බෙස්ට් ලයිෆ් වන්දනා සමඟ – 6 – අසිරිමත් සංකස්ස පුර වන්දනාව.

අද අපි යන්නෙ සංකස්සෙ ට යි. සංකස්ස විහාරයට අග්රාථ වල ඉඳල කිලෝ මීටර් 175 ක් පමණ තියෙනව. මේ අසිරිමත් සංකස්ස පුර වන්දනාව ටිකක් දිගයි. වෙලාව අරගෙන කියවන්න. ඔබට තෙරුවන් සරණයි! DSCF2550                       DSCF2552 අග්රාවේ අපේ කාමරය. DSCF2486 අපි උදේ 7.25 ට තමයි සංකස්ස පුරේට යන්න පිටත් වුණේ. මහ මග හරිම සුන්දර, ඒත් දුෂ්කර පරිසරයක් තමයි තියෙන්නෙ. සංකස්ස විහාරෙ තමයි අපි අද නවාතැන් ගන්නෙ. අපි යන අතර මඟ දි පිරිත් කිව්ව අපේ බස් රථයේ සිටම. අපේ අජිත් මහත්තයා හැමදාම බුද්ධ වන්දනාව කලාට අද ඒක බාර දුන්න චාලට් අක්කට. එයා ඒ කාර්ය්්ය හොඳින්ම කලා. සරත් මල්ලිත් අද අපිට පුංචි කතා ටිකක් කිව්ව. මග ගමන් මහන්සිය යන්නත් එක්ක කොච්චර හොඳයි ද? මේ වගේ දේවල්. ඒව ඉවර වෙලා කීර්ති පුතා පූජාවලියේ 525 පරිච්ඡේදය අපිට කියෙව්වා. ඒකෙ මේ අසිරිමත් සංකස්ස පුර වරුණෙ හරිම ලස්සනයි. මම බොහොම ආසාවෙන් ඒක අහගෙන හිටියා. “එ වේලෙහි මහ පිරිස මහ තෙරුන්වහන්සේට සාධු කියා පූජා කොට ‘ස්වාමීනී අප බුදුන් කවර දවස් දකුමෝ ද , කුමක් වදාළ සේක් දැ’ යි විචාළ හ. එකල මහ තෙරුන්වහන්සේ ‘උපාසක ජනයෙනි ! බුදුහු සත්වන දවස් සකස්පුර දොරට බස්නා සේක, බුදුන් දක්නා කැමති කෙනෙක් එතැනට රැස්වව’ යි වදාළ සේක. ‘ස්වාමීනී ! ඒ සකස්පුර දොර නම් මේ සැවැත් නුවරට කෙතෙක් තැන්දැ’ යි විචාළ හ. ‘උපාසක ජනයෙනි ! මේ නුවරට තිස් යොදුන කැ’ යි වදාළ සේක… ….. එ කෙණෙහි බුදුන්ගේ ආනුභාවයෙන් මහපිරිස් ආකාශයෙන් යන සක්විති පිරිසක්සේ ඉක්බිති ගෙයක් මඟුල් බලන්නට යන්නා සේ, කිසි පීඩාවකුත් නැතිව පතුල් බොලැට ගැහුමකුත් නැතිව යන්නා හු, සමහරු මුඛයෙහි තිබූ බුලතට සුණුවත තිස්යොදුන් මග ගෙවා ගොස් සකස්පුර දොරදී කෑහ. සමහරු ඉසකේ බැඳ බැඳ යන්නා හු, ඔබ වන් කලම බැඳ නිම වූහ…..” (උපුටාගැනීම–පූජාවලිය, දෙවොරොහණ පූජා කථා) ලොව්තුරා බුදුබවට පත් බුදු පුතෙකු බිහි කළ මහාමායා දේවිය තරම් උතුම් පිංවත් මෑණීකෙනෙක් ලොව පහලවූයේ නැත. එහෙත් තම පුතු බුදු බවට පත්වනවිට මෑණියන් වහන්සේ සිටියේ දෙව්ලොවයි. ඒ බුදු පුතෙකු උපන් මව කුසකට තවත් කෙනෙක් පිළිසිද නොගන්නා ලෝක නියාමය අනුව දින සතකින් කලුරිය කිරීමේ පිළිවෙත අනුවය. ඇසළ පුන් පොහෝ දින ගන්ධබ්බ වෘක්ෂමූලයේදී යමාමහ පෙළහර පෑමෙන් අන්යහ තීර්ථකයන් දමනය කල බුදුරදුන් උදාවූ සත්වන වස් කාලය තම මියගිය මෑණියන්ට පිහිටවීම පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළේය. ඒ අනුව වස් තුන් මාසය මාතෘ දිව්යලරාජයාට අභිධර්මය හෙවත් විජම් බණ දේශනා කරමින් එහි වැඩ විසූ සේක. මාතෘ දිව්ය රාජයා අවසන සෝවාන් බවට පත්විය. මේ තුන්මස ඉකුත්වී වප් පුන් පොහොය උදාවන්නට විය. අපගේ බුදුරදුන් දැක ගත නොහැකිව බොහෝ චිත්ත පීඩාවෙන් යුක්තව සිටි සැදැහැති ජනයාට මුගලන් හිමියන් ගෙන් දැනගත හැකිවූයේ වප් පොහෝ දින බුදුරදුන් දෙව් ලොවින් මනුලොවට වැඩම කරන බවයි. DSCF2496                       කණින් කණ , කටින් කට එම පණිවිඩය ලැව් ගින්නක් සේ දස අතම පැතිර ගියේය. සංකස්ස පුරය එදා බෞද්ධ, අබෞද්ධ ,ලොකු, කුඩා ජනී ජනයාගෙන් පිරී ඉතිරී යන්නට විය. පොහොය දින වන විට සතර දිග් භාගයෙන් ඇදී ආ ජනතාව නිසා සංකස්ස පුරය එකම හිස් ගොඩක් බවට පත්විය. චුල්ල අනාථපිණ්ඩික නම් සිටුවරයා තම මහා ධනස්ඛන්ධය වැය කරමින් රැස්ව සිටි ජනතාවට ආහාර පානාදියෙන් කිසිදු පීඩාවක් ඇතිවීමට ඉඩ නොතැබීය. පොහෝ දිනය උදාවිය. වෙනදා පැවති සැඩ හිරුරැස් අද නැත. දූවිලි සහිත සැඩ සුළං රැළි වෙනුවට ගත සිත සනසන මදනල පවනින් මුළු පරිසරයම ශාන්ත සුන්දර තත්වයට පත්විය. සොබා දහම පවා බුදුරදුන්ගේ වැඩම කරවීම අපේක්ෂාවෙන් සිටියාක් මෙන් විය. රැස්ව සිටි මහා ජනකාය ඇසි පිය නොහෙලා උඩු ගුවන දෙස බලා සිටියේ දැන් දැන් බුදුරදුන් වඬිනු ඇතැයි යන අපේක්ෂාවෙන් යුතුවය. මේ අතර එක් වරම දක්නට ලැබුනේ ගුවන් තලය සිසාරා දසත පැතිරී ගිය නීල, පීත , ලෝහිත, ඕදාත හා මාංජේෂ්ඨ යන ෂඩ් වර්ණ වූ බුදුරැස් මාලාවයි. ඒ සමඟම දැකගත හැකි වූයේ සවණක් ගණ බුදුරැසින් බබළන දෙතිස්මහා පුරිෂ ලක්ෂණයන්ගෙන් ද අසූවක් අනුව්ය්ඤ්ජනයන්ගෙන්ද එකසිය අටක් මංගල ලක්ෂණයන්ගෙන් ද ශෝභමානවූ සුන්දර දේහයකින් යුත් බුදුපියාණෝය. සත් රුවනින් නිමවන ලද ඉනිමගකින් බුදුරදුන් වඩිනා අතර රන්මය ඉනිමගකින් ශක්රම දේවේන්දයන් ඇතුළු දහස් සංඛ‍යාත භ්රිහ්මයෝ ද බුදුරදුන් දෙපස ගෞරව පූර්වකව සිටියහ. සහම්පතී මහා භ්රිහ්මයා බුදුරදුන්ට ඡත්රගය දැරූ අතර සුයාම නම් දිව්ය් රාජයා වල් විදුනාවෙන් පවන් සලමින් පැමිණියේය. DSCF2557                       දෙසවන් පිනවන මධුර ස්වරයෙන් යුක්තව වීනාව වාදනය කරන ලද්දේ ඒ පිළිබඳ විශේෂක්ඥයකු ලෙස ප්රුකට පංඤ්චශිඛ විසිනි. දිව්යි සමූහයා නේක සුගන්දයෙන් යුතු වූ මල්මාලා අත දරා සිටිහය. දිව්ය සමූහයාම සුවදවත් වූ මල්පෙති දසත විසිරුවමින්, සුවඳ දිය ඉසිමින් බුදුරදුන් වටා සිටියහ. ශක්රු, දිව්යද, භ්ර හ්ම , සුයාම ආදී සුවිශේෂ පිරිසක් පිරිවරා ගෙන දෙව් ලොවින් මනු ලොවට බුදුරදුන් වැඩම කරන කල්හී රැස්ව සිටි මහා ජනකාය අපරිමිත බුද්ධාලම්බන ප්රී තියකින් යුතුව මුළු දඹදිව් තලයම ප්රාකම්පිත කරවමින් සාධූ නාද පවත්වන්නට වූහ. මෙබඳු අසිරිමත් සිදුවීමක් සිදුවූ මේ පින්බිම සංකස්ස පුරවරයයි. මෙසේ වැඩම කළ බුදුපියාණන් වහන්සේ පුන්සඳ මඬලක් සේ දිදුළමින් සවණක් ගන බුදු රැස් මාලාවන් දස අත විහිදුවා ලූ සේක. මේ අසිරිමත් දසුනින් පළමුවරට ඔද වැඩුණු සැරියුත් තෙරණුවෝ සිරිපා කමල මත වැඳ වැටුණේ උතුරා යන බුද්ධාලම්භන පීරුත්තියෙනි. මෙම අසිරිමත් දර්ශනය දුටු සැරියුත් මහ තෙරුන් වහන්සේ DSCF2540 ” මෙවන් බුද්ධානුභාවයක් මින් පෙර මා කිසි දිනෙක දැක නැත, අසා නැත, බුද්ධ ශ්රීකය දැක බුදු බව නොපැතූ එකදු දෙවියෙකුද නැත, භ්ර හ්මයෙකුද නැත, මිනිසෙකුද නැත,” ආදී වශයෙන් බුදුරදුන්ගේ ශ්රී් පතුල් වන්දනා කරමින් බුදු ගුණ ප්රරකාශ කරන කල්හි එම අදහස මාතෘකා කොට ගෙන බුදුරදුන් විශේෂ ධර්ම දේශනයක් පැවැත්වූහ. එම දේශනය නිම වෙනවාත් සමඟම විශාල පිරිසක් මාර්ග ඵල අවභෝධය ලැබූහ. එමෙන්ම බුදුරදුන් එම අවස්ථාවේ දීම සැරියුත් මාහිමියන්ගෙන් එම ජනකාය මධ්ය යයේම ප්රවශ්ණ විචාරීමක් සිදුකල අතර ඒ සියල්ලටම සැරියුත් තෙරුන් ඉතා මනරම් ලෙස පිළිතුරු සැපයූහ. ඉන් මහත් ප්රිමෝදයට පත් වූ බුදුරදුන් මාගේ ශ්රා්වකයන් අතර සැරියුත් තෙරුන් ප්රපඥා වෙන් අගතැන් වන්නේ යැයි කියා ප්රදඥාවන්තයින් අතර අග තනතුර ප්ර්දානය කලහ. සොලොස් අසංඛ්යද කල්ප ලක්ෂදයකට පසු මතු බුදුවන මෛත්රීෙ බෝසතාණෝ මෙම ධර්ම සංවාදය ඇසීමෙන් අපමණ සතුටට පත් වී ගෞතම බුදු සසුනෙහි පැවිදි වූයේ වප් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය. සංකස්ස පුරයට පැමිණ සිටි ලක්ෂගනන් ජනයා අතර සිරිවඩ්ඪන නම් ගමින් විශාල පිරිසක් සිටියහ. සිරිවඩ්ඪන නම් සිටානන්ගේ පුත් සිරිවඩ්ඪන නම් කුමරාද මෙහි පැමිණ සිටියේය. පැවිදි උප්සම්පදාව ලබා ගැනීමෙන් අනතුරුව මෛත්රීද නමින් මතු බුදුබවට බුදුන්වහන්සේ ගෙන් නියත විවරණ ලද්දේ මේ කුමරාය. තමන් උගත් අභිධර්මය තම ශ්රාෙවක පිරිසට මුඛපරම්පරාවෙන් පවත්වාගෙන යනු පිණිස තමසිසු පිරිසට උගන්වමින් සැරියුත් හිමියන් මේ තුන් මසම නතරවී සිටි බැවින් එම ස්ථානය ” අගහත සරාය” එනම් “අගසව් සැරියුත් “නමින් අද ද එම ප්රැදේශය ඉන්දියානු ජනයා විසින් හඳුන්වනු ලබයි. ” මෙම අවස්ථාවේදී මුළු තුන් ලොවම එකවට විවෘත වූවාක් මෙන්මෙහිදී සිදුවූ තවත් වැදගත් සිදුවීමක් නම් “ලෝක විවරණ මහා ප්රාමතිහාර්ය‍ය විය. එහි රැස්ව සිටි ලක්ෂ සංඛයාත මනුශ්යායන්ට ශක්රක, භ්රාහ්ම, දිව්ය ආදී දහස් සංඛ‍යාත දෙවි දේවතාවියන්ද අවශේෂ භ්රනහ්මයන්ද දැකගත හැකි විය. එමෙන්ම ශක්ර , භ්රිහ්ම ආදීන්ට මනුශ්ය යන් මැනවින් දැකගත හැකි විය. බඹලොව නවයද, දහස් ගනන් සක්වලවල්ද, අවීචි මහානිරය ආදී නිරයන් සියල්ලම ද ඉතා පැහැදිළි ලෙස දර්ශනය වූ එකම අවස්ථාව මේ අවස්ථාව වේ. මෙවන් අසිරිමත් වූ පෙළහරක් දැක්විය හැක්කේ ලොව්තුරා බුදුවරුන්ටම පමණි. මේ අසිරිය දුටු සියල්ලෝම එකවර සියලු ලෝක සත්වයෝම බුදු බව පැතුහ. මෙවන් අසිරියක් ! බුදුබව ලබා අපිදු පෙළහර දක්වන්නෙමු යයි සිතා බුදුබව ප්රාකර්ථනා! කළහ. ලක්ෂ සංඛයාත පිරිසක් එකවර බුදුබව පැතූ එකම ස්ථානය සංකස්ස පුරයයි. සංකස්ස පුරයේ දීප්තිමත්ම යුගය ධර්මාශෝක රාජ්යද සමයයි. බුදු දහම වැළඳගත් රජතුමා බුද්ධගයාව, ඉසිපතනය ආදී සිද්ධස්ථාන වැඳපුදා ගෙන සංකස්සපුරට ද පැමිණියේය. එහි වැදගත්කම තේරුම් ගෙන එහි ස්ථූපයක් කරවීය. ඒ වටා තව ස්ථුප දෙකක් ඉඳි කළේය. ධර්මාශෝක රජතුමා බුදුරදුන් පොළව තුලට පය තබනාවත් සමඟම පොළව තුලට කිදා බැසගත් ඉනිමඟ කොපමණ දුරක් කිඳා බැස ඇත්දැයි විමසා බැලීමට මිනිසුන් යොදවා මහ පොළව හාරා බැලීය. ඉනිමං දිගේ පහලට හෑරූ ඔවුන්ට කහ පැහැති දිය උල්පතක් මිස කෙළවර හමු නොවීය. මින් පසුව රජ තුමාගේ ශ්රහද්ධාව වැඩි දියුණු වී ඉතාම අලංකාර විහාරයක් හා ඒ වටා ස්ථුප ද, ප්රපතාපවත් ඇත් රූපයක් සහිත ගල් කුළුණක් ද බුද්ධ ප්රඒතිමා හතරක් ද කරවීය. උත්පලවණ්ණා මෙහෙණිය සිටි ස්ථානයේ ද ස්තූපයක් කරවීය. චීන ජාතික පාහියන් හා හියුං සියෑං භික්ෂූන් ගේ වාර්ථා අනුව සංකස්ස පුරය ඉතාම සශ්රීාක , සමුර්ධිමත් ප්රගදේශයක් බවත් එහි වැස්සන් ආගන්තුක සත්කාර වලට ලැදි ඉතා උසස් ලෙස සංග්ර හ කිරීමට කැමති පිරිසක් බවත් කියැවේ. මේ විස්තරයන්ට අනුව සංකස්ස පුදබිම ඉතාම රමණීය චිත්තාකර්ශණීය ස්ථානයක් බවට ප්රසකට වෙයි. බෙහෙවින්ම රමණීය වූ පරම පූජණීය වූ සංකස්ස පුද බිමට ද අභාග්ය සම්පන්න යුගයක් උදාවිය. කණෞඋජයේ හර්ෂ වර්ධන රාජධානියේ ජයචන්ද්රය නම් දුෂ්ඨ පාලකයා සහපිරිවරින් පැමිණ වෙහෙර විහාර කඩා බිද දැමීය. විහාර මන්දිර සංඝාරාම , පුස්ථකාල ආදිය විනාශ කළේය. වටිනා සම්පත් පැහැර ගත්තේය. කීර්තිමත්ව හා දීප්තිමත්ව බැබළුන සංකස්ස පුද බිම ක්රරම‍යෙන් පරිහානියේ අගාධයටම ඇද වැටුණහ. මේ පිංකෙත වන සිව්පාවුන් ගේ වාස භූමියක් බවට පත් විය. DSCF2537                       ක්රිප.ව.1842 දී පුරාවිද්යාඥ ජෙනරාල් කනිංහැම් තුමාගේ අප්රනහිත ධෛර්යයේ ප්රගථිඵලයක් වශයෙන් මේ පුදබිම යළි සොයා ගතහැකි විය. ප්ර්ධාන ස්ථූපය සොයා ගැනීමෙන් පසුව ඉතිරිය අත්තිවරාම් පමණක් මතුකර ගැනින. අදටත් ඒවා එලෙසටම සීමා වී තිබේ. මින් වසර 87කට පසුව අනගාරික ධර්මපාල තුමා මෙහි පැමිණ ඇත. ඊටත් පසුව 1957 වර්ශයේ දී මඩබාවිට විජේසෝම හිමියන් සංකස්සයේ කුඩා විහාර මන්දිරයක් කරවා පාසැල් දරුවන්ට පාසැලක් ද කරවා වැඩ වාසය කර ඇත. DSCF2541                       දීර්ඝ කාලයක් පොලොව යට තිබූ අශෝක ස්ථම්භය 2500 බුද්ධ ජයන්තියේ දී උඩ කොටස පමණක් අඩි 10′ උඩට ගෙන, පිහිටුවා ඇත. පැරණි ස්තූප හා විහාර වල නටඹුන් අදත් දක්නට ඇති අතර ඒවා වගාබිම් බවට පත්කරගෙන ඇත. ප්රඅධාන ස්තූපය පිහිටි ස්ථානයද අක්කරයක් තරම් කුඩා බිම් පෙදෙසකට සීමා වී ඇත. චෛත්යස මළුවේ උඩට ගිය පසු හින්දු කෝවිලක් දක්නට ලැබේ. එය හින්දු ආක්ර්මණයන්ගෙන් පසුව ගොඩනැඟුනෙකි. අද උසාවියේ මේ සම්බන්ධව නඩුවක් ඇත. එය මතු දිනෙක ජය ගන්නට එම ස්වාමීන්වහන්සේලාට ලැබේවා! යි මගේ ද පැතුමයි. දේවාවරෝහණ මෛත්රි ය බුද්ධ විහාරය – DSCF2438       මෙම පුද බිමට නවෝදයක් උදාකරමින් 1995 අගෝස්තු මස 14 වන දින දේවාවරෝහණ මෛත්රිදය බුද්ධ විහාරයට මුල්ගල තැබීය. ආචාර්ය‍ය පණ්ඩිත ජූලම්පිටියේ ඤාණරතන මාහිමිපාණන් ගේ අප්ර හිත ධෛර්යය නිසාම 1998 වසරේදී දෙමහල් විහාර මන්දිරයේ වැඩ කටයුතු නිමාකිරීමට සමත් වූහ. මේ ස්වාමීන්වහන්සේලා ඉතාම දුශ්කර වූ මෙම පුදබිමෙහි වැඩ වාසයකරමින් බුදුසසුනට කරන්නාවූ මහඟු සේවය අපි සැවොම පින් පෙත් දෙමින් අගය කලෙමු. මේ පුද බිමෙහි වැඩ වාසය කරමින් ප්ර දේශයේ දරුවන්ටද මහගු සේවාවක් සලසමින් වැඩවසන්නාවූ සියලූම ස්වාමීන් වහන්සෙලාට නිදුක් නීරෝගී සුව ලැබී ප්රාවර්ථනා කරන්නාවූ උතුම් බෝධියකින් උතුම් වූ නිර්වානයම ඉතා ඉක්මනින් ලබාගැනීමට ලැබේවා! DSCF2546 බුදුරදුන් තව්තිසා දෙව්ලොව සිට මනු ලොවට වැඩම කළ ස්ථානයයි. තවද සියලු බුදුවරු අත්නොහරින පුණ්ය භූමියක් (අවිජහිත) වන අතර ලෝක විවරණ මහා ප්රාඅතිහාර්යය දක්වන ලද එකම ස්ථානය වේ. මෛත්ී ව බෝ සතුන් අවසාන වරට පැවිදි වීම, සැරියුත් මහා රහතන් වහන්සේට ප්රසඥාවත්තයක් අතර අග තනතුර ප්රනදානය කිරීම, සැරියුත් මහා රහතන් වහන්සේ බුදුගුණ කියමින් සිංහ නාද කිරීම, විශාල පිරිසක් එකවර බුදු බව පැතු ස්ථානය වීම සහ සැරියුත් හිමි තම සිසු පිරිසට අභිධර්මය දේශනා කරමින් වැඩ සිටි ස්ථානය ද මෙම සංකස්සපුරයයි. DSCF2549                           අපි විහාරයට එනවිට සවස 5.00 ට වගේ. ආව ගමන්ම ස්වාමීන් වහන්සේලාගෙන් තේ පැන් සංග්රෙහයක්. කාමර වලට ගිහින් ආයෙත් බෝධි පූජාවට ආව පහළට. විහාරය හරිම සුන්දරයි, ඒ වගේම හරිම පිළිවෙලයි. රෑ හරිම අසිරිමත් දර්ශණයක්. ධාතූ වන්දනාව, බුද්ධ පූජාව කරල ගත්ත පින්තූර වල දේවතා එළි තිබුන. මමත් ඒව දැක්කෙ පරිගණකයට දැම්මට පසුවයි. මේ පින්බිමේ ඉන්නකොට මහ පුදුම සනීපයක් දැනුනෙ හිතට. ඒ හැඟීම කොහොම වචන වලට පෙරලන්නද? මට නම් මහ අසිරිමත් මොහොතක් ඒ වෙලාව. පැය ගානක් සෑ මළුවෙ ඉන්න පුලුවන් බොහොම නිදහසේ. අදටත් දෙවියන් මේ පින්බිම වන්දනා කරන්නට එනබව අපිට කිව්වෙ ඒ ස්වාමීන් වහන්සේලාම තමයි. DSCF2561 ඒ අසිරිය කවදා හරිම ඔබටත් විඳින්නට ලැබේවා! DSCF2562 අපේ ඊළඟ නැවතුම සැවැත් නුවරයි.

