
 

  පහන් සිතින්ම නින්දට ගියෙමි. 

විශේෂ ස්තූතිය බෙස්ට් ලයිෆ් ආයතනයේ අජිත් ක්‍රිශාන්ත මහතාට සහ කීර්ති පුතාට.

මීළඟට……… කාන්පූර්    දක්වා දිගු ගමන.