ශ්රද්ධාවන්ත පුද්ගලයෙක් දැකිය යුතු ස්ථාන හතරක්! Four Places of Pilgrimage

ත්රි පිටකයේ ඇති සෑම සූත්රැයක්ම පාහේ බුදුරජාණන් වහන්සේ හෝ භික්ෂුන් වහන්සේලා විසින් යම්කිසි පිරිසක් හෝ පුද්ගලයෙක් මුල්කරගෙන දේශනා කොට ඇත. එහෙත් දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්රය යම්කිසි පුද්ගලයෙක් මුල්කරගෙන දේශනා කරන ලද්දක් නොවේ. මෙම සූත්රේයෙන් බුදුරජාණන් වහන්සේගේ අවසාන කාලය හා පිරිනිවන් පෑම ගැන කියවේ.

බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ වැඩවාසය කරන බව අජාසත් රජතුමාට ආරංචි විය. රජතුමා තමාගේ වස්සකාර ඇමතියාට මෙසේ කියයි. “මම බලවත් රජකෙනෙකි. ලිච්ඡවීන් ද බලවත් වී සිටීම සුදුසු නැත. එම නිසා ඔවුන් පරාද කිරීමට මම අදහස් කරමි. ඒ බව බුදුරදුන්ට පවසන්න.” රජුගේ මෙම කථාව ඇසූ ඇමතියා බුදු රදුන් හමුවීමට ගොස් උන්වහන්සේට ඒ බව පැවසීය. මේ කථාව ඇසූ උන්වහන්සේ ඒ අසල සිටි ආනන්ද හිමියන්ට මෙසේ පැවසීය. “ආනන්දය ලිච්ඡවීන් සප්ත අපරිහානීය ධර්ම පිළිපදින තුරු ඔවුන් පරාජය කිරීමට කිසිවෙකුටවත් නුපුළුවන.”
ඉන්පසූ උන්වහන්සේ ආනන්ද හිමියන්ගේ මාර්ගයෙන් රජගහ නුවර සිටි සියලුම භික්ෂුන් වහන්සේලා උපස්ථාන ශාලාවට කැඳවයි. භික්ෂුන් වහන්සේලාගේ පිරිහීමට හේතුª නොවන කරුණු තිස් අටක් උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට පෙන්වා දෙයි. රජගහ නුවරින් අම්බලට්ඨිකා නැමති ගමටත් ඉන්පසු නාලන්දාවේ පාවාරිකා අඹ උයනටත් ඉන්පසු පාඨලී ගමටත් වඩියි. එහිදී බොහෝ මිනිස්සු බුදුරදුන්ට හා භික්ෂුන් වහන්සේලාට බොහෝ සේ පුද සත්කාර පැවැත්වූහ. මිනිසුන්ට දහම් දෙසූ උන්වහන්සේ දුස්සීල වීමේ අදීනව පහක් පෙන්වා දුන්නේය. දුස්සීලයාගේ සම්පත් විනාශවීම, අපකීර්තිය පැතිරීම, පිරිසක් මැදදී බියක් ඇතිවීම, සිහිය විකල් වී මියයාම හා මරණින් පසු අපායට යාම, සිල් රැකීම නිසා ලැබෙන ආනිසංස පහක් ද බුදුරදුන් පෙන්වා දෙයි.
මේ අවස්ථාව වනවිට අජාසත් රජතුමා වජ්ජීන් සමඟ යුද්ධයකට යාම සඳහා පාඨලී නගරය ඉදිකරවයි. සුනීධ හා වසස්කාර යන ඇමතියන් දෙදෙනා මේ සඳහා මුල්වී ඇත. නගරය ඉදිකර අවසන් වූ පසු බුදුරදුන් ඇතුළු භික්ෂුන්ට දානයක් දෙයි. ඉන්පසු උන් වහන්සේ කෝටි ගමටත් එතැනින් විශාලා නුවරටත් වඩියි. මේ බව අම්බපාලිට ආරංචි වෙයි. ඇය වාහනයක නැගී බුදුරදුන් හමුවීමට පැමිණ හෙට දානය සඳහා තමාගේ නිවසට වඩින ලෙසට ආරාධනා කරයි. උන්වහන්සේ ඇයගේ ආරාධනාව පිළිගනී. ඇය ආපසු සිය නිවසට යද්දී අතරමගදී ලිච්ඡවීන් හමුවෙයි. ඇය තම නිවසේදී හෙට පවත්වන දානය ගැන ඔවුන්ට පවසයි.
ලිච්ඡවීන්ට පෙර ඇය බුදුරදුන්ට දානය දීම ඔවුන්ට මදිපුංචි කමක් යැයි ඔවුහු සිතූහ. හෙට දින දානය දීමට අපට අවස්ථාව දෙන්නේ නම් ඔබට කහවනු ලක්ෂයක් දීමට අපි සූදානම් යැයි ඔවුහු අම්බපාලිට පවසයි. එහෙත් ඇය එයට කැමති නොවූවාය. ලිච්ඡවීන් බුදුරදුන් හමුවීමට ගොස් හෙට දින දානයට ආරාධනා කරයි. හෙට දින අම්බපාලිගේ නිවසේ දානය භාරගෙන ඇතැයි කියා ඔවුන්ගේ ඉල්ලීම උන්වහන්සේ ප්රතතික්ෂේප කරයි. මෙයින් බොහෝ සේ ලැජ්ජාවට පත් වූ ඔවුහු ආපසු ගියහ. අපි ගැහැණියෙකුට පරාද වූවා යැයි ඔවුන් සිතූහ. පසු දින උන්වහන්සේ ඇයගේ නිවසේ දානයට වැඩම කළ අතර ඇය දානය පිළිගන්වා ඇයගේ අඹ උයන ද පූජා කළාය.
ඉන්පසු උන්වහන්සේ බේලුව ගමට වඩියි. මේ අවස්ථාව වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු අසූවකි .