බෙස්ට් ලයිෆ් වන්දනා සමඟ – 5 අග්‍රා බලා.

This slideshow requires JavaScript.

20/10/2012

අග්‍රා බලා………..

අපි කාන්පූර් සිට අග්‍රා බලා පිටත් උනේ පාන්දර 4.30 ටයි. අපි උදේ තේ පානය කර පිටත් වුනෙමු. උදේ 7.00 ට පමණ අතර මග නවතා පාන්, සම්බල හා අල හොදි සමඟ උදේ ආහාරය ගත්තෙමු. දහවල් වෙනවිට මඟ දෙපස දිගටම ගඩොල් පෝරණු තිබෙනු දක්නට ලැබුණි. වෙල්යාය වල්, කෙත් වතු, විශාල තණ බිම් , දක්නට ලැබුණි.

මේ අතර ඊයේ කෝසම්බිය බලා ගමන් ගත්දී කෙරුණු එකිනෙකා හඳුනා ගැනීමේ වැඩ සටහන ගැන ලියන්නට සිතුනි.

මේ වැඩ සටහන ඉතාම වටිනා වැඩ සටහනක් බව කියනු කැමැත්තෙමි. වන්දනාවට සහභාගී වූ අප සැම ලංකාවේ සෑම පලාතකින්ම පැමිණි අය වෙමු. එක් එක් වයස් කාණ්ඩ වල අය වීමු. එක් එක් රැකියාවල නියතු වූවෝ වෙමු. මේ හැම දෙනෙක් ම විවිධ අදහස් ඇති අය වීමු. මේ හඳුනාගැනීමේ වැඩ සටහනෙන් පසුව අපි එකි නෙකා ගැන දැන ගත්තෙමු. ඊට පසුව ඒ අය ගැන ගෞරවයකින් බලන්නට හැකි වූ බව කිව යුතුමය. කෙනෙක් තේ දළු කඩන්නෙකු විය, කෙනෙක් දහම් පාසැල් ගුරු මෑණී කෙනෙකි, කෙනෙක් විදුහල්පතිනියකි, කෙනෙක් විශ්‍රාමික හෙදියකි, කෙනෙක් විශ්‍රාමික දුරකතන ක්‍රියා කරවන්නියකි, කෙනෙක් කළමණාකාරිනියකි, කෙනෙක් ගුරුමෑණී කෙනෙකි, කෙනෙක් හමුදා නිළධාරියෙකි , කෙනෙක් ගෘහණියකි, මේ හැම දෙනෙක්ම එකම පවුලක් සේ එක් වූයේ මේ හඳුනා ගැනීමේ වැඩ සටහනෙන් පසුවය. ඒ ගැන බෙස්ට් ලයිෆ් ආයතනයටත්, අජිත් මහතා හා කීර්ති පුතාටත් මගේ ආදර ස්තූතිය පුදමි.

මා මෙසේ කියන්නේ කෙනෙක් ගේ ඇගේ හැපී තව කෙනෙකුට අසන්නට ලැබුනේ හොඳක් නම් නෙමෙයි. නමුත් මේ දිනයෙන් පසුව එවැනි සිද්ධියක් ඇති නොවුණු නිසාය. ඒ අපි එකිනෙකා තේරුම් ගෙන ඒ අනුව හැඩ ගැසුණු නිසා ය. බොහෝ අම්මලා ඉතාම අහිංසක අය ය. සිරිපා ගමේ සිට, ගිලීමලේ සිට තේ දළු කඩා මුදල් එකතු කරගෙන මේ ගමන ඇවිත් තිබුණි. විදෙස් මුදල් පරිහරණය වත් හරි හැටි නොදැන සිටි අය ය. අපිට ඒ අයට හැකි පමණින් උදව් වීමට හැකිවීම එක් අතකින් අප ලැබූ පිනකි. මේ අය රවටා ගැනීමට බලා සිටි අයගෙන් අප කිහිප විටක් මේ අයව බේරා ගත්තෙමු. අප කණ්ඩායමේ නායක තුමා ද ඉතාමත් විමසිල්ලෙන් සිටි නිසා අප කාටත් මේ අයගෙන් කරදරයක් නොවුණි.

අපි සවස හතරට පමණ අග්‍රා නගරයට ආවෙමු. අපි මුළින්ම පැමිණියේ අම්බෙක්කාර් තුමා විසින් ඉඳිකරන ලද අග්‍රාවේ ඇති එකම බෞද්ධ පන්සල වෙතටයි. ඉතාම කුඩා විහාරයකි. බලා ගන්නේ ස්වාමී කෙනෙකි. එතුමාට මහත් පින් අත්වේවා! නෙතට රසඳුනක් වූ එකම විහාරය තව දීර්ග කාලයක් බලා කියා ගන්නට එතුමාට දීර්ඝායුෂ ලැබේවා! පැතුවෙමි. මේ කුඩා සුන්දර විහාරය අපි වන්දනා කලෙමු.

http://en.wikipedia.org/wiki/B._R._Ambedkar

බීම් රාවෝ රාම්ජී අම්බෙක්කාර් තුමා 1891 අප්‍රියෙල් මස 14 දින ඉතාම දිළිඳු පවුලක දහහතරවන දරුවා ලෙස උපත ලැබීය. මධ්‍ය ප්‍රදේශයේ මහාර් නම් කුලයක උපන් ඔහු ඉන්දියාවේ භ්‍රාහ්මණයන් විසින් කොන් කරනු ලැබීය. දිනක් ඔහු නාන තොටුපලේදී ඉතා දරුණු ලෙස හිංසනයට ලක්විය. ඒ භ්‍රාහ්මණයන් නාන තැනක නාන්නට යෙදුනු බැවින් පහර කෑමට ලක්විය. නමුත් ඉතාම දුක් මහන්සියෙන් ඉගෙන ගෙන ඉතාම ඉහල තලයකට එන්නට ඔහු සමත් විය. බොම්බායේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇමෙරිකාවට ගොස් ඉතිරි විභාග සමත්වෙන්නට තරම් දක්ෂයෙක් විය. පසුව එන්ගලන්තයේ දී නීතියද හදාරා ආපසු ඉන්දියාවට පැමිණ පහත් කුලවල අයට නීති උපදෙස් දෙමින් දේශපාලනයට පිවිසියේය.

අති පූජ්‍ය හම්මැල්ලව සද්ධාතිස්ස හිමියන් මුණ ගැසීමෙන් පසුව බෞද්ධයෙක් ලෙස 1950 සිට බොදු දහම හදාරා 1956 දී නිත්‍ය පංච ශීලය සමාදන්වී 500,000 පිරිස සමඟ බොදු මගට පිවිසියේය. අම්බෙක්කාර් තුමා වටා විශාල බෞද්ධයින් පිරිසක් එකතුවන්නට විය. මෙය ගාන්ධී අනුගාමිකයින්ට මහත් හිසරදයක් විය. මේ නිසා ක්‍රමයෙන් එතුමාව රවටා ගාන්ධි අනුගාමිකයින් එම පක්ෂයට එතුමාව එක් කරගත්තේය.

ඉන්දීය පාර්ළිමේන්තු පනත් සැකසීමේ ප්‍රධානියා ලෙස ඔහු කටයුතු කලේය. සැමට සම අයිතිය බොදු මගේ යමින් සිටි එතුමාගෙන් ඉන්දියාවට ලැබුණු මහත් දායාදයකි. එතුමා විසින් ආරම්භ කල විහාරය අපි සැදැහැ සිතින් වන්දනා කලෙමු. ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම එතුමාගේ පිළිරූ දුටුවෙමු. සැම ප්‍රදේශයකම පාහේ එතුමා නමින් ඉන්දියාවේ පාසැල් හා නීති විද්‍යාල මෙන්ම විශ්ව විද්‍යාලයන්ද පිහිටුවා අදටත් ඉන්දීය ජනයා එතුමාට ගරු බුහුමන් දක්වති.

1956 දෙසැම්බර් වන දින අවුරුදු හැට පහක් ආයු වළදා දිල්ලියේදී එතුමා මෙලොව හැර ගියේය. වරින් වර පහළවන බෝසත්තුමෙක් ලෙස ඉන්දියානු ජනයා අදත් එතුමාව ගෞරවයෙන් සිහි කරති.

අපි තවත් අග්‍රාවේ ප්‍රසිද්ධ ස්මාරකයක් දුටුවෙමු. ඒ ටාජ්මහලයි. ඒ ගැන විස්තරයක් මෙහි නොලියමි. ඈතින් සිට නැරඹූවද ටාජ්මහල මනරම් දර්ශණයක් බව නොකියාම බැරිය.

ඊට පසුව රතු බලකොටුව නම් මෝගල් අධිරාජ්යෙකු වූ සාජහාන් රජ තුමා විසින්ම කරවන ලද බලකොටුව ද පිටතින් නැරඹුවෙමු.

මෙහිදී අපට පාවහන් මිලදී ගැනීමට හැකිවිය. අග්‍රා වල පාවහන් හා ගමන් මළු ලාබෙට ගත හැකිය. හැබැයි කපටි ඉන්දියන් වෙළඳුන් ගෙන් ඔබ පරිස්සම් විය යුතුයි. ඒ ගැන අප කළමණාකාර තුමා කලින්ම පැහැදිලි කල නිසාවෙන් අපට කරදරයක් නොවිණි.

රාත්‍රී හත පමණ වෙනවිට අපි අග්‍රාවේ ඩිලුක්ස් ප්ලාසා හෝටලයට පැමිණියෙමු. හැමදාම වගේ තේ පානයෙන් පසුව රාත්‍රී ආහාරය පිළියෙල විය. හෝටලය ඉතාම පිරිසිදු අලංකාර නවාතැනකි. සුව පහසුව නින්දට වැටුනෙමු.

ඊලඟට අපි යන්නෙ සංකස්සෙටයි.

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා 3 – ඉසිපතනේ මිගදායේ ඔබට තවත් තොරතුරු බිඳක නිමාව.

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා 3 – ඉසිපතනේ මිගදායේ ඔබට තවත් තොරතුරු බිඳක නිමාව..

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා 3 – ඉසිපතනේ මිගදායේ ඔබට තවත් තොරතුරු බිඳක නිමාව.

කසී රට මඟුල් බෙරය වැයූ ඉසිපතන මිගදායේ දාන සීල සමාධි ගුණ දම් පුරමින් දවස නිමා කල අයුරු ඔබට සෙනෙහසින් පුදමි.
Image

දඹදිව බුදුසමය ආලෝකවත් කළ සිංහල වීරයා —-   අනගාරික ධර්මපාල  තුමා
 
මිගදායේ ඇසල සදේ රැස් විහිදෙනවා
මුවපොව්වන් නෙත් විදහා බලා සිටිනවා
ගස් වැල්වල මල් පිපිලා සුවඳ හමනවා
යළිත් වරක් තුන් ලෝකෙට දහම් ඇසෙනවා
 
අහස් තලේ දෙව් විමනේ දෙවියෝ එනවා
බරණැස ඉසිපතනේ දැන් එළි විහිදෙනවා
නමස්කාර දී දෙවියන් දහම් අසනවා
යලිත් වරක් තුන් ලෝකෙට නිවන ලැබෙනවා
 
මිග්දායේ ගස් අතරේ රෑ සඳ පානේ
පස්වග තවුසන් සිටියා ඒ එළිමහනේ
සමිඳුගෙ මුවඟින් එන බණ පදයක් ගානේ
අසා සිටිනු හැර ලොව වෙන සැපතක් නෑනේ
 
බෝධිසත්ව ගුණෝපේත අනගාරික චරිතයෙන් බිඳක් නොලියා ලියන සටහන කුමකට දැයි මට සිතේ. ඔබ එතුමා ගැන දැනගත යුතුමය.
 
අද අපිට වැදපුදා ගන්නට ඉන්දියාවේ මේ පින් බිම් ඉතිරි වූයේ එතුමාට පින් අත්වෙන්නටයි. එ පමණක් නොවෙයි ඉන්දියාවට ද බෞද්ධ ඉතිහාසයක නටඹුන් ඉතිරිවී තිබෙන්නේ මෙ තුමා ගේ අප්‍රහිත ධෛර්‍යය නිසාය.
මේ අතර තව කිහිප දෙනෙකුටම පින් පෙත් දිය යුතුයි. ඒ ඉංග්‍රීසි ජාතික පුරා විද්යාඥ ජෙනරාල් කනිංහැම් තුමා, චීන ජාතික හියුං සාන් භික්ෂූණ් වහන්සේ, පාහියන් තුමා වැනි දේශාඨනයේ යෙදුන භික්ෂූන් වහන්සේලා ද, කේ.එම්. ශ්‍රී වාස්තව වැනි ඉන්දීය පුරා විද්‍යාඥයින් ට ද අප පින් පෙත් දිය යුතු යැයි මට සිතේ. ඒ මන්ද ඔවුන් නොවන්නට අපට වඳින්නට පුදන්නට දෙයක් ඉතිරි නොවනු ඇත. අද ඉන්දීය රජය මහා උජාරුවට බෝඩ් ගසා මේ පුද බිම් වල අයිතිය සංරක්ෂණය කලත් මේ උදාර පුද්ගලයන් නොවන්නට අපට ඉතිරි වන්නේ වල් බිහි වී ගිය කැලෑවන් ය.
බෞද්ධයෙක්‌, බෞද්ධ භික්‍ෂුවක්‌ නැති තරමටම දඹදිව බුදුසසුන අසරණ වී වසර අට සියයකට පසුව 1891 දී ලංකාවේ ධනවත් පවුලක උපත ලැබූ එවක දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් හැඳින් වූ බෞද්ධ තරුණයා දඹදිව වන්දනාව සඳහා පැමිණියේය.
 
එඩ්වින් ආර්නෝල්ඩ් ලියූ ‘ආසියාවේ ආලෝකය’ කියවා ඇමරිකන් ජාතික හෙන්රි ඕල්කට්‌ මැතිතුමා දඹදිව බෞද්ධ සිද්ධස්‌ථාන දැක ශ්‍රී ලංකාවේ කළ දේශන අසා කම්පාවට පත්ව ඔහු දඹදිව වන්දනාවට මුලින්ම පැමිණ ඇත්තේ බරණැස ඉසිපතන මිගදායටය.

 

බරණැස දුම්රියෙන් බැස මහායටිගාලින් යන විට ගල්කණු  පිරුණු කරත්ත දහයක්‌ බරණැස නගරය පැත්තට යන ආකාරයත් හිස්‌ කරත්ත කීපයක්‌ නගරයෙන් ඉසිපතනයට එන ආකාරයත් හේවාවිතාරණ තරුණයා දුටුවේය. ඔහු ඒ කරත්තකරුවන්ගෙන් මේ ගැන විමසූවිට ඔවුන් පවසා ඇත්තේ තම තමන් ගෙවල්වල අත්තිවාරම් දැමීම සඳහා මේ ගල් ගෙන යන බවයි. කරත්තවලට සමීපව බලන විට දකින්නට ලැබී ඇත්තේ විහාරයේ කැටයම් කණු සහ පිළිම වහන්සේලාගේ කඩා බිඳ දැමූ කොටස්‌ය. ඉසිපතනයට ළඟාවන විට රාත්‍රි වූ නිසා දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා පළමු රැය ගතකර ඇත්තේ වර්තමාන ජෛන පන්සල අසල තිබුණු නුග ගසක බෙනයක ය.
Image
මහා වනාන්තරයෙන් යටව තිබුණ ඉසිපතන මිගදායේ දකින්නට තිබුණේ ධම්මික ස්‌තූපය පමණි.
 
ලෝකයට ධර්ම චක්‍ෂුෂය, ඤාණ චක්‍ෂුෂය. විද්‍යා චක්‍ෂුෂය පහළ වූ මේ  මහා පිංබිමේ දකින්නට ලැබුණු දුක්‌බර කනගාටු අනුවේදනීය ආකාරය දැක කම්පාවට පත් වී දෙවැනි ගමන පැමිණ ඇත්තේ සිදුහත් මහබෝසතාණන් වහන්සේ  බුද්ධත්වය අවබෝධ කරගත් බුද්ධගයා පිං  බිමටයි.
 
බුද්ධගයාවේ දකින්නට ලැබුණේ ඊටත් වඩා වේදනා සහගත දර්ශනයකි. ක්‍රිෂ්ණ දයාල්ගිරි මහන්තා විසින් බුද්ධගයා මහා විහාරය, වජ්‍රාසනය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අත්පත් කරගෙන වජ්‍රාසනය මත වැඩසිටින පිළිම වහන්සේට රතු රෙදි අන්දවා පොට්‌ටු තබා කඩුක්‌කන් පළඳවා හින්දු දේවතාවකු හැටියට පුද පූජාකළ අතර හින්දු ආගමිකයන්ට හැර වෙන කිසිවකුට එහි ඇතුල්වීම පවා තදින්ම තහනම් කර තිබිණි. දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයාට ඇති වූ වේදනාව අසීමිතය.
 

කෙසේ හෝ ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ අබියසට ගොස්‌ සතිපට්‌ඨාන සූත්‍ර දේශනාව දේශනාකර අධිෂ්ඨාන කර ඇත්තේ මගේ ධනය මගේ ශ්‍රමය, මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම  බුද්ධගයාව  ඇතුළු දඹදිව සියලුම සිද්ධස්‌ථාන  මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙන් මුදවාගෙන ලෝක බොද්ධයන්ට නිදහසේ වැඳීම පිදීම පිණිස නිදහස්‌ කරගන්නා බවයි.  

1891 දී එවකට කොළඹ විෙද්‍යාදය පරිවේණාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ‘බුද්ධගයා මහාබෝධි සමාගම ‘ආරම්භ කරන්නට යෙදුණි.

 
ඉන්පසුව ශ්‍රී ලංකාවෙන් භික්‍ෂුන් කීපනමක්‌ එක්‌කරගෙන ගොස්‌ බුද්ධගයාවේ නතර කර තම සටන ආරම්භ කරන්නට හේවාවිතාරණ තරුණයා කටයුතු කළේය.
 Image
එතුමාගේ සටන් පාඨය වූයේ “සිංහලයිනි නැඟිටිව් බුද්ධගයාව බේරාගනිව්” යන්නයි. එතැන් පටන් මුළු ලෝකයේම සංචාරය කරමින් තම සටන සාර්ථක කර ගැනීම සඳහා දිවා රාත්‍රි වෙහෙස වී ඔහු කටයුතු කළේය.  මහන්තා සහ මහන්තාගේ මැරපිරිස බ්‍රිතාන්‍ය පාලක පිරිස, සමහර සිංහල නායකයන්, භික්‍ෂුන් යන විවිධ වර්ගයේ මහා සතුරන් මැද ධර්මපාලතුමා එදා කළ සටන අද්විතීය ය.  පූජා කිරීම, භාවනා කිරීම, බුදුන් වැඳීම ධර්මපාලතුමා ක්‍රමානුකූලව සිදු කළ කෙනෙකි. එතුමාගේ ධර්මදූත සේවය ආගම ප්‍රචාරය කිරීම සඳහා පමණක්‌ නොව දඹදිව දුප්පත් දුගී දරුවන්ට කෙස්‌ කැපීම, දත් පිරිසිදු කිරිම, නියපොතු පිරිසිදුව තබා ගැනීම, පිරිසිදුව ඇඳුම් ඇඳීම වැනි කටයුතු ගැන සිතා ළමුන් පස්‌දෙනකුගෙන් බරණැස ඉසිපතනයේ පුංචි පාසලක්‌ ආරම්භ කර මුළු පළාතේම දුප්පත් දරුවන්ට ඉගැන්වීමට කටයුතු ද ධර්මපාලතුමා සූදානම් කළේය.
 
එමෙන්ම බුද්ධගයාවේ ද පාසල් පුණ්‍ය බෙහෙත් ශාලා ආදිය බොහෝ සෙයින් ආරම්භ කරන්නට කටයුතු යොදන ලදී. ලෝකවාසී ජනතාවට සේවය කිරීම එතුමාගේ උදාර අරමුණුවලින් එකකි.  බුද්ධගයා මහා විහාරය අද මුළුලෝකයාම වැඳපුදා ගන්නේ ධර්මපාලතුමාට පිං සිද්ධවන්නටය.   බුද්ධගයාවට පමණක්‌ නොව කුසිනාරා, ලුම්බිණි. සැවැත්නුවර, කෝසම්බි, සංකස්‌ස, සාංචි ආදී සියලුම දඹදිව සිද්ධස්‌ථානයන් අද ලෝක බෞද්ධයන් වඳින්නේ පුදන්නේ ධර්මපාලතුමාගේ අප්‍රතිහත උත්සාහය හේතුවෙනි. 
 
1921 දී ධර්මරාජික විහාරයත්, 1931 දී මූලගන්ධකුටි  විහාරයත් ඉන්දියාවේ ඉදි කරවන ලදි.
දඹදිව  බෞද්ධ, හින්දු සැම දෙනාම විශ්වාස කරන්නේ අනගාරික ධර්මපාලතුමා නොසිටින්නට දඹදිව සිද්ධස්‌ථාන බෞද්ධයන්ට අහිමිවන බවයි. 1920 දී අනගාරික ධර්මපාලතුමා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නිවාස අඩස්‌සියේ වසර හතක්‌ සිරකර තැබූ අවස්‌ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්‌ථානය වූ ශ්‍රී ධර්මරාජික ෙච්තිය විහාරය අද ලෝක උරුමයක්‌ හැටියට නම් කර ඇත.
 
1931 ජූලි 13 වන දින​, බෝරුග්ගමුවේ රේවත මහ තෙරුන් වහන්සේ ආචාර්යත්වයෙහි තබා ගෙන​, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නමින්, පැවිදි දිවියට ඇතුළු විය​. සිරි දේවමිත්ත යන්න තම පැවිදි නමට ඇතුළු කර ගනු ලැබුවේ, හෙයියන්තුඩුවේ හිමියන්ට කෘත ගුණ සැලකීමට ය. කෝදාගොඩ උපසේන නා හිමිට ගෞරවය පළ කිරීමට​, උන්වහන්සේ ගේ පරණ සිවුරක් තම පරිහරණයට ගෙන්වා ගන්නා ලදි.
 
  බුද්ධගයා ප්‍රශ්නය ධර්මපාලතුමාගේ ජීවිත කාලයේ දී නොවිසඳුනි.

1947 ඉන්දීයාව නිදහස් රාජ්‍යයක් වූ අතර බිහාර් ප්‍රාන්ත රාජ්‍යය බුද්ධගයා පාලන ආඥා පනත් සම්මත කර එමගින් හින්දුන් සතර දෙනෙක් ද, බෞද්ධයන් සතර දෙනෙක් ද සහිත ගයා දිස්ත්‍රික්කයේ ආදායම් පාලක (Gaya Collector)  සභාපති වශයෙන් නිර්මාණය කර එම ආඥා පනත 1948 සිට මේ දක්වා ක්‍රියාත්මක වේ. බෝධිගයා මහා නඩුව යන නමින් ප්‍රකට වූ දීර්ඝ නඩු විභාගය 1906 දී අවසන් වූයේ ධර්මපාලතුමා පරාජයට පත් කරමිනි. ඉන් අධෛර් ය නොවූ ඔහු බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ සටන අඛණ්ඩව ම ඉදිරියට ගෙන ගියේ ය​.  

ඔහු ගේ අභාවයෙන් පසුව​, බෞද්ධ හින්දු දෙ පාර්ශ්වයෙන් ම හතර දෙනා බැගින් නියෝජනය වන කමිටුවකින් බුද්ධගයාව පාලනය විය යුතු බවට නියම වෙමින් 1949 දී බුද්ධගයා පනත සම්මත විය​.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වසර 800 ක පමණ කාලයක්‌ ඉන්දියාවේ බෞද්ධයන්ට අහිමිව තිබූ බෞද්ධ සිද්ධස්‌ථාන යළිත් බෞද්ධයන්ගේ උරුමයට නතුකර දෙමින්ද  බුදු දහම ලෝක පූජිත කිරීම අරභයා දිවිහිමියෙන් කටයුතු කරමින්ද වසර 56 ක තරම් කාලයක්‌ ජාත්‍යන්තර ශාසනික උත්තම මෙහෙවරක්‌ ඉටු කළ බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමා 1933 අප්‍රේල් මස 29 දා බරණැස සාරානාත්හිදී නව මූලගන්ධ කුටි විහාරය දෙසම දෙනෙත් හෙලා එළඹගත් සිහියෙන් යුක්‌තව අපවත් වූහ. 
 