බේලුව ගමෙන් උන්වහන්සේ චාපාල චේතියට වැඩම කරයි. සතර සෘධිපාද වැඩූ පුද්ගලයකුට කල්පයක් හෝ ඊට වැඩියෙන් ජීවත්විය හැකි යැයි උන්වහන්සේ ආනන්ද හිමිට පවසයි. මීට පෙර ගිජ්ජකූට පර්වතය, වේළුවනාරාමය, ජීවක අඹ උයන වැනි ස්ථානවලදී කල්පයක් වැඩ සිටීමේ කථාව පවසා ඇත. එකම අවස්ථාවකදීවත් කල්පයක් වැඩ සිටින ලෙසට ආනන්ද හිමි ආරාධනා කර නැත. තව මාස තුනක් ගතවූ පසු පිරිනිවන් පෑමට උන්වහන්සේ තීරණය කළේය. ඒ සමගම මහපොළොව කම්පා විය. මහපොළොව කම්පා වූයේ ඇයි දැයි ආනන්ද හිමි බුදුරදුන්ගෙන් අසයි. තමා ආයු සංකාරය අත්හල නිසා පොළොව කම්පා වූ බවත් කරුණු අටක් නිසා මහපොළොව සෙළවෙන බවත් පැවසීය.

ඉන්පසු කූටාගාර ශාලාවට වැඩම කළ උන්වහන්සේ සියලුම භික්ෂුන් එම ස්ථානයට රැස්කරවා අවවාද දුන්නේය. සියලු සංස්කාර ධර්මයන් අනිත්යි බවත් තව මාස තුනකින් පිරිනිවන් පානා බවත් භික්ෂුන්ට පවසයි. ඉන්පසු විශාලා නගරයට ගොස් නාගාවලෝකනයෙන් එම නගරය දෙස බලා එම නගරය දකින අවසාන අවස්ථාව යැයි භික්ෂූන්ට පැවසීය. (ඇත් රජෙක් තමාගේ මුළු ශරීරයම හරවා ආපසු බැලීම නාගාවලෝකනයයි)

විශාලා නගරයෙන් නික්මුණු උන්වහන්සේ භණ්ඩගම හත්ථිගාම, අම්බගාම, ජම්බුගාම පසුකොට භෝග නගරයට වඩියි. එම නගරයේදී සතර මහා පදේශ දේශනා කළේය. එම නගරයෙන් පිටත් වූ උන්වහන්සේ පාවා නුවර චුන්ද කර්මාර පුත්ර යාගේ අඹ උයනේ නතර වෙයි. මේ බව ආරංචි වී බුදුරදුන් හමුවීමට පැමිණි චුන්ද හෙට දානය සඳහා මාගේ නිවසට වඩින ලෙසට උන්වහන්සේට ආරාධනා කළේය.

පසු දින භික්ෂුන් සමඟ ඔහුගේ නිවසට වඩියි. එහිදී සූකර මද්දව නැමති සිනිදු ආහාරයක් බුදුරදුන්ට පිළිගන්වයි. මෙම සිනිඳු ආහාරය තමාට පමණක් පිළිගන්වා ඉතිරිය වළදමන ලෙසටත් මෙම ආහාරය දිරවිය හැකි වන්නේ තමාට පමණක් බවත් වෙනත් කිසිම පුද්ගලයෙකුට මෙය දිරවන්නේ නැති බවත් උන්වහන්සේ පැහැදිලි කළේය. මෙම සූකර මද්දවය වැළදීම නිසා උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවූ අතර බුදුරදුන් එම අසනීප තත්ත්වය යටපත් කර ගත්තේය. (සමහරු විශ්වාස කරන අන්දමට සූකර මද්දවය යනු ඌරු මස්ය. එය වැරදි විශ්වාසයකි. මද්දවය යන වචනයෙන් සිනිදු යන අදහස ලැබෙයි. ඌරු බිම්මල් හෝ වෙනත් සිනිදු ආහාරයක් මෙයින් අදහස් කරන බව බොහෝ උගතුන්ගේ අදහසයි. සියලු දෙනාටම මෙම ආහාරය දිරවන්නේ නැත.)

ඉන්පසු බුදුරදුන් කුසිනාරා නුවරට වඩියි. අතරමඟදී කලන්තය සෑදී ගසක් මුල වාඩිවෙයි. වතුර පිපාසය සෑදී ආනන්ද හිමිගෙන් ජලය ඉල්ලයි. එම ස්ථානයේ තුබූ ජල මාර්ගයකින් කරත්ත ගමන්කර තිබූ නිසා ජලය බොරවී තිබුණි. තුන් වතාවක් උන්වහන්සේ ආනන්ද හිමිගෙන් ජලය ඉල්ලීය. බොර වතුර පෑදෙන තුරු උන්වහන්සේට ජලය නොලැබුණි. මෙදින ආලාර කාලාමගේ ශ්රාමවකයෙකු වූ පුක්කුස නැමැත්තා බුදුරදුන් හමුවට පැමිණ උන්වහන්සේ සමඟ කථා කරයි. ඔහු බුදුරදුන් කෙරෙහි පැහැදී උන්වහන්සේට වස්ත්රුයක් පූජා කරයි. එම වස්ත්රිය බුද්ධ ශරීරයට ලංකල විට ශරීරය රන්වන් විය. බුද්ධත්වය ලබන අවස්ථාවේදී හා මෙම අවස්ථාවේදී උන්වහන්සේගේ සිරුර රන්වන් පාට වූ බව පරිනිබ්බාන සූත්රරයේ සඳහන් වෙයි.

ඉන්පසු උන්වහන්සේ කුකුත්තා නදියට ගොස් පැන් පහසු වෙයි. පසුව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තක නමැති සල් උයනට වැඩම කරයි. තමාගේ සගල සිවුර හතරට නමා සල් ගස් දෙකක් අතර එළන ලෙසට චුන්ද කර්මාර පුත්රැයට පැවසූ අතර ඔහු එසේ කළේය. තමාගේ දානය වළදා බුදු රදුන් අසනීප වූයේ යැයි ඔහු අසතුටට පත්වූයේය. මේ බව දැනගත් උන්වහන්සේ ඔහුගේ අසතුට නැතිවන ලෙසට කරුණු පහදා දුන්නේය. බුදු බව ලැබීමට පෙර දානය පිළිගැන්වූ පුද්ගලයාටත් පිරිනිවන් පෑමට පෙර දානය පිළිගැන් වූ පුද්ගලයාටත් සමාන ආනිසංස ලැබෙන බව පෙන්වා දී චුන්දගේ හිත සතුටු කළේය.