එවන් යුග පුරුෂයන් විසින් ඉතාමත් කැපවීමෙන් ආරක්‌ෂා කළ සම්බුදු ශාසනය සිය පන මෙන් රකිමින් එහි චිර ජීවනය උදෙසා කැපවීම තරම් අගනා උපහාරයක්‌ තවත් මෙ දියත අපට තිබිය නොහැකිය.
 
ශ්රී දේහය ආදාහනය සාරානාත්හි සිදු කරන ලදී.  භෂ්මාවශේෂවලින් කොටසක් බරණැස ඉසිපතනාරාමයේ තැන්පත් කරන ලදි. ඉතිරි කොටස ලංකාවට වැඩම කරවන ලදි.
 

මූලගණ්ධකුටිවිහාරය

Image

තථාගථයන් වහන්සේ පළමු වස් කාලය වැඩ සිටියේ බරණැස ඉසිපතනයේ ය. යස කුල පුතුගේ දෙමාපියන් ගස්වල කොළ පරණ තණ කොල ආදිය උපයෝගී කරගෙන සාදන ලද මුල්ම කුටියේ පළමු වස් කාලය බුදුන් වහන්සේ ගත කලා. ධර්මාශෝක රජ තුමා විසින් මේ කුටිය විශාල කොට මූල ගණ්ධ කුටි විහාරය කරවූහ. අද මේ විහාරයේ නටඹුන් ඔබට දැකිය හැකිය. විශාල කුළුණු ලෙස කොටසක් ඇත. මෙහි අදත් සියල්ලෝම පුද පූජා පවත්වති.

 

නව මූලගන්ධ කුටි විහාරය:-

ImageImage
මහා බෝධි සමාගමේ සමාරම්භක බෝධිසත්ව ගුනෝපේත අනගාරික ධර්මපාල තුමාගේ ජීවිත ගමනේ සැබෑවූ සිහිනය නව මූලගන්ධ කුටි විහාරය යි.

 
පුරා විද්‍යා කැනීම් වලින් මතු කරගත් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට මේ විහාරය සාදවන ලදී. 1931 නොවැම්බර් 11 දා සාදා නිමකර කාර්තික් පූර්ණිමා දිනයේදී විවෘත කරන ලදී. සෑම වසරකම අලි ඇතුන් සහිත පෙරහැරකින් වීදි සංචාරය කර යලි පෙර සේම තිබුන ලෙස ධාතු කරඬුව තැන්පත් කරනු ලැබේ. මේ ධාතු කරඬුව ඉතාම ආරක්ෂා සහිතව තබා ඇත. එය විවෘත කිරීමට ඉන්දීය මහා බෝධී සමාගමේ ලේකම්  හිමියන් ගේත්, භාණ්ඩාගාරික තුමාගේත්, සාරානාථ මහා බෝධි මධ්‍යස්ථානාධිපති හිමියන් ගේත් සහාභාගිත්වය අනිවාර්‍යය වේ.
සාරානාථ මහා බෝධි සමාගමේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා සෑම දවසකම නොවරදවාම සන්ධ්‍යා කාලයේ 7.00 ට මූලගන්ධ කුටි විහාරයේ ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශණා කරනු ලැබේ. මේ අසිරිමත් දේශනාව ට ඔබ සවන් දෙන්න. එය ඔබට මේ ජීවිතයේ ලැබෙන භාග්‍යම සම්පන්න මොහොතක් වනු ඇත. සියළු දෙනා එකම හඬින් දම්සක් සූත්‍රය කියන විට ලැබෙන සැනසුම! සිත සිතා ප්‍රීතී වෙමි.

 

සාරනාත් බුදුපිළිමය:-

 
චුනාර් නමි ගල් විශේෂයකින ගුප්ත යුගයේ කල  නිර්මාණයක්. රැස්වළල්ල ලස්සන කැටයමි වලින් යුක්තයි යට කොටසෙ පස්වග මහණුන් පිරිත් නුල අතේ රදවාගෙන ඉන්න ආකාරයක් නිර්මාණය කරල තියෙනව. දෙනෙත් අඩවන්වි තොල්දෙක තෙත් ගතියෙන් යුක්තව ධම්ම චක්ක සුත්රය දේශනා කරන ආකාරය පෙන්නුම් කරනව. තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ඇගට ඇලුණ  සිවුරයි.  කොපමණ වේලාවක් එම පිළිම වහන්සේ දෙස බලා සිටියද සෑහීමකට පත්විය නොහැකි බවක් මට හැගේ. එය ඉතාම රමණීය වූ රන් පිළිම වහන්සේ නමකි.  විහාරයේ මනරම් බුදු පිළිමයත් සමඟම  දර්ශණීය චිත්ර කර්මත් ඔබ නෙත් සිත් පැහැර  ගනීවී.  ජපන් ජාතික කොට්සුනෝසු නම් ලෝක ප්රසිද්ධ චිත්ර ශිල්පියා විසින් ස්වභාවික ගල්කුඩු, මල් , කොළ, පොතු ආදියෙහි වර්ණ සංකලනයෙන් ඉතාම සෞම්ය වර්ණ භාවිතයෙන් බුද්ධ චරිතයේ වැදගත් සිද්ධි නිරූපණය වෙන ලෙස අඳිනා ලද සිතුවම් ඉතාම අලංකාර ය.
 
Image
 ඉසිපතන මිග දායේ සම්පූර්ණ භූමි භාගය අක්කර 900ක් පමණ වේ. . දෙසැටක් මිත්‍යාදෘශ්ඨික ආගම් අතර 63 වන ආගම ලෙස ඉන්දියාවෙ බෞද්ධ ආගම ඇති වූ බව කියවේ.   
 
සාරානාත් කෞතුකාගාරයේ සාරානාත් කෞතුගාරයේ සිංහ මුහුණු තුනක් සහිත අශෝක ස්තම්භය ද , ශිලා ලේඛණය ද සුරක්ෂිතව ඇත.  මුල් සාරානාත් බුදුපිළිම වහන්සේත්,  ශිව , පාර්වතී, විෂ්ණු ආදී හින්දු ප්‍රතිමාත් මෙහි තැන්පත් කර තිබේ. බොහොමයක් බෞද්ධ මෙන්ම හින්දු ශිෂ්ඨාචාර නටඹුන් මෙහි දැකිය හැකිය. පැරණි වළං, සත්ව රූප, ආභරණ, පබළු ඇට ආදී බොහෝ දේ සංරක්ෂිතව ඇත. ජෙනරාල් කනිං හැම් තුමා සොයා ගත් පුරා විද්‍යා වස්තු මෙහි තැන්පත් කර ඇත.
ඔබ දන්නවාද ඉසිපතන මිගදාය ” අවිජහිත ” පුණ්‍ය භූමියක් බව. ඒ කියන්නෙ ලොව පහළ වෙන  සෑම බුදුවරයෙක්ම අත් නොහරින භූමියක් කියන එකයි. මේ තාක් ලොව පහළවූ හා පහළවෙන්නාවූ සෑම බුදු වරයෙක්ම ස්පර්ෂ කරන්නාවු සුවිශේෂ ස්ථාන හතරක් තියෙනවා. 
ඒ නම් 1. බුද්ධගයාව 2. ඉසිපතනය 3. සැවැත් නුවර 4. සංකස්සපුරය යයි. ඉතින් මේ ඉසිපතනය “අවිජහිත භූමියක් “නිසා සුවිශේෂයි.
ඉසිපතනමිගදායවන්දනාගාථාව.
 
සං කම්පයං දස සහස්සිය ලෝක ධාතුං
දේසේසි යත්‍ර භගවා වර ධම්ම චක්කං
බාරාණසී පුර සමීප වනේ මිගානං
තං ධම්ම චේතිය මහං සිරසා නමාමී
 
බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ හිඳ දස දහසක් ලෝක ධාතුව කම්පා කරමින් උතුම් වූ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ සේක් ද බරණැස් නුවර සමීපයේ මිගදාය උයනෙහි ඉසිපතනාරාමයෙහි ඇති ඒ ධර්ම චෛත්‍යය මම සිරසින් නමස්කාර කරමි.
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ලක්දිව බුදු සසුන පිහිටුවා වදාල පසුව ලංකාවට රැගෙන ආ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව සිහිවීම සඳහාත් , දඹදිවින් ගත් ණය ආපසු ගෙවීමක් ලෙසත් සලකා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක්  1931 නොවැම්බර් 11 වනදා රෝපණය කරන ලදී. එකී බෝධීන් වහන්සේ ද පුද සත්කාර ලබමින් එහි වැඩ වෙසෙති.
Image

*** අද 2012 නොවැම්බර් 11 වන දිනම මෙම සටහන මට තබන්නට සිදු වීම දෛවයේ හාස්කමක් දැයි මට සිතේ. අදට මේ මූලගන්ධ කුටි විහාරය තනවා අවුරුදු අසූ එකක් පිරේ.   සාදූ!   සාදූ!!   සාදූ!!!

මෛත්‍රී බුද්ධ විහාරය යෙහි තනි සුදු ගලෙන් නෙළු ගෞතම හා මෛත්‍රී බුද්ධ ප්‍රතිමා දෙකක්  ඇත.
 සිරි දේවමිත්ත හිමියන් අවසන් කාලය ගත කල ස්ථානය මෙයයි. මෙහිදී අපට පැලවත්තේ සීවලී හිමියන් විසින් (මහා බෝධි භාරකාර මණ්ඩලයේ ලේඛකාධිකාරී ) ධර්ම දේශනාවක් කරන ලදී.  
අද මෙහි මහාබොධි සමාගමේ වැඩ වාසය කරන ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා ගෙන් සිදුවන මෙහෙය කියා නිම කල නොහැක.  උන්වහන්සේලා බොහෝ දුක්, කරදර ,පීඩා විඳිමින් අප උදෙසා විශාල කාර්යය භාරයක් ඉටුකරති. අප හට ඒ ස්ථාන වල වැදගත් කම කියා දීම ද , දානාමාන ආදිය ඉටුකර ගැනීම සඳහා අවශ්‍යය කටයුතු සම්පාදනය ද , සෙත් පිරිත් සජ්ඣායනා  කිරීම ද බොහෝ ඕනෑ කමින් සොයා බලා කටයුතු කරයි. ඒ ස්වාමීන් වහන්සේලා පතනා බෝධියකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා!යි ඉත සිතින්ම පතමි. 

පහත මාලයෙහි සාරානාථ මහා බෝධි සමාගම් කාර්‍යාලය හා ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ කෞතුකාගාරය පිහිටා ඇත.
ඉසිපතන මිගදායේ දිනය නිමා වූයේ දම්සක් පැවතුම් සූත්‍රය  සජ්ඣායනා කිරීමෙන් පසුවය. මේ සුන්දර දිනය ජීවිතයේ  මා මිය යන තෙක් සදා මතකයේ රැඳේවා!
මගේ සිතට දැනුන දේ කවියට නැගූවෙමි.

 
උදෑසනම හිරු එළියේ
මිගදායට අපි ආවා
සාදු සාදු සාදු කියා
බුදු පෙරහැර පේළි සදා
 
පස්වග මහණුන් උදෙසා
දෙසූ දහම් පද සිහිවී
නෙතු කඳුළින් පිරී ගියා
අප සිටියේ කොහිද කියා
 
බුදු හිමි පා පහස ලබා
තිබු මේ පින් බිම මහිමේ
පය තබනා හැම මොහොතෙම
දෙපා මගේ සිසිල් කලා
 
දම්සක් සුතුරේ බලයෙන්
නිදුක් නිරෝගී වේවා
යනෙනා සැම මේ දඹදිව
නිති දෙවියන් රැක දේවා
 
 
 අපහට මෙම විස්තර අපගේ හද මඬලට කිදා බහිනා ලෙස ගිනි අව්වේ ඇවිද යමින් කියා දුන්නේ සාරානාත් මහා බෝධි විහාරවාසී විමලරතන ස්වාමීන් වහන්සේ විසිනි . උන්වහන්සේට බැති සිතින් පුන්‍යාණුමෝදනා කරමි.

 
 

  පහන් සිතින්ම නින්දට ගියෙමි. 

විශේෂ ස්තූතිය බෙස්ට් ලයිෆ් ආයතනයේ අජිත් ක්‍රිශාන්ත මහතාට සහ කීර්ති පුතාට.

මීළඟට……… කාන්පූර්    දක්වා දිගු ගමන.

 

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා 2 – ඉසිපතනේ මිගදායේ

   ඉසිපතනේ මිගදායේ………….. මුවපොව්වන් අතරේ  …………….. දම්සක් සුතුරෙන් සැනහී                                 
 
                                    පසුදාඑනම්ඔක්තෝම්බර් 18 වන  දිනඅපඋදෑසන 5.30 ටපෙළ  ගැසී  බුද්ධවන්දනාගාථාකියමින්මූලගන්ධ  කුටි  විහාරයවෙත  පිය  මැන්නෙමු.   සුදෝසුදුමහනෙල්මල්ද, රත්පැහැඕලුමල්දඅපටගන්නටලැබුණි.
 
 අජිත්මහතාවිසින්කියන්නටයෙදුනුබුදුගුණවන්දනාකවිමාලය  ගෙතුවෙමු.
 
හඬනවැලපෙනසැලෙන –  හිතේදුකනැතිවුණා
හදනසසරකගමන – කෙලෙස්  මුල්වැනසුණා
නිවනසැනසුම  රැඳුන – ලොවකයලිනොම  රැඳුන
අරහං ය මගේ බුදු – පියාණන්වහන්සේ ………
සාදූ සාදූ වඳිම් – ඒ බුදුන්වහන්සේ…………//
 
අසා නැති අමා සුව – සිතා ගත හැකිවුණා
පතාගෙන ආ විලස – ලොවේ තතු වැටහුණා
ලබාසම්බුදුනුවණ – අමාසදහම්දෙසන
සම්බුදුය  මගේ  බුදු – පියාණන්වහන්සේ ………
සාදූ  සාදූ  වඳිම් – ඒබුදුන්වහන්සේ…………//
 
සිතනවිටසැනසිලා – නිවනතුළනැවතිලා
වඬිනවිටහිඳිනවිට – සිතසමාහිතවෙලා
හිරුමඬලසේදිලෙනචරණවිජ්ජානුවණ
නැණවත්යමගේබුදු – පියාණන්වහන්සේ ………
සාදූ  සාදූ  වඳිම් – ඒබුදුන්වහන්සේ…………//
 
සොඳුරුගමණක්වඬින  – සුපිපිසියපත්මැවෙන
දකිනවිටසිතනිවෙන – ලොවටසිලිලසසදන
ඒනිවන්මඟවඬින –  සුගතබුදුගුණදරණ
සුන්දරයිමගේ  බුදු – පියාණන්වහන්සේ ………
සාදූසාදූවඳිම් – ඒබුදුන්වහන්සේ…………//
 
නොදැනතමතමලෝක – විඳිනකරදරනේක
සිඳිනුබැරිදුකසෝක  – ලෝසතුන්දුටුසේක
ලෝකදුකහඳුනගෙන –  ලෝකයෙන්එතෙරවුණ
ලෝකවිදු  මගේබුදු – පියාණන්වහන්සේ ………
සාදූ  සාදූ  වඳිම් – ඒබුදුන්වහන්සේ…………//
අකීකරුදෙව්මිනිස් – හානොයෙක්සැඩපිරිස්
සමිඳුසෙවනටපැමිණ – සදාදමනයවුණා
අනුත්තරපුරිසදම් – සාරථීගුණෙන්යුතු
තෙදවත්යමගේබුදු – පියාණන්වහන්සේ ………
සාදූසාදූවඳිම් – ඒබුදුන්වහන්සේ…………//
 
ලොවේභවදුකනිවෙන – විවේකයඇතිකරන
දෙව්මිනිස්සතුන්හට – අමාසුවපතුරුවන
නමින්සත්ථාදේව – මනුස්සානංසේක
කාරුණිකමගේබුදු – පියාණන්වහන්සේ ………
සාදූසාදූවඳිම් – ඒබුදුන්වහන්සේ…………//
 
රකින්නටගුණදහම් – කරන්නටසිතපහන්
නිවන්නටභවගිමන් –  දෙසූසදහම්නිවන්
බුද්ධයනගුනෙන්යුතු –  මහානුවණකින්යුතු
නැණවත්ය  මගේ  බුදු – පියාණන්  වහන්සේ ………
සාදූ  සාදූ  වඳිම් – ඒබුදුන්වහන්සේ…………//
 
කාරුණිකහදින්යුතු – සීලගුණකඳින්යුතු
සමාහිතසිතින්යුතු – මහානුවණකින්යුතු
සියළුබුදුගුණදරණ – නිවන්සුවයමසදන
භගවත්යමගේබුදු – පියාණන්වහන්සේ
 
සාදූසාදූවඳිම් – ඒබුදුන්වහන්සේ………..
සාදූසාදූවඳිම් – ඒබුදුන්වහන්සේ………..
සාදූසාදූවඳිම් – ඒබුදුන්වහන්සේ……….. බුදුගුණ ගයමින්  මල්, කොඩි ගෙන පෙරහැරින් මූලගන්ධ කුටි විහාරයට ආවෙමු.
  
       
                      
                          ඉසිපතනේ මිගදායේ සිල් සමාදන් වීමට ලැබීම කෙතරම් භාග්යයක් ද? මේ මොහොත කෙතරම් අසිරිමත් ද? නව මූලගන්ධකුටි විහාරයට පැමිණි වහාම නෙත් කඳුලින් පිරුණි. මේ මා දකින්නේ සිහිනයක් ද? මා සිටින්නේ ඒ අසිරිමත් දම්සක කැරකැවූ භූමියෙහිම නොවේද? විහාරයේ මනරම් බුදු පිළිමයත් දර්ශණීය චිත්ර කර්මත් ඔබ නෙත් සිත් පැහැර ගනීවී. ජපන් ජාතික කොට්සුනෝසු නම් ලෝක ප්රසිද්ධ චිත්ර ශිල්පියා විසින් ස්වභාවික ගල්කුඩු, මල් , කොළ, පොතු ආදියෙහි වර්ණ සංකලනයෙන් ඉතාම සෞම්ය වර්ණ භාවිතයෙන් බුද්ධ චරිතයේ වැදගත් සිද්ධි නිරූපණය වෙන ලෙස අඳිනා ලද සිතුවම් දෙස ඔබ මොහොතක් බලා සිටින්න.  ඒවා මෙනෙහි කරන්න.  ඉන්දීය මහා බෝධි සමාගමේ වැඩ වාසය කරන ශ්රී ලංකික භික්ෂූන් වහන්සේ නමක් වන විමලරතන ස්වාමීන් වහන්සේ  විසින් අප අශ්ඨාංග ශීලයෙහි පිහිටුවන ලදී. 
 

උදෑසන දානය සඳහා මහා බෝධිය වෙත ගියෙමු.

This slideshow requires JavaScript.

සසර කතරෙන් මිදෙන මඟ පාදා දුන් බුදු දහමේ අමා ගඟ  ලොවට ගලා ගියේ බරණැස ඉසිපතනයේ මිගදායෙනි. අද ඒ පෙදෙස සාරානාත් නමින් හැඳින්වේ. දඹදිව කසී ජනපදය මැදින් ගලා බස්නා ‘වරුණ’ සහ ‘අසී’ ගංගා දෙක අතර පිහිටි බාරාණාසී බෞද්ධ සාහිත්‍යයේ දී ‘බරණැස’නම් වේ.  හිමාලයේ සිටිනා සෘෂිවරුන් දැඩි ශීතල කාලයේදී එය ඉවසා ගත නොහැකිව යලි  පොළවට  පතිතවන  ස්ථානය යන අදහසින් මේ පෙදෙසට “ඉසිපතනය” යන නම ලැබිණ. බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනය වන ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශනා කළේ ද, භික්ෂූන්වහන්සේ හැට නමකගෙන් සමන්විත ප්‍රථම ධර්මදූත සේවාව ආරම්භ වුයේ ද බරණැස ඉසිපතන භූමියේ දී ය. 
‘මිග ‘ යනු මුවන්ට කියන නමකි. ‘දාය’  යනු අභය දානය දීමයි. එමනිසා මුවන්ට අභය දානය දුන් ස්ථානය “මිගදාය”යි. 
 
 

බුරුම රජයෙන් ඉඳිකල දම්සක් දෙසනා අනුරුව.

 
දම්සක්දෙසුම
 
එදා ඇසළ පුර පසළොස්වක පොහෝ දා ය. ඉසිපතනයේ මිගදායෙහි දී එදින සවස් කාලයේ බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට දම්සක් පැවතුම් සූත්රසය දේශනා කළ සේක. ඒ උන්වහන්සේ ගේ පළමු ධර්ම දේශනාවයි. දම්සක් පැවතුම් සූත්රස දේශනාව අවසානයේ දී කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් විය.
ප්‍රථමයෙන් දම්සක් සූත්‍රය පැවැතුවූ ස්ථානය සිහිවීම සඳහා පිහිටුවන ලද චෛත්‍යය ධම්ම රාජික ස්තූපයයි.

ප්‍රථමයෙන් දම්සක් සූත්‍රය පැවැතුවූ ස්ථානය සිහිවීම සඳහා පිහිටුවන ලද චෛත්‍යය ධම්ම රාජික ස්තූපයයි.

සෝවාන්  වූ කොණ්ඩඤ්ඤ තවුසා බුදුරජාණන් වහන්සේ  වෙත පැවිදි වීමට අවසර  ඉල්ලුවේ ය. ඒ ඉල්ලීම ඉටු විය. අනතුරුව දෙසූ දහම් අසා වප්ප, භද්දිය,මහානාම,අස්සජී යන අනෙකුත් තවුසෝ ද සෝවාන් ව  බුදු සසුනෙහි පැවිදි බව ලැබූ හ. ඉක්බිති ව   බුදුරජාණන් වහන්සේ ඒ තවුසන්ට අනාත්ම ලක්ෂණ සූත්රුය දේශනා කළ සේක. ඒ ධර්මය අසා තවුසෝ පස් දෙනාම රහත් වූ හ. 
 
 

අනාත්ම ලක්ඛණ සූත්‍රය දෙසූ ස්ථානයේ ඉඳිකල ධම්මික ස්ථූපය.

 
 
 
යස කුල පුතුගේ දෙමාපියන්ට දම් දෙසූ ස්ථානය – ධම්මාසනය.
 
 
යස කුල පුතු මහණ වීම      
 
   බරණැස් සිටාණන් ගේත් එම දේවිය ගේත් පුතා ගේ නම යස ය. යස කුල පුත්රඒයා ගිහි ගෙයි කළකිරිණි. ඔහු ගෙදර කිසි අයකුට නො දන්වා රහසින් ම ගෙදරින් නික්ම    බුදුරජාණන් වහන්සේ වෙත ගියේ ය. උන්වහන්සේ ‍ගෙන් බණ අසා සෝවාන් ඵලයට පැමිණියේ ය.
ඔහු ගේ පියා වූ  බරණැස් සිටු තෙමේ පුතා සොයමින් යන අතර ඉසිපතනයට පැමිණියේ ය. බුදුරජාණන් වහන්සේ ඒ සිටාණන් හට ද ධර්මය දේශනා කළ සේක. ධර්මය අසා සෝවාන් වූ සිටු තෙමේ බුදුන්, දහම්, සඟුන්, යන තෙරුවන් සරණ ගියේ ය. ඔහු තෙරුවන් සරණ ගිය පළමු වැන්නා යි. පසු ව යස කුල පුත්රෙයා ගේ මවත්, බිරිඳත් තෙරුවන් සරණ ගිය හ. ඔවුහු තෙරුවන් සරණ ගිය පළමු උපාසිකාවෝ ය. පියාට දේශනා කළ ධර්මය අසා සිටි යස කුල පුත්ර්යා රහත් විය. අනතුරුව හෙතෙම  බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි විය.
 
යස කුල පුතු ගේ යාළුවන් මහණ වීම
 
යස කුල පුත්‍රයා මහණ වූ බව දැන ගත් ඔහුගේ යාළුවන් වන විමල, සුබාහු, පුණ්ණජී, ගවම්පති යන සතර දෙනා   බුදුරජාණන් වහන්සේ  වෙත පැමිණ පැවිදි වූ හ. ඒ ආරංචිය ඇසූ ඔවුන් ගේ තවත් යාළුවන් පනස් දෙනෙක් ද පැමිණ පැවිදි වූ හ. ඔවුහු ද බණ අසා රහත් වූ හ.
 