ශ්ර්ද්ධාවන්ත පුද්ගලයෙක් දැකිය යුතු ස්ථාන හතරක් ඇති බව බුදුරදුන් ආනන්ද හිමිට පෙන්වා දෙයි. සිදුහත් කුමරු උපන් ස්ථානය, බෝසතාණන් වහන්සේ බුදු වූ ස්ථානය, මංගල ධර්ම දේශනය පැවැත්වූ ස්ථානය හා පිරිනිවන් පෑ ස්ථානය එම ස්ථාන හතරයි. බුදු සිරුර ආදාහනය කරනවිට සක්විති රජ කෙනෙකුගේ ආදාහනයක් මෙන් සිදුකළ යුතු බවත් අලුත් සළුවලින් වෙලා ඉන්පසු පුළුන් වලින්ද නැවත්ත සළුවලින් හා පුළුන්වලින් ආදී වශයෙන් බුදු සිරුර වෙළිය යුතු ආකාරය උන්වහන්සේ ආනන්ද හිමිට පැහැදිලි කර දුන්නේය. පුද්ගලයන් හතර දෙනෙකුගේ ධාතු නිදන් කර චෛත්ය් ඉදිකිරීම සුදුසු බවත් එම පුද්ගලයන් ථූපර්හ පුද්ගලයන් බවත් බුදුරදුන් පසේ බුදුරදුන් රහතන් වහන්සේ සහ සක්විති රජතුමා එම පුද්ගලයන් හතර දෙනා බව උන්වහන්සේ පෙන්වා දුන්නේය.

මේ අවස්ථාව වනවිටත් තමාට රහත් වීමට නොහැකි වීම පිළිබඳව ආනන්ද හිමි කම්පා වූ අතර එසේ කම්පා නොවන ලෙසට උන්වහන්සේ ආනන්ද හිමිට පැවසීය. එම ස්ථානයේ සිටි භික්ෂුන් වහන්සේලාට ආනන්ද හිමිගේ ගුණ පවසන ලදී. මේ අවස්ථාවේදී ආනන්ද හිමි කුසිනාරා වැනි කුඩා නගරයක පිරිනිවන් නොපා විශාලා නගරයකට යෑමට යෝජනා කළත් බුදුරදුන් එම අදහස පිළිගත්තේ නැත. මේ අවස්ථාවේදී සුභද්ද නැමති පරිබ්රාඅජකයෙක් බුදුරදුන් හමුවට පැමිණ පැවිදි වීමට ආශා කළ අතර බුදුරදුන්ගේ නියමයෙන් ආනන්ද හිමි එම කටයුත්ත කළේය. බුදුරදුන් ගැන හෝ ධර්මය ගැන හෝ සංඝයා ගැන හෝ යම්කිසි සැකයක් අවිශ්වාසයක් ඇත්නම් ඒ ගැන අසන ලෙසටත් මට ඇති ගෞරවය නිසා මාගෙන් ඇසිය නොහැකි නම් වෙනත් භික්ෂුවකගේ මාර්ගයෙන් අසන ලෙසටත් උන්වහන්සේ භික්ෂූන්ට දැන්වීය. භික්ෂුන් වහන්සේලා නිශ්ශබ්ද විය.
අවසානයේදී උන්වහන්සේ එක් එක් ධ්යාෂන වලට සමවැදී පිරිනිවන් පා වදාළේය. ආනන්ද හිමි බුදුරදුන් පිරිනිවන් පෑ බව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ට දැන්වීය. බුදුරදුන් මුලින් දුන් උපදෙස් අනුව පිරිසිදු වස්ත්රවවලින් හා කපුවලින් වෙලා දවස් හතක් සුවඳ දුමින් හා සුවඳ පැන්වලින් නාවා ශ්රීන දේහය චිතකයේ තැන්පත් කළේය. මල්ල රජවරු හතර දෙනෙක් හිස් සෝදා නා පිරිසිදු වී පිරිසිදු වස්ත්රද ඇඳගෙන චිතකයට ගිනි දැල්වීය. එහෙත් මහා කාශ්යිප හිමි පාවා නුවර සිට කුසිනාරාවට වැඩම කොට චිතකයට වැද නමස්කාර කරන තුරු චිතකයට ගිනිගත්තේ නැත.

මහා කාශ්යාප හිමි පාවා නුවර සිට භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන කුසිනාරා නුවර බලා පැමිනෙද්දී බුදුරදුන් පිරිනිවන් පෑ බව ඇසූ පෘතජ්ජන භික්ෂුන් හඬන්නට පටන් ගත්හ. ඒ අවස්ථාවේදී මහළු වී පැවිදි වූ සුභද්ද නැමති භික්ෂුව මෙසේ කීහ. “අඬන්න එපා සෝක කරන්න එපා අපි ඒ ශ්ර්මණයා නැති නිසා අපිට කැමති දේ කරමු අකමැති දේ නොකරමු” මෙම කථාව ඇසීමෙන් මහා කාශ්යිප හිමි සංවේගයට පත්විය.

ආදාහනයෙන් පසුව බුදුරදුන්ගේ ධාතු බෙදා ගැනීම සඳහා රජවරුන් අතර අසමගියක් ඇතිවිය. මමත් බලවත් රජෙක් යැයි සිතු අජාසත් රජුද ධාතු ගැනීමට ආවේය. අවසානයේදී දෝණ නමැති බමුණා සියලුම රජවරුන් සංසුන් කොට සියලුදෙනාටම ධාතු බෙදා දුන්නේය.

අපගේ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කුශිනාරා නුවර උපවර්තන සාලවනෝද්යාරනයේ යමා සල් රුක් අතර පිරිනිවන් පෑම පිණිස සිංහ සෙය්යානවෙන් සැතපී සිටිමින්, පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා මෙසේ වදාළ සේක.
‘‘චත්‌තාරොමෙ, ආනන්‌ද, ථූපාරහා. කතමෙ චත්‌තාරො? තථාගතො අරහං සම්‌මාසම්‌බුද්‌ධො ථූපාරහො, පච්‌චෙකසම්‌බුද්‌ධො ථූපාරහො, තථාගතස්‌ස සාවකො ථූපාරහො, රාජා චක්‌කවත්‌තී ථූපාරහොති”
“පින්වත් ආනන්ද, ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙකි. ඒ කවර සතර දෙනෙක් ද..? තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. පසේ බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. තථාගත ශ්රාකවකයන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. චක්රදවර්තී රජු ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය.”
‘‘කිඤ්‌චානන්‌ද, අත්‌ථවසං පටිච්‌ච තථාගතො අරහං සම්‌මාසම්‌බුද්‌ධො ථූපාරහො? ‘අයං තස්‌ස භගවතො අරහතො සම්‌මාසම්‌බුද්‌ධස්‌ස ථූපො’ති, ආනන්‌ද, බහුජනා චිත්‌තං පසාදෙන්‌ති. තෙ තත්‌ථ චිත්‌තං පසාදෙත්‌වා කායස්‌ස භෙදා පරං මරණා සුගතිං සග්‌ගං ලොකං උපපජ්‌ජන්‌ති. ඉදං ඛො, ආනන්‌ද, අත්‌ථවසං පටිච්‌ච තථාගතො අරහං සම්‌මාසම්‌බුද්‌ධො ථූපාරහො.”
“පින්වත් ආනන්ද, තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු වන්නේ කවර අර්ථයක් නිසා ද..? මේ ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්ථූපය යි කියා බොහෝ පිරිසක් සිත පහදවා ගනිති. එසේ තථාගත ස්ථූපයේ සිත පහදවා ගෙන කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ ස්වර්ග ලෝකයේ උපත ලබති. පින්වත් ආනන්ද මේ අර්ථය හේතු කොට ගෙන තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු වෙයි.”
මහා පරිනිබ්බාන සූත්රය – දීඝ නිකාය

This slideshow requires JavaScript.


Ananda’s Concern

“Formerly, Lord, on leaving their quarters after the rains, the bhikkhus would set forth to see the Tathagata, and to us there was the gain and benefit of receiving and associating with those very revered bhikkhus who came to have audience with the Blessed One and to wait upon him. But, Lord, after the Blessed One has gone, we shall no longer have that gain and benefit.”