දහම්පැතිරවීම
 
 
මේ වන විට බුදුසසුනෙහි පැවිදි වී රහත් වූවෝ හැට නමක් වූහ. එනම් පස්වග මහණුන්, යස කුල පුත්රතයා, ඔහු ගේ යාළුවන් හතර දෙනා සහ අනිකුත් යාළුවන් පනස් දෙනාත් ය. බුදුරජාණන් වහන්සේ ඒ රහතන් හැට නම අමතා ලෝක වාසීන්ට හිත සුව පිණිස ගමින් ගමට, නගරයෙන් නගරයට වැඩම කොට දහම් දෙසන ලෙස වදාළ සේක. බුදුරජාණන් වහන්සේත්, ඒරහතුන් හැට නමත් හැට එක් පෙදෙසකට ගමන් කරමින් ලෝක සත්වයාට යහපත පිණිස දහම් පැතිර වූහ.මේ බුදුරජාණන් වහන්සේ ගේ ප්රරතම ධර්මදූත කණ්ඩායමයි.
 
 
විදේශීය ආක්‍රමණිකයන් යටතට දඹදිව යටත් වූ අවස්‌ථා බොහෝය. ඉන් සමහර සංස්‌කෘතීන් විනාශ වූ අතර සමහර සංස්‌කෘතීන් අලුතෙන්ම බිහි විය.
බුදු දහම බෞද්ධ සමාජයේ දියුණුම තත්ත්වයට පත් වූයේ මෞර්ය සහ ගුප්ත කාල වකවානුවලය. විශේෂයෙන් ධර්මාශෝක මහාරාජයාගේ කාලයේ සංගායනාවක්‌ සිදුකර අසූහාරදහසක්‌ ධර්මස්‌කන්ධය වෙනුවෙන් අසූහාරදහසක්‌ වෙහෙර විහාර කර වූ බවත් විවිධ රටවල ධර්මප්‍රචාරය සඳහා ධර්මදූතයන් පිටත්කර යෑවීමක්‌ සිදුව ඇති බවත් කියෑවේ. සිංහල දීපයට බුදු දහම ලැබුණේ ද ධර්මාශෝක මහරජතුමා නිසාය.
කෙසේ නමුත් මුස්‌ලිම් ආක්‍රමණයන්ට දඹදිව මුළුමනින්ම යටවී ගිය සමයක සියලුම හින්දු හා බෞද්ධ කෝවිල්, පන්සල් විනාශ කළ බව ඉතිහාසය සාක්‍ෂි දරයි.
මෙසේ ක්‍රමයෙන් වසර අටසියයක්‌ දඹදිව බුදුදහමට වගකිව යුතු අයිතිකාරයකු නැතිව සිටින විට දඹදිව ලුම්බිණි, බුද්ධගයා, බරණැස ඉසිපතනය, කුසිනාරාව ආදී සියලුම සිද්ධස්‌ථාන වල් බිහි වී වනාන්තර බවට පත් විය. සමහර බෞද්ධ සිද්ධස්‌ථාන හින්දු භක්‌තිකයන් හා මුස්‌ලිම් භක්‌තිකයන් අතට පත් වූහ.
 

ඉසිපතනාරාමයේ මූලගන්ධකුටි විහාරය අවට බොහොමයක් පුරා වස්තූ ඇත. සංඝාරාම , පැන්පහසු වූ ලිං, පොකුණු, සක්මන් මලු, කුඩා චෛත්‍යයන් වගේම ගබඩා ගෙවල්, ධාතූ නිදන් කල චෛත්‍යයන් දක්නට ඇත. මේ ප්‍රදේශය ඉන්දීය පුරා විද්‍යා දෙපාර්ථමේන්තුවෙන් පාලනය වේ.

මීලඟට……………….. ප්‍රථම වස් කාලය ගෙවූ මූලගන්ධ කුටිය.

“බෙස්ට් ලයිෆ් වන්දනා” සමඟ බුදුන් වැඩිය මඟ පියමැන්නෙමි.

This slideshow requires JavaScript.

බස් රථයේ දී සහ ගුවන් යානයේ දී අපි.

 

ඔක්තෝම්බර් මස 17 වන දින පාන්දර 1.45 ට අපි “බෙස්ට් ලයිෆ් වන්දනා ආයතනය” ට පැමිණියෙමු. “බෙස්ට් ලයිෆ් ආයතනයේ” නම භාවිතා කිරීම පිළිබඳව මුලින්ම සමාව යදිමි. ඒ උදාර මෙහෙවරක් කරන ආයතනයේ නම භාවිතා නොකර මේ ලිපිය කෙසේ නම් ලියන්නද?

ගමනට සහභාගී වූයේ,මමත්,මගේ ලොකු අම්මාගේ දුව වන වර්ණා අක්කා, එයාගේ පොඩි පුතා සඳරු, මගේ කල්‍යාණ මිතුරිය ඩයස් අක්කා, අදිකාරී මිස් හා ලක්ෂ්මි මිස් යන අපේ කණ්ඩායමයි. ඒ වනවිටත් නඩයේ කිහිප දෙනෙක් පැමිණ සිටිය බව දුටුවෙමු. පැය එකහමාරකට පමණ පසුව අප ලියකියවිලි ආදී කටයුතු ඉවර විය. ඊට පසුව අපව චින්තන මහතා විසින් දැනුවත් කරන ලදී. ඊට පසුව උදෑසන බිස්කට් හා කෙසෙල් ගෙඩි සමග තේ පානය කලෙමු. පංච ශීලය සමාදන් වීමෙන් පසුව අජිත් මහතා සහ කීර්ති මහතා විසින් වන්දනා ගමන පිළිබදව පූර්ණ දැනුවත් කිරීමක් කරන ලදී. ඔවුන් දෙදෙනා අප නඩයේ කළමණාකර වරුන්ය. ඉතාම නිහතමානීව ඒ දැනුවත් කිරීම කරන ලදී. මෙම වන්දනා ගමණ සාර්ථක කර ගැනීමට අපේ සහාය ඉතාම අවශ්‍යය බවත් ගෙවල් දොරවල් අත්හැර මේ චාරිකාවේදී ඉතාම සිහියෙන් කටයුතුකර පින් රැස්කර ගන්නා ලෙසත් අපව දැනුවත් කලා. ඉතාම දුර්ලබ භාග්‍යයක් ලැබූ මේ අවස්තාවේ එයින් උපරීම ඵල නෙලා ගැනීමට අධිශ්ඨාන කරගන්නා මෙන් අපෙන් ඉල්ලා සිටියා. උදෑසන 4.30ට අප බෙස්ට් ලයිෆ් ආයතනයෙන් ගුවන් තොටුපල බලා පිටත් වුණි. 7.30 පමණ වෙනවිට අපි ගුවන්තොටුපලට පැමිණියෙමු. ගුවන් තොටුපලට පැමිණියේ ධාරානිපාත වර්ශාව මධ්‍යයයේය.

විදෙස් මුදල් ආදිය මාරුකර ගැනීමෙන් පසුව අප පිටත් වීමට සූදානම් වුණි. අප නඩයේ කිහිප දෙනෙක් රත්නපුර ප්‍රදේශයේ ගිලීමලේ සිරිපාගමින් පැමිණි අය බව දැනගත්තෙමි. අප නඩයේ සිටියේ වයසින් වැඩිමහළු අම්මලා තාත්තලා මෙන්ම සම වයසේ කිහිප දෙනෙක් හා දුවක් හා පුතෙකි. මේ අතර තම මහළු මව ඇවිදීමට නොහැකිව රෝද පුටුවේ සිටියදී වන්දනාවේ රැගෙන ගිය උදාර පුතෙකු ද අප සමඟ සිටිනු දැකීම මහත්වූ භාග්‍යක් කොට සලකමි. උදෑසන 10.30 ට අප වරණාසි බලා පිටත් වුනෙමු. මිහින්ලංකා ගුවන් සේවයෙන් වරණාසි ගමනට පැය තුනහමාරක් ගතවුණි.

ලෝකයේ නොයෙක් රටවල ඇවිදගිය මට මේ ලැබූ භාග්‍යය කෙසේ නම් මිල කරන්න ද? මුලින්ම මා හැදූවැඩූ දෙමාපියන්ටත් මාගේ ආදරණිය මහත්තයාටත් ඉත සිතින්ම මේ සියළුම පින් අනුමෝදන් කරමි. ඔවුන්ගේ දිරිගැන්වීම හා ආධාර උපකාර නොවන්නට මා මේ ගමන කිසිදා නො එනු ඇත. අද සිට දිග හැරෙන්නේ ඒ අසිරිමත් ගමනේ විස්තරයයි. ඔබ මේ සටහන් ඉතාම ඕනෑකමින් කියවන්න. ශ්‍රද්ධාවෙන්ම කියවන්න. රස විදින්න. බුදු පිරිසේ අසිරියේ ආශ්චර්‍යය ඉත සිතින්ම විඳ ගන්න.

අප වරණාසි ලාල් බහදූරි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේ දහවල් 2.05ටය. උශ්ණතවය 33°c. මද සිරිපොද වැස්සේම අපි අපේ බසයට ගොඩවැදුනෙමු. රසවත් බත්වේලක් අපට බසයේ දීම ලැබුණි. මිශ්‍ර එළවළුවක් , පරිප්පු, කරවිල සම්බලයක් හා වම්බටු මාළුවක් එහි විය. කිලෝ මීටර් 30ක් හෝටලයට යන අතරමග සම්මුඛ චෛත්‍යය හමුවේ. වරුණ හා අසී ගංගා දෙකට මැදුවූ නගරය වරණාසි නම් වේ. හෝටලයට එන විට සවස 5.30ට පමණ විය. ශිවම් ගෙස්ට් අපගේ පළමුවන නවාතැනයි. රාත්‍රී යට සාම්බාරු හොද්දක්, ගෝවා මැල්ලුමක් රසවත් ළුනු සම්බලයක් , පපඩම් සමඟින් බත් කා නින්දට වැටුනෙමු.

මේ පළමුවටම අප වන්දනා කළ ඒ සම්මුඛ චෛත්‍යයයේ කතාවයි……..

අප මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට එළැඹීමෙන් පසුව සති හතක්ම එම නේරංජරා ගඟ අසබඩ රමණීය වන ලැහැබෙහි ම කල් ගත කළ සේක. බුද්ධත්වය ලැබීමත් සමඟ ම ලද ලොවුතුරු නුවණ පිළිබඳ ව නැවත නැවත සලකා බලමින් මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ මෙසේ සති හතක් කල් ගෙවූ සේක.

එහි දී භාග්‍යවතුන් වහන්සේ අජපාල නම් වූ නුග රුක් මූලයේ හුදෙකලාව ම වැඩ සිටින විට, තමන් වහන්සේ අවබෝධ කළ ශ්‍රී සද්ධර්මයේ පරම ගම්භීර භාවය හේතු කරගෙන භාග්‍යවතුන් වහන්සේට මෙවැනි සිතුවිල්ලක් පහළ වුණා “මා විසින් අවබෝධ කරන ලද මෙම ධර්මය ගම්භීර යි. දකින්නට දුෂ්කර යි. අවබෝධ කරන්නට දුෂ්කර යි. ශාන්ත යි. ප්‍රණීත යි. තර්කයෙන් දැකිය නො හැකි යි. ඉතා සියුම්. පණ්ඩිතයන් විසින් ම අවබෝධ කළ යුතු යි. මේ මිනිසුන් ආලය ආරාම කරගෙන (නිවෙස කරගෙන) යි වාසය කරන්නේ. ආලයට ම යි ඇලී සිටින්නේ. ආලයෙන් ම යි සතුටු වෙන්නේ. ආලය තුළ වාසය කරන, ආලයට ඇලී සිටින, ආලයෙන් සතුටු වෙන මිනිසුන්ට මේ දෙය දකින්නට දුෂ්කර යි. එනම් යම් මේ ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදයක් තිබෙනවා ද එය යි. එසේ ම මේ දෙයත් දකින්නට ඉතා ම දුෂ්කර යි. එනම් යම් මේ සියලු සංස්කාරයන් ගේ සංසිඳීමක් වේ ද, සියලු උපධීන් අත්හැර දැමීමක් වේ ද, තණ්හාව ක්ෂය කර දැමීමක් වේ ද, විරාගය වූ නිරෝධය වූ ඒ නිවන යි. ඉදින් මම ධර්මය දේශනා කරනවා නම්, එවිට අන් අය මා දේශනා කරන ධර්මය අවබෝධ කර නොගන්නවා නම්, එය මට ක්ලාන්තයක්. එය මට වෙහෙසක්.”
ඒ විදියට කල්පනා කරන භාග්‍යවතුන් වහන්සේට ඉතා ආශ්චර්යවත් වූ පෙර නො ඇසූ විරූ මේ ගාථා ධර්මයන් වැටහුනා..
“මා විසින් දුක සේ අවබෝධ කළ මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීමෙන් පළක් නැහැ.රාග ද්වේශයන්ට ගැති වූ මිනිසුන්ට මේ ධර්මය හොඳින් අවබෝධ කරන්නට බැහැ.”
“උඩුගංබලා යන්නා වූ නිපුණ වූ ගම්භීර වූ දකින්නට දුෂ්කර වූ ඉතා සියුම් වූ මේ ධර්මය රාගයෙන් රක්ත වූ මෝහාන්ධකාරයෙන් වැසී සිටින සත්වයෝ දකින්නේ නැහැ.”
ඒ විදියට කල්පනා කරන භාග්‍යවතුන් වහන්සේ ගේ සිත ධර්ම දේශනා කිරීමට නැමුණේ නැහැ. ඉතින් සහම්පති බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ ගේ සිතිවිල්ල දැනගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දම් දෙසීම පිණිස ආරාධනා කරනු ලැබුවා. එය ධර්මතාවයක් ලෙස ම සිදු වන දෙයක්. ඒ අවස්ථාවේ දී තමයි අප ගේ භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මරාජයාගේ ආරාධනාව සහ ලෝ වැසියන් කෙරෙහි ඇති මහත්වූ කරුණාව මුල් කොට ගෙන බුදු ඇසින් ලෝකය බලා වදාරනු ලැබුවේ. එවිට භාග්‍යවතුන් වහන්සේ ලෝකය දුටුවේ පියුම් විලක් පරිද්දෙනුයි. සමහර පියුම් මඩ ගොහොරුවේ එරී තුබුනා, සමහර පියුම් යන්තම් හිස ඔසවා නැගී සිටියා, තවත් සමහර පියුම් පිපී සුවඳ විහිදුවීමට තරම් භාග්‍ය ඇති පියුමන් වැනි මිනිසුන් දුටු භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කිරීමට තිරීණය කොට සහම්පති බ්‍රහ්මරාජයාට මෙසේ සොඳුරු ගාථා ධර්මයක් වදාළා.

“ඔවුනට අමා දොර විවර කරන ලදි. කණ් ඇත්තෝ සැදැහැ මුදත්වා. බ්‍රහ්මය, වෙහෙසක් ය යන හැඟීමෙන්, ප්‍රගුණ වූ ධර්මය නො කීවෙමි.”

සහම්පති බ්‍රහ්මරාජයාගේ නික්ම යෑමෙන් පසු මුලින් ම දහම් දෙසිය යුත්තේ කවරෙකුට ද කියා භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා. එවිට භාග්‍යවතුන් වහන්සේට සිහිපත් වූයේ ආළාර කාලාම සහ උද්දකරාම පුත්ත යන තමන් ගේ බෝසත් අවදියේ ගුරුවරුන් ව සිටි අයව යි. නමුත් ධර්මය අවබෝධ කරන්නට තරම් භාග්‍යයක් ඇතිව මනුලොව උපතලැබුව ද ආළාර කාලාම දින හතකට කලිනුත්, උද්දකරාම පුත්ත පෙරදා රාත්‍රියේ ත් කලුරිය කළ බව භාග්‍යවතුන් වහන්සේ දැන ගත්තා.
ඉන් පසුව භාග්‍යවතුන් වහන්සේට සිහිපත් වූයේ බෝසත් අවධියේ දී තමන් වහන්සේට ඉතා උපකාර කළ පඤ්චවග්ගීය භික්ෂූන් වහන්සේලායි. උන්වහන්සේලාට මුලින් ම ධර්මය දේශනා කරන්නට භාග්‍යවතුන් වහන්සේ තීරණය කළා. ඉන්පසු දිවැසින් ඔවුන් සිටින්නේ කොහිද කියා විමසා බැලූ භාග්‍යවතුන් වහන්සේ දුටුවේ පස්වග භික්ෂූන් වහන්සේලා බරණැස් නුවර ඉසිපතන මිගදායේ සිටින බව යි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වේ කැමති තාක් කාලයක් වැඩ හිද බරණැස් නුවර බලා පා ගමනින් ම පිටත් ව වැඩියා.
ගයාවත් බෝධි මූලයත් අතර වූ දීර්ඝ මාර්ගයේ වඩින භාග්‍යවතුන් වහන්සේව උපක නම් ආජීවකයා දුටුවා. ඉතා පිරිසිදු බබළන ශරීර වර්ණයකින් යුතුව ගමන් කරන භාග්‍යවතුන් වහන්සේව දුටු උපක බුදු රජුන් ගේ ගුරුවරයා කවුද යන වග විමසා සිටියා.

එවිට භාග්‍යවතුන් වහන්සේ ඉතා ම අසිරිමත් මේ ගාථා ධර්මයන් වදාළා.
“මම සියල්ල අභිභවා සිටින්නෙමි. සියල්ල දන්නෙම් වෙමි. සියලු ධර්මයන් හි නො ඇලුනෙමි. සියල්ල අත් හැර සිටිමි. තණ්හාව ක්ෂය වීම නම් වූ නිවනෙහි විමුක්තියට පත් ව සිටිමි. මා විසින් ම විශේෂ ඤාණයෙන් සියල්ල අවබෝධ කරගත් මම කවරෙක් ආචාර්යවරයා වශයෙන් ගන්නෙම් ද.?”
“මට ගුරුවරයෙක් නැත. මා හට සම අයෙක් ද විද්‍යාමාන නැත. දෙවියන් සහිත ලෝකයේ මා හට සම පුද්ගලයෙක් නැත්තේ ය.”
“මම ලෝකයෙහි රහත් වෙමි. මම අනුත්තර වූ ශාස්තෘන් වහන්සේ වෙමි. ලොව එක් ම සම්මා සම්බුද්ධ වෙමි. සිසිල්භාවයට පත්ව නිවුනෙම් වෙමි.”
“ධර්ම චක්‍රය පැවැත්වීමට කසීරට බරණැස් පුරය බලා යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි අමාදම් බෙරය වයන්නෙමි.”
එවිට උපක භාග්‍යවතුන් වහන්සේට පවසා සිටියේ, ඔබ වහන්සේ පවසන ආකාරයට ඔබ වහන්සේ අනන්තජින වීමට සුදුසු බව යි.
එවිට භාග්‍යවතුන් වහන්සේ උපක අමතා මෙසේ වදාළා.
“යමෙක් ආශ්‍රව ක්ෂය කිරීමට පත්වූයේ ද, මා වැනි ඔවුන් ඒකාන්තයෙන්ම ජින නම් වෙති. උපක, මා විසින් පාපයෝ දිනන ලදි. එනිසා මම ‘ජින’නම් වෙමි.”
උපක අමතා එසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙලින් චාරිකාවේ වඩිමින් බරණැස් නුවර ඉසිපතන මිගදායට වැඩම කොට වදාළා. පස්වග භික්ෂූන් වහන්සේලා දුර දීම තමන් වෙත වඩින භාග්‍යවතුන් වහන්සේව දුටුවා. දැක කතිකා කරගත්තේ, භාග්‍යවතුන් වහන්සේට වන්දනා මාන නොකොට, උපස්ථාන නො කොට, පාත්‍ර සිවුරු පිළි නො ගෙන සිටීමට යි. නමුත් කැමැති නම් හිඳ ගැනීම පිණිස ආසනයක් දිය යුතු බව ද කතිකා කරගත්තා.

කතිකාව එසේ වුවත් භාග්‍යවතුන් වහන්සේ වඩින විට එම කතිකාවතේ පිහිටා සිටින්නට ඔවුන්ට නො හැකි වුණා. පෙරගමන් කොට එක් අයෙක් භාග්‍යවතුන් වහන්සේ ගේ පාත්‍ර සිවුරු පිළිගත්තා. එක් අයෙක් ආසන පැනෙව්වා. එක් අයෙක් පා සෝදන දිය ආදිය පිළිගන්වා තැබුවා. මුලදී පස්වග භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ යැයි පිළිගන්නට කැමති වූයේ නැහැ. නමුත් කරුණු තේරුම් කර දීමෙන් පසු ඒ බව පිළිගන්නට ඔවුන් කැමති වුණා.

එදා ඒ පස්වග තවුසන් වහන්සේලා පෙරගමන් කොට භාග්‍යවතුන් වහන්සේව මුණ ගැසුනු ස්ථානයේ ධර්මාශෝක රජු ස්ථූපයක් ඉදි කරනු ලැබුවා. එම ස්ථූපය හැදින්වෙන්නේ සම්මුඛ චෛත්‍යය යන නමිනුයි. එය පසුකාලීනව මෝගල් වරුන් ගේ ආක්‍රමණ නිසා විනාශ වී ගොස් ආකෘතිය පවා වෙනස් වී තිබෙන නමුත්, අදටත් භාග්‍යවතුන් වහන්සේට පස්වග භික්ෂූන් මුණ ගැසුනු ඒ උතුම් ස්ථානය හදුනා ගැනීම පිණිස මෙම සෑය උපකාර වනවා. වරණාසි උත්තර ප්‍රදේශයේ පිහිටා ඇති නගරයකි. බුද්ධගයාවේ (බිහාර ප්‍රාන්තයේ) සිට වරණාසි දක්වා කිලෝ මීටර් 247ක් දුර බුදුන් වහන්සේ පාගමණින් පස්වග මහණුන් හමුවීම සඳහා වැඩම කර ඇත.

සම්මුඛ චෛත්‍යය – බරණැස් නුවර සම්මුඛ චෛත්‍යය හෙවත් චෞකණ්ඩි චෛත්‍යය නම් මෙය ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ බරණැස පුරවරයේ පිහිටා ඇත. මෙම චෛත්‍යය ‘චෞකණ්ඩි’නම් රජකු විසින් කරවන ලදැයි ද සැලකෙයි. බුදුරජාණන් වහන්සේට පස්වග තවුසන් මුණගැසුණ ස්ථානයේ මෙය ඉදිකළ නිසා මෙය ‘සම්මුඛ චෛත්‍යය’ යැයි නම් කර ඇත. මෙම චෛත්‍යය මුදුන, අටපට්ටම් හැඩයෙන් යුක්ත ය. එම කොටස කරවන ලද්දේ ගුප්ත වංශික රජකු වූ චන්ද්‍ර ගුප්ත විසින් යැයි මතයක් ඇත. එහි මුදුනේ විශාල වලක් ඇති අතර එය දැලකින් ආවරණය කර ඇත. මෝගල් ආක්‍රමණිකයන් විසින් මෙම වලේ තිබුණු නිදන් වස්තු පැහැරගත් බව කියැවෙයි. මෙහි මුදුනට නැගීමට පියගැට පෙළක් ද තනවා ඇත.

අන්‍ය ආගමිකයන් මෙන්ම සමහර ලාංකික වන්දනා නඩ මෙහෙයවන්නන්ගේ මෙහෙයවීම අනුව මෙම චෛත්‍යයට සමහර අය නගින බව කියවුනා. සම්මා සම්බුදු පහස ලැබූ මෙවන් පුද බිම් වැදීමේදී ඔබ නුවනින් කල්පනා කර බලා කටයුතු කරන්න. ධාතූ නිදන්කල ස්ථාන පෑගීම බෞද්ධ අපිට සුදුසු නොවේ. ඔබ කිසි දිනෙක එය නොකරන්නට වග බලා ගන්න.