Four Places of Pilgrimage

“There are four places, Ananda, that a pious person should visit and look upon with feelings of reverence. What are the four?
“‘Here the Tathagata was born! This, Ananda, is a place that a pious person should visit and look upon with feelings of reverence.
“‘Here the Tathagata became fully enlightened in unsurpassed, supreme Enlightenment!’ This, Ananda, is a place that a pious person should visit and look upon with feelings of reverence.
” Here the Tathagata set rolling the unexcelled Wheel of the Dhamma!’ This, Ananda, is a place that a pious person should visit and look upon with feelings of reverence.
“‘Here the Tathagata passed away into the state of Nibbana in which no element of clinging remains!’ This, Ananda, is a place that a pious person should visit and look upon with feelings of reverence.

“These, Ananda, are the four places that a pious person should visit and look upon with feelings of reverence. And truly there will come to these places, Ananda, pious bhikkhus and bhikkhunis, laymen and laywomen, reflecting: ‘Here the Tathagata was born! Here the Tathagata became fully enlightened in unsurpassed, supreme Enlightenment! Here the Tathagata set rolling the unexcelled Wheel of the Dhamma! Here the Tathagata passed away into the state of Nibbana in which no element of clinging remains!’

“And whoever, Ananda, should die on such a pilgrimage with his heart established in faith, at the breaking up of the body, after death, will be reborn in a realm of heavenly happiness.”
Then the Venerable Ananda said to the Blessed One: “How, Lord, should we conduct ourselves towards women?”
“Do not see them, Ananda.”
“But, Lord, if we do see them?”
“Do not speak, Ananda.”
“But, Lord, if they should speak to us?”
“Then, Ananda, you should establish mindfulness.”
Then the Venerable Ananda said: “How should we act, Lord, respecting the body of the Tathagata?”
“Do not hinder yourselves, Ananda, to honor the body of the Tathagata. Rather you should strive, Ananda, and be zealous on your own behalf, for your own good. Unflinchingly, ardently, and resolutely you should apply yourselves to your own good. For there are, Ananda, wise nobles, wise brahmans, and wise householders who are devoted to the Tathagata, and it is they who will render the honor to the body of the Tathagata.”
Then the Venerable Ananda said: “But how, Lord, should they act respecting the body of the Tathagata?”
“After the same manner, Ananda, as towards the body of a universal monarch.”
“But how, Lord, do they act respecting the body of a universal monarch?”
“The body of a universal monarch, Ananda, is first wrapped round with new linen, and then with teased cotton wool, and so it is done up to five hundred layers of linen and five hundred of cotton wool. When that is done, the body of the universal monarch is placed in an iron oil vessel, which is enclosed in another iron vessel, a funeral pyre is built of all kinds of perfumed woods, and so the body of the universal monarch is burned; and at a crossroads a stupa is raised for the universal monarch. So it is done, Ananda, with the body of a universal monarch. And even, Ananda, as with the body of a universal monarch, so should it be done with the body of the Tathagata; and at a crossroads also a stupa should be raised for the Tathagata. And whosoever shall bring to that place garlands or incense or sandalpaste, or pay reverence, and whose mind becomes calm there — it will be to his well being and happiness for a long time.
“There are four persons, Ananda, who are worthy of a stupa. Who are those four? A Tathagata, an Arahant, a Fully Enlightened One is worthy of a stupa; so also is a Paccekabuddha, and a disciple of a Tathagata, and a universal monarch.
“And why, Ananda, is a Tathagata, an Arahant, a Fully Enlightened One worthy of a stupa? Because, Ananda, at the thought: ‘This is the stupa of that Blessed One, Arahant, Fully Enlightened One!’ the hearts of many people will be calmed and made happy; and so calmed and with their minds established in faith therein, at the breaking up of the body, after death, they will be reborn in a realm of heavenly happiness. And so also at the thought: ‘This is the stupa of that Paccekabuddha!’ or ‘This is the stupa of a disciple of that Tathagata, Arahant, Fully Enlightened One!’ or ‘This is the stupa of that righteous monarch who ruled according to Dhamma!’ — the hearts of many people are calmed and made happy; and so calmed and with their minds established in faith therein, at the breaking up of the body, after death, they will be reborn in a realm of heavenly happiness. And it is because of this, Ananda, that these four persons are worthy of a stupa.”

Advertisements